තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 සැප්තැම්බර් 18, සඳුදා 14:42

ස්වාභාවිකත්වයට මුල්තැන දුන් කේක් නිර්මාණයක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
ස්වාභාවිකත්වයට මුල් තැන දෙමින් පවත්වනු ලබන විවාහ මංගල්‍යයක් වෙනුවෙනුයි මේ කේක් නිර්මාණය. ලී කොටයක ස්වභාවයට මුල්තැනදී සිදුකර ඇති මෙවැනි කේක් නිර්මාණයක් ඔබේ විවාහ මංගල්‍යය වෙනුවෙනුත් සුදුසු ද කියලා බලන්නකෝ

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 10 විශ්කම්භය සහිත කේක් කිලෝ දෙකක්. මේ සඳහා කිලෝ එක බැගින් කේක් දෙකක් සාදාගන්න.

අඟල් 12 විශ්කම්භය සහිත ඩමි එකක්

අඟල් 14 විශ්කම්භය සහිත ඩමි එකක්

ෆොන්ඩන්ට් අයිසිං

රෝයල් අයිසිං

පාච්මන්ට් අයිසිං

ටේ‍්‍ර එකක හැඩයට කපාගත් ලී රාමුවක්

බටර් අයිසිං

සාදන ක්‍රමය

පළමුව සාදාගත් කේක් දෙක ගෙන එක මත එක තබා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු අනෙක් ඩමි දෙක ගෙන ළා දුඹුරු වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඒ ආකාරයට කේක් එකද කවර් කරගන්න. ඉන්පසු ටූල් එකක් ගෙන ඩමි අතර ලී කොටයක ස්වභාවය එන පරිදි ඇඳගන්න. පසුව එම දාර කොටස් මත දුඹුරු වර්ණය ආලේපකර බ්‍රෂ් එකකින් ෂේඩ් කරගන්න. දැන් රෝයල් අයිසිංවලින් ඹ්ධමඥ අකුරු සාදා වේළෙන්නට තබන්න. පසුව එය කේක් එකෙහි ඉහළින්ම සවිකරන්න. පාච්මන්ට් අයිසිං මඟින් රෝස, බේබි ස්බ්‍රෙත් සහ කොළ සාදා වේළෙන්නට තබන්න. ඉන්පසු එම මල් සහ කොළ කේක් එකෙහි සවිකර හැඩගන්වා ගන්න.

දෙවැනි ගමනට රෝස මල්

රෝස මලින් හැඩකළ මේ කේක් නිර්මාණය ඔබේ දෙවැනි ගමන වෙනුවෙන්මයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8 විශ්කම්භය සහිත රවුම් කේක් එකක්. මේ සඳහා කිලෝ එක බැඟින් කේක් දෙකක් සාදා ගන්න.

අඟල් 12 විශ්කම්භය සහිත රවුම් කේක් එකක්. මේ සඳහා කිලෝ දෙක බැගින් කේක් දෙකක් සාදාගන්න.

බටර් අයිසිං

සුදු ෆොන්ඩන්ට් අයිසිං

අගලෙ රිබන් පටියක්

පාච්මන්ට් අයිසිං

 

සාදන ක්‍රමය

පළමුව කිලෝ එක බැගින් කේක් දෙක ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. දැන් ඒ ආකාරයටම අනෙක් කේක් දෙකද සැන්ඩ්විච් කරගන්න. පසුව මේ කේක් දෙකම සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න.

ඉන්පසු මෙම කේක් දෙක වටාම රිබන් පටියක් අලවා ගන්න. පසුව සුදු ෆොන්ඩන්ට්වලින් පටි දෙකක් කපා රෝල්කර අඹරා පහළින් ඇති කේක් එකෙහි රිබන් පටිය උඩින් සවිකරන්න.දැන් රතු පාච්මන්ට් අයිසිංවලින් රෝසමල් සාදා වේළාගන්න. කොළ, කොළ පාච්මන්ට්වලින් සාදන්න. කේක් එකෙහි ඉහළ සිට පහළට මල් කලඹක ආකාරයට මල් ගසාගන්න. මෙහි කේක් ආවරණය කරගැනීම සඳහා ළා රෝස පැහැති ෆොන්ඩන්ට් ද භාවිත කළ හැකියි.

  උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් නිර්මාණ පිළිබඳ උපදේශිකා

සුජාතා ජයරත්න

  

 ඡායා - උපාලි ජයරත්න

867 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 14:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න