තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 ජූනි 03, අඟහරුවාදා 14:39

"ස්ටොරි බුක්" එකක් හදනවා නම් මෙන්න අති සුන්දර තැනක් කැලණියේ මානෙල්වත්ත පන්සල විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(6 මනාප)
මංගල සිහිනය යථාර්ථයක් වනදා එහි ඇති සජීවී බව දෑස් අභිමුවෙහි හැමදාමත් රඳවාලන්නේ මංගල ඇල්බමයයි.  My wedding Location  ඔස්සේ මෙවර දිග හැරෙනුයේ ඔබේ දෑස් ඉවතට ගන්නට සිත් නොදෙන අපූරු භූමියක් පිළිබඳවයි. මෙය පුණ්‍ය භූමියක් වීම සුවිශේෂීය. කැලණිය, බියගම, බොල්ලෑගල ප්‍රදේශයේ පිහිටි මානෙල් වත්ත පන්සල ඒ අපූරු පුදබිමයි.

සිනමා ලෝලීන් වෙත තිළිණ කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය රූපගත කළේ මානෙල්වත්ත පන්සල නම් වූ මේ පුදබිමේ නිසා එහි මනරම් ස්ථාන ඔබේ සිත්හි ළැගුම් ගත්තාට සැක නැත.

සුදු නෙළුම් හා නිල් මානෙල් සුවඳ දසතම පතුරවමින් පිපී හිනැහෙන වැවක් මධ්‍යයේ සීමාමාලකය ඉදිකොට ඇත. නා වැටියකින් යුතු චෛත්‍යයක්, සිසිල ගෙනෙන බෙලිගහක් පාමුල ඇති ලාෆිං බුද්ධා පිළිමය, අවලෝකේශ්වර බුදුරුව, දඹදිව අනුරුව, තේජාන්විත බවින් ඔද වැඩූ සිංහ අනුරූ, කුට්ටම් පොකුණ, කළුගලින් නිමවූ ස්වභාවික විල, එහි ඒ මේ අත පිහිනනා පාත්තයින්, දුඹුරු පැහැයෙන් ටෙරාසෝ කළ පඩිපෙළ, කපරාරු නොකළ ගඩොල් බිත්ති, පෞරාණික බවේ ප්‍රතිමූර්තියක් බඳු අඩි 20 ක් පමණ උසින් යුතු දොරවල්.... මේ සෑම ස්ථානයක්ම දක්ෂ මංගල ඡායාරූප ශිල්පියකුගේ තෙවැනි ඇසට හසුවීමෙන් සුන්දරත්වයෙන් අනූන වූ මංගල ඇල්බමයක් අවසානයේ ඔබ අතට පත් වනු ඇත.

මෙය තායිලන්ත පන්සලකි. අක්කර 15 – 20 ක පමණ ප්‍රමාණයක රිසි සේ ඡායාරූප ගත හැකියි.

පුණ්‍ය භූමියක දී විනීතව හැසිරීම, පාවහන්, හිස්වැසුම් යනාදිය ගලවා පුණ්‍ය භූමිය ඇතුළත ඡායාරූප ගැනීම වැදගත්ය.

උදෑසන 5.30 පටන් සවස 7.30 පමණ වනතුරු ඡායාරූප ගැනීම සඳහා ඉඩහසර ලැබේ.

වර්තමානයේ ස්ටෝරි බුක් මංගල ඇල්බම බෙහෙවින් ජනපි‍්‍රය අංගයක්ව ඇති නිසා මෙවැනි ස්ථානයක් ඡායාරූප ගැනීම සඳහා තෝරා ගන්නේ නම් විශාල ඡායාරූප එකතුවකින් හොඳම ඡායාරූප කිහිපයක්ම තෝරා ගන්නට අවස්ථාව ලැබේ.

පෝරුව, විවාහය සඳහා අත්සන් තැබීම ඇතුළු සම්පූර්ණ විවාහ මංගල්ලයම පැවැත්වීමට මානෙල්වත්ත පන්සල තෝරාගත හැකි අතර ඔබ දෙපළ අරඹන යුගදිවියට බුදු දහමේ අනුහස් නිබඳවම ලැබෙනු ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර manelwattatemple.com

0112905596, 0776478136 (නයනා) යන වෙබ් අඩවියෙන් හා දුරකථන අංක වෙතින් ලබාගත හැකිවේ.

ඡායාරූප – හිරන්ත ගුණතිලක

 

 

11965 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 ජූනි 03, අඟහරුවාදා 14:44
අදහස් එක් කිරීමට ලොග් වෙන්න