තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

2017 දෙසැම්බර් 19, අඟහරුවාදා 10:45

හෑන්ඩ්ලූම් සාරියට පැච්පොයින්ට් රටා

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
පැච්පොයින්ට් රටාවෙන් නිමැවුණු අපූරු හෑන්ඩ්ලූම් සාරියක්. බලන්න, ඔයාලටත් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් ද කියලා.

 

වෙළෙඳපොළෙන් ගන්න හෑන්ඩ්ලූම් සාරිය නිකම්ම අඳිනවාට වඩා ඒකට නව නිර්මාණයන් එකතු කරලා අඳින්න පුළුවන් නම් මොනතරම් වටිනවද? මේ දේවල් හරිම පහසුවෙන් කරගන්නත් පුළුවන්. ආකර්ෂණයත් ඉහළයි.

අවශ්‍ය ද්‍රව්‍ය

හෑන්ඩ්ලූම් සාරියක්

සාරියට ගැළපෙන අයුරින් වර්ණ දෙකකින් තනිපාට හෑන්ඩ්ලූම් රෙදි

ෆැබ්රික් ග්ලූ

කෝඩ් නූල්

පොල් කටු බොත්තම්

නිර්මාණය කිරිම

මෙම ඔසරියේ මෝස්තර නිර්මාණය කිරීම සඳහා සාරියට ගැළපෙන පරිදි රෝස පාට සහ කොළ පාට හෑන්ඩ්ලූම් රෙදි යොදාගෙන ඇත. මෝස්තරය නිර්මාණය කිරීමේදී පළමුව රෝස රෙදිවලින් මලුත් කොළ රෙද්දෙන් කොළත් කපා ගන්න. ඉන්පසු රෙදි අලවන ගම් වර්ගයක් භාවිතකර ඔසරියට ගැළපෙන සේ පල්ලුවටත් සාරි පොටටත් මල් සහ කොළ අලවා ගන්න. එය හොඳින් වේළුණු පසු නිර්මාණය වටේ කෝඩ් නුල් අලවා ගන්න. ඔබට මැසීමේ හැකියාව ඇත්නම් අලවනවාට වඩා යෝග්‍ය වන්නේ මල් සහ කොළ වටා මසා ගැනීමයි.

මල් මැදට පොල් කටු බොත්තම් ඇල්ලීමෙක් ඔසරියට නව පෙනුමක් ගෙන දෙනු ඇත.

 

 

උපදෙස් ප්‍රවිණ සාරි මෝස්තර

නිර්මාණ ශිල්පිනී

ප්‍රභා මාහිංගොඩ

 

 

 

 

 ඡායා - ශාන් රඹුක්වැල්ල

1571 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 19, අඟහරුවාදා 10:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න