තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2013 ජනවාරි 31, බ්‍රහස්පතින්දා 09:55

ඔබේ මංගල උළෙල පවත්වන්න සුදුසුම තැන 'ගෝල්ඩන් රෝස්' විශේෂාංග

ලිව්වේ  සටහන: අයන්ති උඩුගම්පල.
අගයන්න
(1 මනාපය)
තරුණ යුවළකගේ සොඳුරු සිහිනය තම මංගල උළෙලයි. සෑම අතින්ම පරිපූර්ණ වූ ආකර්ෂණීය උත්සවයක් සඳහා ඔවුන් සිහින මවන්නේ වසර කිහිපයක සිටයි. මේ සිහිනය සැබෑකර ගැනීමේ හැකියාව දැන් ඔබ සතුයි.

මංගල උත්සව අරමුණු කොටම සැකසුණු ගෝල්ඩන් රෝස් හි උත්සව ශාලා ඔබේ සිතුම් පැතුම් උදෙසාම නිර්මාණය කොට ඇත. මංගල උත්සවයට සහභාගි වන අමුත්තන් සංඛ්‍යාව අනුව ගැළපෙන උත්සව ශාලාවක් වෙන්කරවා ගත හැකි වීම මෙහි විශේෂත්වයකි. ඒ අනුව ග්‍රෑන්ඩ් බෝල්රූම් හි 650 ක පිරිසකටද, පර්ල් බෝල්රූම් හි 100 ක පමණ පිරිසකටද. ඩයමන්ඩ් බෝල්ඩ්රූ හි 150 ක පමණ පිරිසකටද පහසුකම් සපයා ඇත. සුවිසල් වාහන නැවතුම් අංගනය (Carpark), විශේෂිත වූ විදුලි ආලෝකකරණය, තරු පහේ හෝටලයකට නොදෙවැනි ප්‍රණීත ආහාර වට්ටෝරු ඔබ කැමැති ආකාරයෙන් ලබා ගත හැකියි. එකිනෙකට වෙනස් වූ ආහාර වට්ටෝරු විවිධ මිල ගණන් යටතේ ඔබට ලබා ගත හැකියි.

මංගල උත්සවය මෙහි පවත්වන්නේ නම් පොල්තෙල් පහන, රතු පලස, විවාහ ගිවිස ගැනීමට මේසය, සෙටිය, කේක් එක තැබීමට මේසයක් හා එහි සැරසිලි, මේස සඳහා මල් සැරසිලි, ඇඳුම් මාරු කිරීමට කාමරයක්, බෑන්ඩ් ස්ටෑන්ඩ් යනාදිය ඔබට නොමිලේ ලබා දීමට ගෝල්ඩන් රෝස් සූදානම්.

ගෝල්ඩන් රෝස් උත්සව සඳගාම විවෘතව ඇති බැවින් වෙනත් පිටස්තර බාධාවකින් තොරව ඔබගේ උත්සවය ඉතා පහසුවෙන් පවත්වාගෙන යා හැකිය.

වෘත්තීමය අතින් ඉහළ මට්ටමක සිටින සේවක මඩුල්ලක් “ගෝල්ඩන් රෝස්” සතුවේ. මේ සඳහා එක්ව සිටින්නේ සුපිරි තරු හෝටල්වල හා විදේශීය හෝටල්වල අත්දැකීම් සහිත පිරිසකි.

කොළඹ නගරයේ ඇති මාර්ග තදබදය මඟහැර ඔබේ උත්සව අවස්ථාව මහරගම නගරාසන්නයේ ඇති මේ උත්සව ශාලාවෙහි පැවැත්වීම එයට සහභාගී වන අමුත්තන්ටද පහසුවක් වනවාට සැකයක් නැහැ. එමෙන්ම ගංවතුර වැනි ස්වභාවික ආපදා තත්වයන්ට ගොදුරු නොවන වටපිටවක පිහිටීම නිසා වැසිබර සමයක පැවැත්වෙන උත්සව අවස්ථාවක් වුවද මෙහි නොබියව පැවැත්විය හැකියි. විවාහ මංගල්‍යයක් සංවිධානය කරන්නේ අවුරුදු කිහිපයක සිටයි. එබැවින් ඒ සොඳුරු මොහොත ස්වභාවික ආපදාවක් නිසා හෝ අඩු වීම ඔබේ මහන්සිය අපතේ යැවීමකි.

ආයතනවල පැවත්වෙන විවිධ වු උත්සව අවස්ථා, උපන්දින උත්සව ආදී විවිධ වූ උත්සව පැවැත්වීම සඳහා ද ‘ගෝල්ඩන් රෝස්’ නොපැකිලිව ඔබට ඉඩකඩ ලබා දේ. මෙවැනි උත්සව අවස්ථා සඳහා ඒවාට සරිලන විශේෂිත වූ කෑම වට්ටෝරු ද වේ.

මංගල උත්සව අවස්ථාවේදී ඡායාරූප ගැනීම සඳහා සකසන ලද ශාලාවක් ද වීම මෙහි ඇති විශේෂත්වයකි. එමෙන්ම ශාලාවන් කොපමණ විශාල වුවත් ඒවා කණු නොමැති වන සේ සකසා තිබීම නිසා ඡායාරූප ශිල්පීන්ට මෙන්ම උත්සවය වීඩියෝ කරන අයටද වඩාත් පහසුවක් ගෙන දෙයි.

ඔබ යම් කිසි උත්සව අවස්ථාවකට මේ ශාලාවන් වෙන් කිරීම සඳහා ඒ වෙත යන්නේ නම් ඔබගේ උත්සවය එහි ගැනීමට තීරණය කළත් නොකළත් පැමිණෙන සියලු දෙනාට ආගන්තුක සත්කාර සිදු කිරීම මෙහි විශේෂත්වයකි. ඉන් සංකේතවත් වන්නේ ‘ගෝඩන් රෝස්’ වෙත පැමිණෙන ඔබ සියලු දෙනාම ගෞරවනීය අමුත්තන් වන බවයි.

අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයකදී පාරිභෝගිකයන්ගේ මනාපය පරිදි කටයුතු කරමින් ලබාගත් පැසසුම් ‘ගෝල්ඩන් රෝස්’ හි සාර්ථකත්වය කියා පාන්නකි.

විමසීම් : ගෝල්ඩන් රෝස් ක්‍රියේෂන් කම්ප්ලෙක්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්,

261, මහරගම පාර, බොරලැස්ගමුව.

www.goldenrose.lk

දුරකථන : 011-2545455/ 011-2545955

15135 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 ජනවාරි 31, බ්‍රහස්පතින්දා 10:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න