තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

2018 පෙබරවාරි 26, සඳුදා 15:51

සැහැල්ලු ගමන කට ආකර්ෂණීය ගවුමක්

ලිව්වේ  කුසුම් පටබැඳිගේ
අගයන්න
(0 මනාප)
විලාසිතාවලට තාරුණ්‍ය නිතැතින්ම ළෙන්ගතුයි. ඒ නිසාමනේ වෙළෙඳපොළ පීරා ගොස් නවීන ඇඳුම් මෝස්තර සොයා ඔබ වෙහෙසෙනුයේ. ඉතිං තරුණී එක්ක අත්වැල් බැඳගෙන ඉන්න ඔබට නම් එවැනි කරදර නැහැ.

 

බලන්නකො අදත් අපි ඔබට අලුත්ම විලාසිතාවේ ආකර්ෂණීය ගවුම් මෝස්තරයක් තිළිණ කරනවා.

යෙහෙළියන් සමඟ විනෝද ගමනක් යන්න කදිමට ගැළපේ.

අවශ්‍ය මිමි

ඉණ උස

ගවුම උස (01 ගවුම)

ගවුම උස (02 ගවුම)

උකුළ උස

උරහිස

අත දිග

අත වට

උකුළ වට

මෙම ඇඳුම ගවුම කොටස් දෙකකින් යුක්ත වේ.

මුල් ගවුම ඉදිරිපස පතරොම කපා ගැනීම. (යට කොටස)

මෙම ඇඳුම ඒ ලයින් හැඩයට සකසා ඇත. එම හැඩයට අවශ්‍ය ප්‍රමාණයට රෙදි කොටස නවා තිරස් අතට රේඛාවක් ගසා ගන්න. එම රේඛාවේ උරහිස දෙකෙන් බෙදා මැහුම් වාසි අඟල් 1/2 ක් සමඟ ලකුණුකර උරහිස හැඩය සම්මත මිම්ම අනුව ඇඳගන්න. එම රේඛාවේ සිට ඉණ මිම්මට අඟල් 1/2 ක් මැහුම් වාසි එකතුකරන්න. ගවුම උසට මැහුම් වාසි අඟල් 1 ක් එකතු කරන්න. කිහිලිකට සඳහා උරහිස දෙකෙන් බෙදන්න.

එහි මහත පපුවට හතරෙන් බෙදා එයට සම්මත මිම්ම අඟල් 1 1/2 ක් ලකුණු කරන්න. ඉණ මහත, ඉණවට හතරෙන් බෙදා එයට අඟල් 1 1/2 ක් එකතු කරන්න. උකුළ මහත හතරෙන් බෙදා ලිහිල් මිනුම අඟල් 1/2 ක් ද මැහුම් වාසි අඟල් 1/2 ද එකතු කරන්න. ගවුමේ පහළ වාටියට එම උකුළ මිම්ම සඳහා අඟල් 1/2 ක් හෝ සම්මත අඟල් 2 1/2 ක් ඇඳගන්න. මුළු පළල අඟල් 15 ක් ලෙස ලකුණු කරන්න. කිහිලිකට හැඩය ද ඇඳ එතැන් සිට අංශය හැඩය යාකර කපාගන්න. ඉදිරිපස නැම්ම කෙළවර සිට අඟල් 6 ක් ඉහළට ලකුණුකර කවාකාර හැඩය ඇඳ කපා ගන්න.

පිටුපස පළුව

ඉදිරිපස හැඩය පිටුපස පළුව සඳහා පිටපත්කර ගන්න. පිටුපස පළුව උරහිස ප්‍රමාණය අඟල් 1 ක් ඉහළට ගෙන යාකර පිටුපස කර හැඩය ඇඳ කපා ගන්න.

ගවුමේ දෙවැනි කොටස කපා ගැනීම

පළමු ගවුම කොටසේ ඉදිරිපස පළුව පිටපත් කරගන්න. එම උසට වඩා අඟල් 6 ක් පමණ උසින් අඩුකර ගන්න. මුල් ඇඳුමේ කර පළලින් අඟල් 1/2 ක් ලකුණු කරන්න. එතැන් සිට පහළට වාටිය දක්වා රේඛාවකින් යා කරන්න. ධ්ධ්ධ් රූපය බලන්න. අංශය පළමු කොටසේ හැඩයම ඇඳ කපා ගන්න. ඉදිරි කර පේසිමට කර ඇඳ ගන්න. අඟල් 2 ක් ප්‍රමාණයට කපා ගන්න. ධ්ධ් රූපය බලන්න.

දෙවැනි ගවුමේ පිටුපස පළුව

මේ සඳහා මුල් ගවුමේ කොටසම පිටපත්කර ඇඳ කපා ගන්න.

එහිදී උස අඟල් 6 ක් අඩුකර ගත යුතුයි.

අත

අවශ්‍ය අත උස සහ මැහුම් වාසි සමඟ ලකුණු කරන්න. අත සිරස් රේඛාවේ සිට අඟල් 3 1/2 ක් පහළින් මහත්කර ගන්න. උරහිස දෙකෙන් බෙදා ලකුණු කරන්න. අතවට දෙකෙන් බෙදා මැහුම් වාසි සමඟ ලකුණු කරන්න. අත් හැඩය ද ඇඳ කපා ගන්න.

ගවුම මසා ගැනීම

ඉදිරිපස කොටස් දෙක එකට තබා උරහිස් මූට්ටු කරන්න. එය ඉදිරිපස පළුවට අවශ්‍ය හැඩය දක්වා මසා ගන්න. කර පේසිම කරට ඇල්ලීමට පෙර එය අවශ්‍ය හැඩයට නවා අයන්කර ගෙන කරට අල්ලා ගන්න. අත වාටිය මසා කඳ කොටසට අල්ලා අංශය ගවුම් කොටස් 2 වෙන වෙනම මූට්ටු කරන්න. ගවුම කොටස් දෙක මසා නිමකර ගන්න.

 

 

උදයංගනි ලියනආරච්චි

 

උපදෙස් - ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

 

 

969 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 26, සඳුදා 15:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න