තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

2018 ජූලි 31, අඟහරුවාදා 15:16

මල් මංගල්ලෙට හැඩැති කේක් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
විවාහ මංගලයක අනෙකුත් චාරිත්‍ර වාරිත්‍රවලට වගේම මංගල කේක් එකටත් විශේෂ තැනක් හිමිවෙනවා. ඒ නිසා මංගල කේක් එකත් මනාලියගේ හෝ දෙවැනි මනාලියන්ගේ ඇඳුමේ වර්ණයට ගැළපෙන ලෙසින් නිර්මාණය කිරීමට බොහෝ දෙනෙක් පෙලඹිලා. අද අප ඔබවෙත තිළිණ කරන මේ කේක් දෙකත් ඔබ මනාලියක වනදා ඔබේ යෙහෙළියන්ගේ ඇඳුමේ වර්ණයට ගැළපෙන ලෙසින් නිර්මාණය කරගන්නට හැකියි නේද?

 

එමෙන්ම මනාලියගේ මල්කලඹ හැඩකරන මල් වර්ගද අයිසිංවලින් සාදා මේ සඳහා යොදාගත හැකියි.

 

වර්ණ දෙකක් යොදා ගනිමින් නිර්මාණය කළ කේක් ආකෘතියක්

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

අගල් 5x8 ප්‍රමාණයේ රවුම් ඩමියක්

අඟල් 6x12 ප්‍රමාණයේ රවුම් ඩමියක්

අඟල් 5x16 ප්‍රමාණයේ රවුම් ඩමියක්

සුදු ෆොන්ඩන්ට් අයිසිං

ක්‍රීම් ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

 

සාදන ක්‍රමය

පළමුව උඩ ඩමිය සහ දෙවැනි ඩමිය සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. තෙවැනි ඩමිය ක්‍රීම් ෆොන්ඩන්ට් අයිසිංවලින් අයිසිං කරන්න. පසුව මැද ඩමියට ක්‍රීම් පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් හැඩ සහිත පටියක් ආකාරයට කපා අලවන්න. දැන් එම පටිය වටේටත් උඩ සහ පහළ ඩමි වටාත් ලියවැලක ආකාරයට බටයක් ලෙසින් සාදාගත් දම් පැහැති ෆොන්ඩන්ට් පටි අලවන්න. උඩම ඩමියට ඡායාරූපයේ දැක්වෙන පරිදි රටාවකට අනුව සුදු ෆොන්ඩන්ට් පටිතීරු අලවන්න. යටම ඩමියට ක්‍රීම්පාට පටි තීරු අලවන්න. ඉන්පසු ක්‍රීම්පාට පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝසමල් කේක් එකෙහි ඉහළට සහ පහළට තබා ගන්න. මල් මැදට සිල්වර් ස්ටෝන්ස් එක බැගින් අලවන්න. මැද ඩමිය මැදින් සුදු පාටින් සාදාගත් ලිලීමල් දෙකක් අලවන්න.

දම්පාට පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් මල් සහ කොළ කීපයක් මෙම ඩමි අතරින් අලවන්න.


 

 

 

 

 

රෝස පාට තීම් කලර් එක කරගත් මංගල උත්සවයකටයි මේ කේක් නිර්මාණය

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8x5 රවුම් ඩමි එකක්

අඟල් 12x5 රවුම් ඩමි

එකක්

 

අඟල් 16x5 රවුම් ඩමි

එකක්

සුදු ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

කොළ, රෝස ෆොන්ඩන්ට්

අයිසිං

කළු බටර් අයිසිං

සාදන ක්‍රමය

පළමුව මෙම ඩමි තුනම සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු ගොම කොළ සහ රෝස පාට ෆොන්ඩන්ට් අයිසිංවලින් අඟල් 2 ක් පමණ පළලට පටිතීරු දෙකක් කපා බෝ එකක් ආකාරයට උඩ ඩමිය වටා දෙවැනි ඩමියෙහි පහළට වැටෙන පරිදි අලවා ගන්න. එහිදී පළමුව රෝස පාට පටිය අලවා ඒ උඩින් කොළ පාට පටිය අලවන්න. ඉන්පසු දම්, රෝස, කොළ පාච්මන්ට් අයිසිංවලින් හයිඩ්‍රෙන්ජියා, රෝස සහ ලිලී යන මල් ද කොළ පාටින් කොළ ද සාදා ඡායාරූපයේ දැක්වෙන පරිදි කේක් එක මත තබා අලවා ගන්න. අවසානයේ කළු බටර් අයිසිං මඟින් නොම්බර 2 නොසලයෙන් කේක් තුන අතරට ඩොට් තබා ගන්න. තවද ගොම කොළ පැහැති පාච්මන්ට් අයිසිං මඟින් කොම්බු ආකාරයේ කොටස් සාදා මල් අතරින් තබා අලවා ගන්න.

 

 

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

නදීකා දිල්රුක්ෂි

 

 

උදයංගනී ලියනආරච්චි

1786 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 31, අඟහරුවාදා 15:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න