තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

2018 මාර්තු 27, අඟහරුවාදා 13:23

මල් මංගල්ලෙට මලින් පිරුණු කේක්

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
වර්ණ කීපයක් තේමාව ලෙස යොදාගන්නා මනාල යුවළකටයි මේ කේක් නිර්මාණය. දමිළ මනාල යුවළකට මෙවැනි කේක් නිර්මාණයක් විශේෂයෙන්ම ගැළපෙන නමුත් ඔබට අවශ්‍ය පරිදි මල්වල වර්ණ වෙනස්කර ගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8 ය 5 රවුම් ඩමි එකක්

අඟල් 12 ය 6 රවුම් ඩමි එකක්

අඟල් 16 ය 7 රවුම් ඩමි එකක්

ෆෝන්ඔන්ට් අයිසිං

ගෝල්ඩ් රිබන්

පර්ල්ස්

පාච්මන්ට් අයිසිං

 

සාදන ක්‍රමය

පළමුව ඩමි සියල්ල ෆොන්ඩන්ට් අයිසිං මඟින් කවර් කරගන්න. ඉන්පසු එම ඩමි පිළිවෙලින් බේස්බෝඩ් එක මත තබා ගන්න. දැන් ඩමිවල යටින් ගෝල්ඩ් රිබන් අලවන්න. එහි වටේට ගෝල්ඩ් පාටින්ම බීඩ්ස් වැල් අලවන්න.

දැන් ඩමි වටා රටාවකට අනුව පර්ල් අලවා ගන්න. ඉන්පසු වර්ණ කීපයක පාච්මන්ට් අයිසිං මඟින් රෝස, ඩේසි, ඕකිඩ්, පෙටුනියා සහ හයිඩ්‍රින්ජියා මල් සාදා කේක් එකෙහි ඉහළින් සහ පහළම ඩමිය වටා බේස් බෝඩ් එක වැසෙන පරිදිත් රඳවා කේක් එක අලංකාර කරගන්න.

 

 

 

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ලංකා චාන්දනී

 

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

1823 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 27, අඟහරුවාදා 13:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න