තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

2018 මාර්තු 27, අඟහරුවාදා 13:27

අෂ්ටක කියද්දී පෝරුව මත ඇදගෙන වැටුණොත්... විශේෂාංග

Written by 
අගයන්න
(2 මනාප)
“මගෙ ඔළුව රිදෙනවා. මට කැරකිල්ල හැදෙන්න වගේ.” ඔබ කියනවා. ඔබට හිතෙනවා. ඔබ තුළ යම් විපර්යාසයක් ඇතිවෙමින් තිබෙන බව ඔබට දැනෙනවා. ඉතාමත්ම සුළු වේලාවකින් ඔබගේ දෙපා වාරුනැතිවන බව ඔබට දැනෙනවා. ඔබ වඩාත් කල්පනාකාරිව ළඟපාත අසුනකට බර දෙන්නේ ඒ හින්දයි. ජීවිතයට කරදර එන්නේ කලින් කියලා නෙමෙයි.

 

අපි දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. අපේ කිසි සූදානමකුත් නැහැ. ගහෙන් ගෙඩියක් වැටෙනවා වගේ කරදර එනවා. කරකැවිල්ල හැදීමත් එහෙම කරදරයක් තමයි. කරකැවිල්ල හෙවත් භ්‍රමණය රෝගීන් අතර තරමක් දැකිය හැකි රෝග ලක්ෂණයක්.

හිතන්න... ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකදී කරකැවිල්ල හැදුණොත් කොහොම වෙයිද? හැම තැනම හැම දෙයක්ම කැරකෙනවා වගේ දැනුණොත්, දෙපා වාරු නැතුව ඇදගෙන වැටුණොත් ඔබේ හිතමිතුරන් සමීපතමයන් නෑදෑයන් මොනවා හිතාවිද? ඔවුන් ඇස් හීන් කරලා ඔබ දෙස බලාවි.

මොන මොනවා හෝ කුටු කුටු ගාවි. කෙන්ද කන්ද කරලා සිදුවීමට තටු උපද්දලා දුර ඇමතුම් ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ කතාව පියඹලා යවලා රසකර කර තලු මරාවි. සමහරවිට අෂ්ටක කියද්දී මංගල පෝරුව මතදී කරකැවිල්ල හැදිලා ඇදගෙන වැටුණොත් ඒ ගැන මොන තරම් කතා හැදේවිද? සමාජයේ හැටි එහෙම තමයි. නමුත් කරකැවිල්ල කියන්නේ එසේ සමාජ විග්‍රහයන් ඉදිරිපත් කළයුතු සහ දෝෂාරෝපණයට බඳුන් විය යුතු ලක්ෂණයක් නොවෙයි. කෙනකුගේ දුකකද,ී කරදරයකද,ි පීඩාවකදී ඔහුට හෝ ඇයට තව තවත් මානසික පීඩා නොකර හැබෑව දකින්න. කරකැවිල්ල කියන්නේ නිරෝගිව සිටින අයට පවා ශරීරයේ ඉතා සුළු වෙනස්කමක් හේතුවෙන් හටගන්නා රෝග ලක්ෂණයක් මෙන්ම රෝග රැසක ආරම්භයට හේතු සාධක විය හැකි තත්ත්වයක්.

හිස තරමක් බරට දැනෙනවා නම්, ඇවිද යන විට යම් අපහසු බවක් දැනෙයිනම්, අත් සහ විශේෂයෙන් දෙපා පණ නැතිවී යනවා දැනෙනවා නම්, සිටගෙන සිටීමට අපහසු නම්, නේත්‍ර දෝලනය හෙවත් තමා අවට පරිසරය බොඳවී පෙනෙනවා නම්, ඇස් කෙවෙනි තුළින් වේදනාව ඇතිවෙනවා නම්, ඇඟ පත සුදුමැලි වී දහදිය වැඩියෙන් දැමීම සිදුවෙයි නම්, හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය බරපතළ ලෙස අඩු හෝ වැඩිවීම සිදුවෙයි නම්, වමනය ඔක්කාරය සහ මලපහවීමේ සංවේදනයන් ඇතිවෙයි නම් ඒවා කරකැවිල්ල හෙවත් භ්‍රමණය ඇතිවීමේ ආසන්නතම ලක්ෂණයන් වෙයි.

