තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

2018 අප්‍රේල් 24, අඟහරුවාදා 13:55

මංගල දිනයේ සොඳුරු දසුන් මවන සැරසිලි... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
මංගල දිනය ජීවිතයේ ඇති සොඳුරුතම දිනය කරගැනීමට විවාහ වීමට සිටින සෑම යුවළක්ම කැමැත්තක් දක්වති. සුන්දර ලෙස හැඳපැලඳ කඩවසම් මනාලයෙක් සුන්දර මනාලියක් ලෙස සැරසෙන එම දිනයේ උත්සවය පැවැත්වෙන ස්ථානය ද දිව්‍ය විමානයක් මෙන් සොඳුරු දසුන් මවනවාට අකැමැති කවුද? ඒ නිසාම විවාහ මංගල්‍යයකට මල් නැතිවම බැරි දෙයක් වෙලා.

 

මේ නිසා මනාලියගේ මල් කලඹ, හිස සැරසිල්ලේ සිට පෝරුව, මනාල යුවළ සිටින පුටුව පිටුපස, මේස සැරසිලි, උත්සවය පැවැත්වෙන ස්ථානයේ සියලුම සැරසිලි සඳහා මල් යොදා ගන්නේ මේ සුන්දරත්වය ඉස්මතු කිරීම සඳහාමයි.

එහෙත් නවමු අදහස් යොදා සකසන සැරසිලි කලාවක් ද මේ වන විට ජනපි‍්‍රය වෙමින් පවතී.

එහිදී පරණ අයිතමයන් අලුත්වැඩියාකර මේ සඳහා යොදා ගැනීමට හැකිවනවා මෙන්ම අප සැරසිල්ලක් සඳහා යොදා ගන්නට අදහස් නොකරන ආකාරයේ ද්‍රව්‍ය හා භාණ්ඩ උපයෝගී කරගනිමින් නිර්මාණ කිරීම මෙහි විශේෂත්වයයි.

මේ සඳහා ලී බැරල්, ලී බෝඩ්, බල්බ්, ඉටි පන්දම් ආදී බොහෝ දේ යොදාගෙන තිබේ.

එමෙන්ම මල් යොදා සකසන සැරසිලිවල දී ද කිසිදු බයක් සැකක් නැතිව මල් බොහෝ ප්‍රමාණයක් යොදා සුරඟන ලොවක් මැවීමට ද මේ නිර්මාණවලින් හැකියාව ලැබේ.

ළඟ එන ඔබේ මංගල උත්සවයටත් මේ ආකාරයේ වෙනස්ම වූ සැරසිලි මඟින් මංගල උළෙල අලංකාරවත් කරගැනීමට ඔබට මෙයින් අදහස් ලබා ගත හැකියි.

ඔබේ මංගල උළෙලත් යම් තේමාවක් ඔස්සේ සිදු කරයි නම් මෙවැනි සැරසිලි කලාවක් ඒ තේමාව වඩාත් තීව්‍ර කරගැනීම සඳහා ඔබට යොදා ගත හැකියි. මෙය නිර්මාණකරුගේ නිර්මාණාත්මක හැකියාව මතම පදනම්ව සිදු කළ යුතු කටයුත්තක් බව ද නොකියාම බැහැ.

 

 

 

විශේෂ ස්තුතිය – ද ෆ්ලවර් වෙඩිංස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ

බුද්ධික ඉඩම්ගෙදරට

710 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 24, අඟහරුවාදා 13:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න