තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2013 මාර්තු 25, සඳුදා 15:29

මංගල ඡායාරූපකරණයේ දිදුළන නම ප්‍රවීන් වෙල්ලාල

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(4 මනාප)
ප්‍රවීන්ගේ කැමරා ඇසට හසුවන්නේ පියවි ඇස අභිබවන සෞන්දර්යකි. ඒ නිසාම ඔබේ විවාහ මංගල්‍යයේ සොඳුරු මතකයන් ස්ටූඩියෝ ප්‍රවීන් වෙතින් අසිරිමත් මංගල ඡායාරූප ඇල්බමයකට එක් රැස් වේ. මේ ලංකාවේ ප්‍රධාන පෙළේ මංගල ඡායාරූප ශිල්පීන් අතරට නම රැන්දූ ස්ටුඩියෝ ප්‍රවීන් අධිපති, ප්‍රවීන් වෙල්ලාල අපූර්ව ප්‍රතිභාවක රහස හෙළිදරව් කරන අයුරුයි.

"පවුලේ උරුමයක් ලෙස මගේ අතට කැමරාවක් ලැබෙද්දී මට යාන්තමින් වයස අවුරුදු දහතුන පිරුණා පමණයි. මගේ තාත්තා ටී.එච්. වෙල්ලාල වගේම බාප්පා ප්‍රවීණ ඡායාරූප ශිල්පින් වීම මට අභිමානයක් වුණා.

මේ උරුමයේ ප්‍රතිභාව වඩාත් මුවහත් කර ගැනීමට පාසල් වියෙන් පසුව ලාල් හෑගොඩ මහතා යටතේ දෑ අවුරුදු ඡායාරූප පාඨමාලාවක් හැදෑරුවා. ඒ අනුව ක්‍ෂේත්‍රයට ඇවැසි දැනුමෙන් සන්නද්ධවී 2006 වසරේදී ස්ටුඩියෝ ප්‍රවීන් ආයතනය පටන් ගත්තා. මංගල ඡායාරූප කරණයට මගේ වෘත්තීය ප්‍රවේශය සිදු වන්නේ 1999 දීයි.

එදා මෙන්ම අදත් මා වෙහෙසෙන්නේ පාරිභෝගිකයට උපරිම සේවයක් ලබා දෙන්නටයි. සහායකයකුට කැමරාව පැවරුවාට මගේ කැමරා ඇස පවරන්න බැහැ. ඒ නිසා භාරගත් මංගල උත්සවයක සියලු අවස්ථා මා විසින්ම ඡායාරූප ගත වනවා.

ස්ටුවියෝ ප්‍රවීන් මංගල ඇල්බමයේ හැම ඡායාරූපයකටම විශේෂ කලාත්මක බවක් එක්වීමේ රහස එයයි.

ලංකාවේ මංගල ඡායාරූප කරණයේ ඉහළම තාක්‍ෂණය හා තාක්‍ෂණික දැනුමෙන්ද ස්ටුඩියෝ ප්‍රවින් පරිපූර්ණයි. ඒ නිසා අපගේ සේවාදායකයන්ට ඉහළම මට්ටමේ සේවයක් සැලසෙනවා. යුවතිපතීන්ගේ යුග බැම්ම සමග දිගුකලක් පවතින සොඳුරුතම මංගල ඡායාරූප ඇල්බමයක් දින 30 ක් වැනි කෙටි කලකදී ලබාදීමට අප දැන් සූදානම්.

සැබැවින්ම මා සාර්ථකත්වයට නැංවුයේ පාරිභෝගික තෘප්තිය උදෙසාම වූ මේ ඇප කැපවීමයි."

දුරකථනය: 0777 204 122 , 0777 915 321

 

10081 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 මාර්තු 25, සඳුදා 15:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න