තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 27, බදාදා 16:03

මංගල යුවළයි නැටුමයි

ලිව්වේ  නුවන්ති උදටියාවල
අගයන්න
(2 මනාප)
විවාහ මංගල උත්සවය කියලා කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම දවසක්. තුරුණු වියට පත් වනවාත් සමඟම තමන්ගේ විවාහ මංගල දිනය කැපී පෙනෙන ලෙස උත්කර්ෂවත් අන්දමින් සිදු කර ගැනීමට හැම දෙනාම හීනමවනවා. අනාදිමත් කාලයක සිට ලංකාවේ පැවත එන විවාහ චාරිත්‍ර හා එක් වූ නවීන අංග අතර නර්තනාංගයන්ටත් හිමිවන්නේ සුවිශේෂී වැදගත් බවක්. විවාහ මංගල උත්සවයකදී සිදු කරනු ලබන සෑම චාරිත්‍රයකින්ම අපේක්‍ෂා කරන්නේ විවාහපත් වන යුවළට ආශිර්වාදය ලබා දීමයි. මංගල දිනයේදී පවත්වනු ලබන නර්තනාංගනයන්ගෙනුත් මේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම වෙස්නැටුමේ අන්තර්ගතවන මංගලම් කවි, සීරසපාද කවි (හිසේ සිට පාදය දක්වා තිබෙන්නාවූ දොස් දුරුවීමට) යන මෙවැනි කවි වලින් නව යුවළට ආශිර්වාදයක් ලැබෙනවා.

මංගල උත්සවයකදී සාම්ප්‍රදායානුකූලව චාරිත්‍ර රැසක් සිදුකරනු ලබයි. මේ නිසා උඩරට, පහතරට භේදයකින් තොරව ඕනෑම මංගල උත්සවයක් සඳහා වෙස් නැටුම යොදාගත හැකිබව ඇය පවසයි.

මංගල උත්සවයට සහභාගි වන අමුත්තන්ගේ නෙත් ප්‍රධාන වශයෙන්ම යොමුවිය යුත්තේ මනාළ යුවළ දෙසටයි.

එම නිසා මංගල දින නර්තනය තුළින් සිදුකළ යුත්තේ මනාළ යුවළට පැමිණි පිරිසගේ අවධානය යොමුවන පරිදිය. මෙය
නර්තනය නිර්මාණය කරන ශිල්පියා සතු කාර්යභාරයකි. එම නිසා නර්තන ශිල්පියා විසින් නර්තනාංගයේ රංග වින්‍යාසය නිර්මාණය කළ යුත්තේ මනාල යුවළ කැපී පෙනෙන පරිදිය.

නර්තනය, සංගීතය සැමවිටම ජීවිතය සමග අත්වැල් බැඳගත් සංස්කෘතිකාංග බව නොරහසකි.

මේ නිසා මංගල නර්තනාංගවල ගීත තෝරා ගැනීමේදී විවාහපත් වන යුවළට හා පැමිණි පිරිසට හැඟීමක් ඇතිවන ආකාරයේ ගීත තෝරා ගත යුතුය. මේ සඳහා රිද්මය එකිනෙකට වෙනස් වූ ගීත තුනක් පමණ යෝග්‍ය වේ.

සාමාන්‍යයෙන් විවාහ මංගල උත්සවයක තෝරාගත් තේමා වර්ණයක් (Theme Colour) තිබේ.

නර්තනාංග වලදීද මෙම තේමා වර්ණයන් භාවිත කළ හැකිය.

නමුත් මංගල දිනයේ පැවැත්වෙන නර්තනාංග සියල්ලටම මෙකී තේමා වර්ණය යොදාගත හොත් එය ඒකාකාරී බවකින් යුක්ත වේ.

නැටුමක් අලංකාර වීමට එහි විචිත්‍ර බව අත්‍යවශ්‍ය වේ.

මේ නිසා වස්ත්‍රාභරණ සඳහා ඇසට පි‍්‍රය වූ විවිධ වර්ණ යොදා ගැනීම උචිත වේ. නර්තනයක් යනු මංගල දිනයේ අලංකාර බව තවත් වැඩිකරන අංගයකි.

එම නිසා විවාහ මංගල දිනයට නර්තනාංගයක් තෝරා ගැනීමට පෙර ඉහත කරුණු පිළිබඳවද සැලකිලිමත්වීම වැදගත් වනු ඇත. 

 

4951 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 05, බ්‍රහස්පතින්දා 16:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න