තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 13:19

සාම්ප්‍රදායික තේමාවට නව අරුතක් විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
මාල හතක් දමා ඔසරිය ඇඳ උඩරට ක්‍රමයට තේජාන්විත අන්දමින් මනාලියක වන්නටයි වත්මනේ බොහොමයක් යුවතියන්ගේ කැමැත්ත. ඒ කැමැත්තට ඉඩහසර විවර කරමින් මල්කරුවන් ද නවමු අංග රැසක් දායාද කරයි.

 

ලස්සන ෆ්ලෝරා හි සෞන්දර්යාත්මක මල්කරුවන් අතින් බිහි වූ විවිධ තේමාවන් රැගත් විශේෂාංගයේ නවතම දිගහැරුමකි, මේ.

සාම්ප්‍රදායික (Traditional) තේමාවට අනුගත වෙමින් සැරසී ගත් විවාහ මංගලෝත්සවය හැඩවැඩ කරන මූලිකාංග කිහිපයයි.

පෝරුව

ගොක් කොළවලින් නිම කළ අපූර්වතම පෝරුව සාම්ප්‍රදායික තේමාවට වඩාත් උචිත ලෙසින් සාදා තිබේ. නිර්මාණකරුවාගේ නිර්මාණශීලී දෑත වඩාත් වෙහෙස මහන්සියෙන් යුතුව එක්කොට ඇත.

ගොක් කොළ අතරට පිච්ච මල්, සුදු පැහැ ක්‍රිෂාන්තිමම්, නෙළුම් මල් සහ පොහොට්ටු, රෝස මල් යනාදිය එක්වීමෙන් නිර්මාණශීලීත්වයට සෞන්දර්යාත්මක බවකුත් එක්ව තිබේ.

සෙටි බැක්

සාම්ප්‍රදායික කැටයමක් පැනල් එකක නිමවා ඇති අන්දම සෙටි බැක් එකෙන් දිස් වේ. දෙපැත්තෙන් ඇත්තේ මල්වලින් කළ පැනල් එකකි. උස මට්ටම් 3 කින් යුතු කළගෙඩි තුනකට මල් දමා විිසිතුරු කරතිබේ.

පහන - කිරි කළ නෑවීම - කිරිබත් ආකෘතිය

මේ සියල්ල සාම්ප්‍රදායික තේමාවට උචිත අන්දමින් සකසා තිබේ. පොල්තෙල් පහන කැටයම් පිලර් එකක පැත්තෙන් එල්්ලෙන ලෙස සකසා ඇත.

ඇතුළුවීමේ දොරටුව (Entrance)

පිච්ච මල් උයනකට පිවිසියා වැනි හැඟීමක් ඇතිවේ. වියනක් මැදින් ඇතුළුවීමේ දී ප්‍රෞඪත්වයක් සිතට දැනෙනු නොඅනුමාන ය.

මේස සැරසිලි

මේ තරමක් උසට සකස් කළ මේස සැරසිල්ලකි. උස වහලයක් සහිත උත්සව ශාලාවක පැවැත්වෙන මංගලෝත්සවයක දී මෙවැනි මේස සැරසිල්ලක් එක් කිරීම සුදුසු ය. පිච්ච මල්, කළයකින් කඩා හැලෙන ලෙස සකසා තිබේ.

හෙඩ් ටේබල් එක

මේස සැරසිල්ල සඳහා ගත් සැරසිල්ලට සමාන වූවකි.

මෙම මංගලෝත්සවය සඳහා නෙළුම් මල් සහ පොහොට්ටු එකතුකර තිබීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් නෙළුම් මල් යොදා ගන්නේ විරල වශයෙනි.

 

 

 

විශේෂ ස්තුතිය
ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය
ලසන්ත මලවිගේට



ඉදිරිපත් කිරීම ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා
නීතිඥ මධුවන්ති මලවිගේ ගෙනි

492 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 13:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න