රෝගය දරුණු ලෙස ඇතිවන අවස්ථාවලදී ඇස් නොපෙනීම සහ සිහි නැතිවීමද සිදුවෙනවා. කැරකැවිල්ල තුන් ආකාරයකට විස්තර කළ හැකියි. තමා අවට පවතින වස්තූන් හෝ පරිසරය හෝ ඒ දෙකම භ්‍රමණය වන්නාක් මෙන් දැනෙන සංවේදනයක් ඇතිවීම, අවට පරිසරය හා වස්තූන් නිශ්චලව තිබියදී තමා කරකැවෙන්නාක් මෙන් දැනීම, තමාගේ දෙපා චංචලවී වාරු නැතිවී වැටෙන්නට යන්නාක් මෙන් හැඟීම, ඉහත ආකාරයන්ගෙන් එකක්, දෙකක් හෝ තුන් ආකාරයම කරකැවිල්ල ඇතිවන විට කෙනකු තුළ ඇතිවෙනවා.

කරකැවිල්ල ඇතිවීමට හේතුවන ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගත හැකියි. හිස්කබල තුළ හටගන්නා අර්බූද, ගෙඩි, පිළිකා ආදිය හේතුවෙන් කරකැවිල්ල හටගත හැකියි. අනුමස්තිෂ්කයේ පහත කොටසේ සුළු පීඩාවකදී හෝ අනුමස්තිෂ්කයේ පශ්චිම ආධාර ධමනියේ ලේ කැටියක් හිරවූ විට දරුණු ලෙස කරකැවිල්ල ඇතිවෙයි. මස්තිෂ්ක ස්ථම්භයේ පීඩාවන් හිදීද වමනය, තිව්‍ර කරකැවිල්ල ඇතිවී බිම පතිතවීම පවා ඇතිවිය හැකියි. ඍධ්ධ්ධ් වන කපාල ස්නායුව ආශ්‍රිතව ඇතිවන ආබාධයකදී ද කරකැවිල්ල හටගත හැකියි.

මිග්‍රේන් රෝගය හේතුවෙන් සහ වාහනවල ගමන් කරනවිට වමනය ඇතිවීමේ රෝගය හෙවත් ථධබඪධද ඵඪජඬදඥඵඵ නමැති රෝගයේ ලක්ෂණයක් ලෙසද කරකැවිල්ල හටගනි. ඇසෙහි බාහිර පේශියක් හෝ වැඩි ගණනක් අප්‍රාණිකවීම හේතුවෙන් දෙඇසට පෙනෙන රූප එක්වී නොපෙනෙයි. මේ ආකාරයට වෙන් වෙන්ව රූප පෙනීමේ හේතුව නිසාවෙන්ද කරකැවිල්ල හටගනී. කනෙහි පීඩාවන් හේතුවෙන්ද කරකැවිල්ල හටගත හැකි අතර ඒ සඳහා බාහිර කර්ණ කුහරයේ කලාඳුරු පැවැතීම, මධ්‍ය කර්ණය පැසවීම, අන්තඞකර්ණයට ලේ සැපයීම හීනවීම ආදි හේතූන් මූලික විය හැකියි. උන්මාද රෝගයේදී ද කරකැවිල්ල ඇතිවෙයි. මීට අමතරව අපස්මාර රෝගීන්ට රෝග පාලනය ලබාදෙන විශේෂ ඖෂධ හේතුවෙන්ද කරකැවිල්ල ඇතිවිය හැකියි.

