තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

2018 මැයි 01, අඟහරුවාදා 11:52

මල් මංගල්ලෙට නේක්ඩ් කේක් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
ආදරණීය දෙහදක පැතුම් සපල වී මල් මංගල්ලෙට සූදානම් වෙනවා. විවාහ වෙන්න සූදානම් වෙනවා කියන්නේ සමහරකුට නම් වැඩ මහා ගොඩක් තියෙන දෙයක්. තවත් අයට නම් විවාහයක් කියන්නේ සරල දෙයක්.

 

ඒ කොහොම වුණත් සරලව හරි ජයටම උත්සව අරගෙන හරි විවාහ වෙන අය උනන්දුවෙන දේවල් අතර කේක් එකත් විශේෂයි.

කාලෙන් කාලෙට විවිධ වෙනස්කම් අරගෙන ආව විවිහ මංගල කේක් නිර්මාණයත් වෙනස්වෙලා. ඔන්න, දැන් කාගෙත් විලාසිතාව නේක්ඩ් කේක් බවට පත්වෙලා. නේක්ඩ් කේක් එක සම්ප්‍රදාය බිඳදමපු නිර්මාණයක්. මෙවැනි කේක් එකක් එක පැත්තකින් බැලුවම ස්වාභාවිකයි. වියදම අඩුයි. ඔක්කෝටම වැඩියෙන් මේ කේක් එක හැමෝටම කන්න පුළුවන්. ඒ හින්දා වෙනම වෙඩිං කේක් හදන්න ඕනෙත් නැහැ. එහෙම බැලුවාම සෑහෙන මුදලක් ඉතිරි වෙනවා. අනෙක් විශේෂම කරුණ නේක්ඩ් කේක් එකිනෙක සම්පූර්ණයෙන්ම වෙනස් වීමයි. ඒ කියන්නේ ඔබේ විවාහයට තියෙන නිර්මාණය වෙන තැනක නෑ. ඒක ඔබටම විතරයි. කේක් එකකට අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍රකරලා බේක් කරගන්න දන්නවා නම් ඔබේ විවාහ කේක් නිර්මාණය ඔබටම කරගත හැකියි.

මෙම නෙක්ඩ් කේක් අයිසිං මලින්, ස්වාභාවික මලින්, පලතුරුවලින්, කෘත්‍රිම මලින්, කොළ, වැල් ආදී ඕනෑම දෙයකින් ඔබේම තේමාවක් අනුව නිර්මාණය කරගත හැකියි. හැබැයි ඉතිං කේක් එක සොබාදහමට හුඟාක් සමීප හින්දා එය රඳවන ආකාරය කෙරෙහිත් අවධානය යොමු කළ යුතුයි. ගොඩක් වෙලාවට මෙම නේක්ඩ් කේක් රැඳවුම වෙන්නේ ලී කොට කැබැල්ලකි. එමඟින් ඔබ සොයන කලාත්මක බව නොනැසී රඳවාගන්න පුළුවන්. නේක්ඩ් කේක් විශාලව තට්ටු වැඩියෙන් යොදා වගේම තට්ටු අඩුවෙන් කුඩාවටත් නිර්මාණය කරගන්න පුළුවන්. එක තට්ටුවකට ලේයර්ස් තුනක්, හතරක්, හයක් ආදී ලෙස වැඩිකර සාදාගන්නට හැකියි.

මේ කේක් සම්පූර්ණයෙන්ම ස්පොන්ජ් කේක්, චොකලට් කේක්, රෙඩ් වෙල්වට් ආදී කැමැති කේක් වර්ගයක් අනුව නිර්මාණය කරගත හැකියි. ඒ අනුව වයිට් - වයිට් මඩ් කේක්, ලයිට් බ්‍රවුන්/කැරමල් - කැරමල් මඩ් කේක්, ඩාක් රෙඩ්/බ්‍රවුන් - රෙඩ් වෙල්වට් කේක්, ඩාක් බ්‍රවුන් - මඩ් කේක්, ආදී ලෙස ඔබ කැමැති ලෙසකට තෝරාගත හැකියි. දිවා ආහාරයෙන් පස්සේ නික්මයන අවස්ථාවේ මේ කේක් එක කැබැලිවලට කපලා අයිස් කෝපි සමඟ සංග්‍රහයට යොදාගත හැකියි. එතකොට වෙනම වෙඩිං කේක් දෙන්න යන වියදම සම්පූර්ණයෙන්ම ඉතිරියි.

 

 

 

936 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 01, අඟහරුවාදා 11:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න