තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2013 ජූලි 19, සිකුරාදා 14:16

වෙඩින් කලාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක මියුසික් විඩියෝ විශේෂාංග

ලිව්වේ  නුවන් මහේෂ් ජයවික්‍රම
අගයන්න
(0 මනාප)
මංගලෝත්සවයකට නැටුම් ගැයුම්වැයුම් තවදුරටත් නවාංග නොවේ. දැන් දැන් ඒවාට අලුත් අලුත් අංගෝපාංගඑක්කර වඩා වැඩි ආකර්ෂණීය බවක්දීමට හුඟ දෙනෙක් උනන්දු වෙති.එවැනි වෙනස්ම ආරකට පි‍්‍රයකරනබොහෝ දෙනෙක් කෙරෙන් දක්නටඇති ප්‍රවණතාවකි, මියුසික් වීඩියෝව.

 

ප්‍රාසාංගික කලාවේ නිම්වළලු පුළුල් කළ මියුසික් වීඩියෝ විවාහ මංගල උළෙලකදීද දිග හැරෙන්නේ සිනමාත්මක ප්‍රවේශයකිනි. එයින් විවාපත්වන

යුවළගේ මෙතෙක් ජීවන ගමනේ කඩඉම් නිරූපණය කිරීමට විටෙක උත්සාහ දරයි.

තවත් සමහරුන් යුවළගේ බිළිඳු වියෙන්ම අරඹන මේ රූපාවලිය අතිනත ගන්නා දින තෙක්ම ඉදිරියට ගෙන එයි.  ඒ සැලසුම් සහගතව රූප රචනාදියට අනුකූලවය. මංගල සභාව මැද පුළුල් තිරයක මේ රූපාවලිය දිග හැරෙද්දීම සිහින් සංගීත රාවයකින් පේ‍්‍රක්ෂක දෙසවන් ද ඒ වෙත ඇද බැඳ තබා ගනී.

බොහෝ විට පතිකුලයට පිවිසෙන නව යුවළ වෙනුවෙන්ම පද ගෙත්තම් කොට මියුරු සර ගැන්වූ ගීයකින් සමන්විත වීම මෙහි විශේෂාංගයකි. ඇතැමුන් මංගල දිනයට පෙර රූ ගැන්වීම් කිරීමට ස්වභාවික පරිසරය තෝරා ගනී. විටෙක ඇළ දොළ ගංගා කඳු මිටියාවත් මැදින් ගලනා දිය දහරක් මෙන් එයින් යුවළගේ එතෙක් ජීවන තතු එයින් නිරූපනය කරයි. ස්වභාවික පරිසරය පසුබිම් නොවූවද ආකර්ෂණීය ගෘහස්ථ වටපිටාවකදීත් එවැනි ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් බිහර්‍ණඡ්කිරීම පළපුරුදු නිර්මාණ ශිල්පියාට දුෂ්කර කටයුත්තක් නොවේ.

විශේෂයෙන්ම බටහිර ආරෙන් ඔප වැටෙන මංගලෝත්සවවලදී මුල්තැනක් මේ අංගයට ලබාදෙයි.

“සමහරු විවාහ මංගල දිනයට පෙරාතුව මේ වගේ ඡායාරුපගත කිරීමකට වර්ණවත් ඇඳුමින් සැරසී මුහුණ දෙනවා. ඒ හැරෙන්නට තවත් සමහරුන් ඔවුන්ගේ මධුසමය දිනවල සුන්දරම වටපිටාවක ගතකළ කාලය අළලා මෙවැන්නක් එළිදක්වනවා. ඔවුන් එය තම දෙවන ගමනේදී පුළුල් තිරයක ප්‍රදර්ශනය කරනවා. මේ රූප ධාරාවට ගැළපෙන රිද්මයකට සංගීතය එක් කර ගැනීමටත් ඔවුන් අමතක කරන්නේ නැහැ. ඒ සමගම යුවළ වෙනුවෙන්ම නිර්මාණය කළ ගීතයක් ගැයෙන අවස්ථාද තිබෙනවා.

මේ දෙආකාරයෙන් මුල් විදිය පිළිබඳ කතා කළහොත් එයින් හුඟක් වෙලාවට කෙරෙන්නේ අතිනත ගන්නා දෙපළගේ ජීවන තතු රූප මාධ්‍යයෙන් එළිදැක්වීමයි. ඇත්තටම එකම මංගල උළෙලකට අලුතින්ම දැන හඳුනා ගන්නා දෙපාර්ශ්වයක් එක්වෙනවා. මේ අතරින් වැඩිදුර තොරතුරු නොදන්නා පාර්ශ්වයට තමන්ගේ අලුත් ඥාතින් කවුරුන්දැයි දැන හඳුනා ගැනීමට මේ විදියේ විවාහයට පෙර කරනා රූ ගැන්වීමකින් අවස්ථාව ලැබෙනවා. අනෙක් අතට කුඩා කාලයේ පටන් ඇතිදැඩි කළ මවුපියන් ඥාතින්ට තම දරුවන්ගේ ළාබාල කාලයේ පටන් දිග හැරෙන රූපාවලියට අතිශය සංවේදී වෙනවාට සැකයක් නැහැ.

සැළසුම් සහගතව කෙරෙනා මේ කාර්යයට දිනක් දෙකක් නැති නම් සති ගණනාවක් වුවත් ගත විය හැකියි. එය තීරණය වන්නේ මේ විශේෂාංගය නව යුවළ බලාපොරොත්තු වන ආකාරය අනුවයි. මේ කුමනාකාරයකට වුවත් නිර්මාණාත්මක කටයුත්ත භාරවන්නේ නිර්මාණ ශිල්පීන්ටයි. රූප රචනයේ පටන් දර්ශනතල තේරීම දක්වා පමණක්ම නොවෙයි. කැමරා සහ වීඩියෝ ශිල්පීන් ගණනාවක් ඒ සඳහා වුවමනා වන අවස්ථා තිබෙනවා.

එතැනදී මේ අධ්‍යක්ෂණ කාර්යය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. රූප මාධ්‍යයෙන් එපිටටත් ශ්‍රව්‍ය ගෝචර සංගීතය පිළිබඳ වගකීමත් නව යුවළටම මංගල දිනයේදී පිදෙන නැවුම් ගීතයේ පදරචනය ආදී කටයුතුවලින් මෙවන් බැරෑරුම් කටයුත්තකදී බැහැර වීමට ඉඩක් නිර්මාණ ශිල්පීන්ට නැහැ.

අඩහෝරාවක් තරම් කාලයකින් පුළුල් තිරයක් මත දිගහැරී නිමවූවත් ඒ වෙනුවෙන් නිර්මාණ ශිල්පීන් සිදුකරනා කැපවීමේ තරමත් සුළුපටු නැහැ. ඒ කාර්යය නව යුවළගේ සිතැඟි අනුව විය යුතුයි. එසේම පේ‍්‍රක්ෂකයා ඇද බැඳ තබා ගැනීමත් සිදුවිය යුතුමයි. ඒ නිසාම කලාත්මකව තම කර්තව්‍යය ඉටුකරනා පළපුරුදු නිර්මාණ ශිල්පියකුටම තමන්ගේ මංගල දිනයේදී එළිදක්වන මියුසික් වීඩියෝවේ කටයුතු භාර කරන්නට බොහෝ තරුණ තරුණියන් වගබලා ගන්නා බවත් දක්නට ලැබෙනවා.

උපදෙස් : තනුජ් හේමන්ත

ඡායාරූප : ස්ටුඩියෝ ශාක්‍යා

11332 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 ජූලි 19, සිකුරාදා 14:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න