තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 ජූනි 03, අඟහරුවාදා 14:52

වෙඩින් එකේ බැන්ඩ් එක කෙසේ විය යුතුද?

ලිව්වේ  ඉසුරි බුද්ධිකා හෙට්ටිආරච්චි
අගයන්න
(3 මනාප)
Mala & Breve (මාලා ඇන්ඩ් බ්‍රීව්) සංගීත කණ්ඩායම් නායිකා මාලා භාරතී. ඔබේ විවාහ උත්සවය වර්ණවත් කරන්න සංගීත කණ්ඩායමක් තෝරා ගැනීමේදී ජනපි‍්‍රයත්වයට පමණක් මුල්තැන දෙන්න එපා. ඔවුන්ගේ අත්දැකීම් සහ දක්ෂතාව ගැනත් සොයා බලන්න. ඔවුන් අවස්ථාවට සරිලන සේ ඉදිරිපත් කරන විලාශය ගැනත් බලන්න ඕනෑ. සාමාන්‍යයෙන් වෙඩිං එක පුරාවටම අමුත්තන් රඳවා තබාගන්න සංගීතය ඉවහල් වෙන අවස්ථා තියෙනවා.

පසුගිය දිනෙක ගෝල්ෆේස් හෝටලයේ තිබුණු වෙඩිං එකකට සංගීතය සැපයුවේ අපි. එම අවස්ථාවට අපේ රටේ ප්‍රවීණ කලා ශිල්පී යුවළක් ඇවිත් හිටියා. ඔවුන්ගේ කාර්යබහුලත්වයත් එක්ක උත්සවයේ පැයක් පමණ වෙලාවක් ඉන්න තමයි ඇවිත් සිටියේ. ඒත් එම දෙපළ වෙඩිං එක අවසන් වෙනතෙක්ම රැඳී සිටියා. ඔවුන් මගේ ළඟට ඇවිත් කිව්වෙ “ඇත්තටම අපි වේලාසන යන්න හිටියෙ . මේ සංගීතය තමයි අපිව රඳවා ගත්තේ කියලා.”

වෙඩිං එකක් කියන්නෙ මනාලයා සහ මනාලිය ආදරයෙන් එක්තැන් වෙන දවස. එදින විරහ ගීත ඉදිරිපත් කිරීම එතරම් සුදුසු වෙන්නේ නෑ. දවසක් අපි සංගීතවත් කළ වෙඩිං එකක ගීයක් ගායනා කරන්න ගෙස්ට් කෙනෙක් ආවා. එයා කියන්න හැදුවෙ අතිශය දුක්බර විරහ ගීතයක්. මම ඊට අවස්ථාව ලබා දුන්නේ නෑ. පසුව හොයලා බලද්දී ඒ ඇවිත් තිබුණෙ මනාලියගෙ පරණ පෙම්වතායි.

වෙඩිං එකට මියුසික් කරන්න කියලා අපිට ආරාධනා ලැබුණු විගස එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ මූලිකව විමසනවා. නිවෙසක උත්සවය පැවැත්වෙනවා නම් ඉඩකඩ පිළිබඳ සොයලා බලනවා. සාමාන්‍යයෙන් එළිමහනේ වැඩි ඉඩක් තියෙනවා නම් නිවෙසින් පිටත තමයි සංගීතවත් කරන්න හොඳ. හොටෙල් එකක පැවැත්වෙනවා නම් මංගල දිනයට පෙර ගොස් සවුන්ඩ් චෙක් කිරීම සිදු කරනවා. බහුතරයක් දෙනා වෙඩිං එක වෙලාවට ඇවිත් තමයි මේ සියලු කටයුතු සිදු කරන්නෙ. එය මංගල පාර්ශවයට වගේම පැමිණෙන අයටත් හිරිහැරයක්.

අනෙක් වැදගත්ම කාරණය තමයි අපි ළඟට එන කස්ටමර්ස්ලගෙ පවුල් පසුබිම ගැන අවධානයෙන් ඉන්න එක. කොළඹ හතේ තරු පන්තියේ හොටෙල් එකක පවත්වන වෙඩිං එකකයි සාමාන්‍ය මට්ටමේ හොටෙල් එකකයි ගීත ගායනා කිරීමේදීත් විවිධ විශේෂතා තියෙනවා. ඔවුන්ගේ රුචිකත්වය එකිනෙකට වෙනස්. සමහරු ඉංගී‍්‍රසි ගීත ඉල්ලනවා. සමහරු කැමැති සිංහල ගීතවලට විතරයි. අපි ළඟට එක කස්ටමර්ස්ලා සමඟ සාකච්ඡා කරලා තමයි මේ පසුබිම දැනගන්න පුළුවන් වෙන්නෙ.

මාලා - 0777411491

5818 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 ජූනි 03, අඟහරුවාදා 15:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න