තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

මංගල කේක් සිරස්තල

2018 ජනවාරි 02, අඟහරුවාදා 15:00

සුබ පැතුම් ගෙනා කේක් එකක ආකර්ෂණය

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
වසරක් ගෙවීගොස් තවත් නවමු වසරක් උදාවුණා. මේ පරණ අවුරුද්ද ගෙවිලා ගියේ අලුත් අවුරුද්දට නැවුම් බව වගේම ප්‍රබෝධවත් බවක් උදාකර දෙමිනුයි. සෑම අතකින්ම අලුත්වුණු මේ අවුරුද්දෙ ඒ අලුත් බව නෙත්පුරා දකින්නට, අත්විඳින්නට අප සිටින්නේ දහසකුත් පැතුම් ප්‍රාර්ථනාවන් හදතුළ පුරෝ ගනිමින්.

 

පසන් නිවෙසට සිරියාව කැන්දන් එන තරුණිට වගේම තරුණි පාඨක ඔබටත් ලැබුවාවූ අලුත් අවුරුද්දට සුබ පතන්නට අප හා එක් වන්නේ ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ප්‍රදීකා විජේසූරිය මහත්මියයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 16 බේස්බෝඩ් එකක්

අඟල් 14 x 5 රවුම් කේක් එකක්

අඟල් 10 x 4 රවුම් ඩමි එකක්

අඟල් 6 x 5 රවුම් ඩමි එකක්

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

අඟලක් පළල රෝස පැහැති ස්ටෝන්ස් යෙදූ පටියක්

 

සාදන ක්‍රමය

පළමුව ඔබට කැමැති වර්ගයකින් අඟල් 14 ය 5 ප්‍රමාණයට රවුම් කේක් එකක් සාදාගන්න. ඉන්පසු එය හොඳින් නිවුණු පසු දෙකට කපා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. පසුව සම්පූර්ණ කේක් එකවටා බටර් අයිසිං තවරා ගන්න. දැන් රෝස පාට ෆොන්ඩන්ට් අයිසිංවලින් රවුම් කපාගන්න.

එම රවුම් පෙන්සිල් ටූල් එකක් ආධාරයෙන් රැලි කරගන්න. පසුව එම පෙතිවලින් සම්පූර්ණ කේක් එකම කවර් කරගන්න. දැන් අඟල් 10 ය 5 ඩමිය ගෙන එය ක්‍රීම්පාට ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. පසුව සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් හයිඩ්‍රෙන්ජියා මල් කටරය භාවිත කරමින් මල් කපා ගන්න. ඒ මල් වතුර ස්වල්පයක් මඟින් ක්‍රීම් ඩමියේ රටාවකට අනුව අලවා ගන්න. පසුව නොම්බර දෙක නොසලයෙන් එම මල් සම්බන්ධ කරමින් ජිෆියෝ ආකාරයට මෝස්තරයක් දමාගන්න.

දැන් සුදු ෆොන්ඩන්ට් කවර් කරගත් තෙවැනි ඩමිය තබා ගන්න. ඒ වටා ගෝල්ඩ් වර්ණයෙන් වර්ණ ගන්වාගත් ප්‍රමාණ කීපයකින් කපාගත් රවුම් කපා රටාවකට අනුව අලවාගන්න. ඩමි තුනෙහිම යටින් රෝස ස්ටෝන්ස් පටි අලවන්න. උඩටම රෝසපාට පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝසමල් පොකුරක් තබාගන්න. කේක් එකෙහි මැදට රෝස ෆොන්ඩන්ට් අයිසිං මඟින් කපාගත් සුබපැතුම අලවාගන්න.

 

 

 

 

 

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

 

උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

 

ප්‍රදීකා විජේසූරිය

422 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න