තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ඔක්තෝබර් 16, සඳුදා 12:30

ශ්වේත වර්ණයෙන් සැදුම්ලත් මල්වලට එකතු වූ රාජකීය පෙනුම විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
මල් මනාලිය වනදාට මල්මල් ලෝකයක සැරසන්නට සිහින පුරන මනාලියන්ගේ, සිත ප්‍රබෝධවත් කරන තේමාවකුයි මෙලෙස දිගහැරෙන්නේ.

 

මේ විවාහ මංගල්‍යය සඳහා තේමාව වී ඇත්තේ සුදු රෝස මල් ඇතුළු සුදු පැහැති මල් විශේෂයි. ශ්වේත වර්ණය දහසකුත් දේ කියාපායි.

ඉතිං බැලූ බැලූ අත ශ්වේත වර්ණයෙන් සැරසී ගත් මල් නෙතු පියන් අතරට එකතුවද්දී සිත දැහැන්ගත කරයි. පරම පවිත්‍ර බව, නිකැලැල් බව මේ නොයෙකුත් දේ මනාල යුවළගෙන් දිස් වේ. අමුත්තන්ගේ ද සිත් පහන් කරවයි.

ශ්වේත වර්ණ මලින් සැරසී ගත් මල්කම් අතරට පෝරුව, සෙටි බැක් එක, මේස සැරසිල්ල, මනාල යුවළ ඇතුළු දෙවැනි මනාල මනාලියන් දිවා භෝජනයේ දී අසුන් ගන්නා හෙඩ් ටේබල් එක හා වෝකිං අවේ එක එක්කාසු වේ.

ලස්සන ෆ්ලෝරා හි මල්කරුවන් අතින් නිමැවෙන නැවුම් තේමාවන් රැගත් මේ දේවල් ස්වයං රැකියාවෙහි යෙදෙන ඔබේ ද දෑත ශක්තිමත් කරනු ඇත.

නිර්මාණශීලී බවින් හෙබි ඔබේ දෑත ද මෙවැනි ලියකම් කෙරෙහි හසුරුවන්න.

පෝරුව

ශ්වේත වර්ණය අතරින් රාජකීය බවක් හැඟවෙන ලෙස කරඇති මෙම නිර්මාණ අතර පෝරුව සඳහා වයිට් වෙට් ලුක් රෙද්ද අලංකාරවත්ව ඩ්‍රෙසිං කර ඇත. පෝරුවට නඟින පියගැට පෙළ පවා මුළුමනින්ම මලින් වර්ණවත් කොට තිබේ.

සෙටි බැක්

සෙටි බැක් එක අඩි 16 ක් පළල, අඩි 8 ක් උස එකකි. මැද පැනල් එක සම්පූර්ණයෙන්ම මලින් සරසා ඇත. වටේ රාමුව ද සරසා ඇත්තේ ද මුළුමනින්ම මලිනි. රෝමන් පොට්වලට දමා ඇති මල් වටේට විසුරුවා ඇත.

හෙඩ් ටේබල්

මල් සහ කොළ එල්ලා වැටෙන ලෙස සකස් කොට ඇති හෙඩ් ටේබල් එකෙහි විවිධ හැඩැති ඉටිපන්දම් රඳවන තබා ඇත. විසිතුරු මල් බඳුන් සඳහා මුළුමනින්ම මල් එකතු කොට තිබේ.

මේස සැරසිලි

පෝසි හැඩයට රෝසමල් ප්‍රමුඛව ඕකිඩ්, ක්‍රිෂාන්තිමම් ආදි මල්වර්ග එකතුකර තිබේ. මේස සැරසිල්ල වටේට තබා ඇති උසින් වැඩි ඉටිපන්දම්වලින් ලැබී ඇති සෞන්දර්යාත්මක බව ඉතා ඉහළය.

වොක් අ වේ

උත්සව ශාලාවට ඇතුළුවන මඟ දෙපස සරසා ඇති අන්දමයි මේ. වයිට් වෙට් ලුක් රෙද්දෙන් තිරරෙද්දක ආකාරයට සකස් කර ඇත. කාවින් බොක්ස් යොදා ඊට මල් සැරසිල්ලක් ද දමා ඇත.

ඉස්තරම්ම පෙනුමෙන් යුතු මේ මල් සැරසිලි ඔබේ විවාහ මංගල්‍යයේ මතකයන් සුමියුරු මතකයන් බවට පත් කරාවි.

 

විශේෂ ස්තුතිය

ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය ලසන්ත මලවිගේට

 

ඉදිරිපත් කිරීම ලස්සන ෆ්ලෝරාහි අධ්‍යක්ෂිකා

නීතිඥ මධුවන්ති මලවිගේ ගෙනි

612 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 16, සඳුදා 12:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න