ඉහත සඳහන් කළ රෝග හේතූන්ට අමතරව නිරෝගී අයටද සමහරවිට කරකැවිල්ල ඇතිවීම හඳුනාගත හැකියි. ඒ සඳහා ද බොහෝවිට හේතු වන්නේ ඇසෙහි ක්‍රියාකාරිත්වයයි. උස් ස්ථානයක සිට එක්වරම පහත බැලීමේදී කෙනකුට කරකැවිල්ල ඇතිවිය හැකියි. එකවරම දෑසට දැනෙන නුපුරුදු වේගවත් බව සහ වෙනස්වන රූපයේ ගැඹුරද මේ සඳහා හේතුවෙයි.

එමෙන්ම වේගයෙන් ගමන් ගන්නා දුම්රියක් අසල හිඳ බලාගෙන සිටීමේදී ද කරකැවිල්ල හටගත හැකියි. දෑසට දැනෙන විඩාබර බව වේගවත් බව මේ සඳහා හේතුවෙනවා.

ඉහත සඳහන් කරන ලද කිසිඳු හේතුවක් මත නොවී කරකැවිල්ල හදාගන්නා හැටි ගැන ඔබ හොඳින්ම දන්නවා ඇති. මත්පැන්, මත් පෙති, මත්ද්‍රව්‍ය ගැනීමත්, මත් දුම් වර්ග ආඝ්‍රාණය කිරීමත් මේ සඳහා හේතු වෙනවා.

එවිට සමබරතාවය බිඳ වැටී ඉබේටම බිම පතිත වීමට සිදුවෙනවා. රෝගයක් හේතුවෙන් නොවී රෝගියකුද නොවී ස්වභාවික වූ ප්‍රකෘති හැසිරීමෙන් බැහැරව හිඳින ඔබ එලෙස බිම පතිත වුවහොත් එසේ බිමට වැටෙන්නේ ඔබගේ ආත්ම ගෞරවය බවද එවැනි අය මතක තබාගත යුතුයි.

ඔබට කරකැවිල්ල සෑදෙනවා නම්, සෑදී තිබෙනවා නම් ඒ සඳහා පැහැදිලි හේතූන් තිබෙන බව දැන් ඔබට පැහැදිලියි. එබැවින් ඒ පිළිබඳව සලකා බැලිය යුතුයි.

එසේ සෑදෙන හෝ සෑදුණු කරකැවිල්ල පිටට නොපෙනෙන නොදැනෙන රෝගයක පූර්ව දැනුම්දීමක් හෝ අනතුරු ඇඟවීමක් විය හැකියි. මුහුදේ තිබෙන අයිස් කඳු පිළිබඳව ඔබ අහලා තියෙනවා. මතුපිටට පෙනෙන්නට තිබෙන ප්‍රමාණයට වඩා අති විශාල ප්‍රමාණයක් මුහුද යට පැතිරි තිබෙනවා. කැරකිල්ල, කරකැවිල්ල, ක්ලාන්තය හෝ භ්‍රමණයද එසේ විය හැකියි.

පෙනෙන දකින රෝග ලක්ෂණ හරහා නොපෙනෙන, නොදකින, සැඟවුණ රෝග මූලය නිසි පරීක්ෂාවන් මඟින් හඳුනාගත යුතුයි. වෛද්‍යවරයා වෙත ගිය විගසින් බෙහෙත ලියා ඔබව හරවා නොඑවන, ඔබට කතා කළ හැකි, ඔබට ඇහුම්කන් දෙන, ඔබව ඉවසන, ඔබ වෙනුවෙන් කාලය වැය කිරීමට හැකි වෛද්‍යවරයෙකු සොයා යන්න. ආයුර්වේද ප්‍රතිකාර ලබා සැඟවුණු රෝග පහසුවෙන් සුවකර ගන්න.

 

වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය-පිළියන්දල

3495 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 27, අඟහරුවාදා 13:29
මේ යටතේ එන අනෙකුත් ලිපි: « අෂ්ඨක
අදහස් එක් කිරීමට ලොග් වෙන්න