තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 27, බදාදා 15:49

වෙඩින් කාඩි එකට කේක් ඇසුරුමට ලස්සන වෙනසක්

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(5 මනාප)
දැන් බොහෝ විට මංගල උත්සවය සැලසුම් කෙරෙන්නේ කිසියම් ආකාරයක තෝරාගත් තේමාවන්ට අනුවයි. මංගල සැරසිලි, සෙටිබැක්, මංගල කේක්, යෙහෙළියන්, මල් කුමරියන්ගේ ඇඳුම්වල වර්ණයන් ආදිය එකම තේමාවකට අනුව නිර්මාණයවීම දැන් බොහෝ ජනපි‍්‍රයයි. මුලින් වෙඩින් කාඩි තෝරාගනු ලැබුවේ අප කලින් සඳහන් කළ ආකාරයේ තේමාවකට අනුව නොවේ. නමුත් දැන් අලුත්ම අදහසකට අලුත් විලාසිතාවකට අනුව තමන්ට කැමැති ආකාරයට ඒවා නිර්මාණය කර ගැන්මේ හැකියාව තිබෙනවා.

සිත්ගන්නාසුලු ආකාරයෙන් ඉතාමත් දර්ශනීය අයුරින් නිර්මාණය කෙරෙන වෙඩින් කාඩ්වල අපූර්වතම නිර්මාණාත්මක බවක් දක්නට පුළුවන්. මෙහි දැක්වෙන්නේ ඒ ආකාරයෙන් නිර්මාණය වූ වෙඩින් කාඩ් සහ කේක් ඇසුරුම් කීහිපයක්.

මනාල යුවළ තෝරාගත් තේමාවට අනුව වෙඩින් කාඩ්එක නිර්මාණය කිරීමේදී එහි නිර්මාණාත්මක බව කෙරෙහි අප වැඩි අවධානයක් යොමු කරනවා. මෙහිදී අප වැඩි විශේෂත්වයක් දක්වන්නේ මනාල යුවළගේ තේරීමටයි.

වෙනත් මංගල උත්සවයක කර නොමැති කලින් කිසිවකු වෙනුවෙන් කර නොමැති නිර්මාණයක් අලුත්ම දෙයක් හැටියට තම මංගල උත්සවයට කරගන්නට ඇතැම් අයට අවශ්‍යවනවා. ඔවුන්ට අවශ්‍යවන්නේ තම මංගල උත්සවයේ නිර්මාණයන්ට කැපී පෙනෙන වෙනසක් ඇතිකර ගන්නටයි.

ඔබ මෙහි දකින්නේ වෙනස් ආකාරයකට අලුත්ම නිර්මාණයන් ලෙස නිමවා ඇති වෙඩින් කාඩ්ස් සහ කේක් ඇසුරුම් කීපයකි. වෙඩින් කාඩ් එකත් කේක් පෙට්ටියත් එකම ආකාරයකට නිර්මාණය වීම දැන් බොහෝවිට දක්නට පුළුවන්.

මනාලියගේ හෝ යෙහෙළියන්ගේ සාරියෙහි තිබෙන මෝස්තරයම වෙඩින් කාඩ් එකට එක්කර ගැන්මෙන් ඉතා සියුම් ආකර්ෂනීය නිමාවක් මතුකර ගත හැකියි.

කාඩ් එකට සහ කේක් ඇසුරුමට බයිකලර් ක්‍රමයට එනම්, දේදුන්නක ආකාරයට වර්ණ මතු වී පෙනෙන අයුරින් හෝ මනාලියගේ සහ යෙහෙළියන්ගේ ඇඳුමෙහි වර්ණ දෙකක් පමණක් එක්කර ගැන්මෙන් ද එහි තේමාවට අනුව වර්ණ ගළපා ගැන්මද කළ හැකියි.

මේ සඳහා අප යොදා ගන්නා තවත් ක්‍රමයක් වන්නේ පාච්මන්ට් ක්‍රාෆ්ට් ක්‍රමයයි. මෙය ද කාඩ් නිර්මාණයේදී භාවිත කෙරෙන ජනපි‍්‍රය කලාවක්. මෙමඟින් ඉතාමත් සියුම් මෝස්තර මතුකර ගන්නට පුළුවන්. එයට වර්ණවත් සීකුවින්ස්, බීඩ්ස්, රිබන් ආදිය එක්කර ගැන්මෙන් ආකර්ෂණීය නිමාවක් ගෙනදිය හැකියි.

වෙඩින් කාඩ්, කේක් පෙට්ටි සඳහා නිර්මාණාත්මක බවක් එක් කිරීමේදී මෙම මෝස්තරයන්ට ත්‍රිමාන පෙනුමක් එක්කර ගන්නට පුළුවන්. උදා: සමනලයන්, මල් ආදිය යෙදීමේදී සමනල තටු, මල් පෙති ඉස්මතු වී පෙනෙන ලෙස නිර්මාණය කළ හැකියි.

තේමාවකට අනුව මංගල සැරසිලි නිර්මාණය කර ගන්නට කැමැති අය ඉහත කී ආකාරයේ ත්‍රිමාන පෙනුමක් දක්වන සැරසිලිවලට වැඩි කැමැත්තක් දක්වනවා.

මෙය නිර්මාණාත්මක අතින් ඉහළ වටිනාකමක් දක්වන අතරම සියුම් මෝස්තර රටාවත් ආකර්ෂණීය නිමාවත් නිසා මෙය වැඩි වටිනාකමකින් ද යුක්තයි.

මෙහි නිර්මාණාත්මක වටිනාකම වඩාත් වැඩිවන්නේ මේ සියල්ල ඉතාමත් සියුම් ලෙස අතින්ම නිර්මාණය කෙරෙන නිසයි. මේ ආකාරයට වෙඩින් කාඩ්, කේක් ඇසුරුම් පමණක් නොව මංගල පෝරුව, සෙටිබැක්, මල් කළඹ, හිස් පළඳනා සහ මංගල කේක් සඳහාත් මෙම ත්‍රිමාන මෝස්තර එකම තේමාවකට අනුව යෙදිය හැකියි.

අලුත්ම අදහසකට අනුව නවතම නිර්මාණ තම මංගල උත්සවයට එක්කර ගන්නට කැමැති අයට මෙය හොඳ තේරීමක් වනු නිසැකයි.

ඡායා - ප්‍රභාත් රඹුක්වැල්ල

නිර්මාණය -ප්‍රවීණ නිර්මාණ ශිල්පීමාලික රණතුංග(ගම්පහ රන්මාලී පැතුම්)

e-mail – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

6366 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 11:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න