තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 ජූනි 20, සිකුරාදා 13:10

මම නළුවෙක් නෙවෙයි...

Written by 
අගයන්න
(0 මනාප)
ධනුෂ්ක රත්නායක කලාවේ තවත් සොඳුරු ඉසව්වක් ප්‍රගුණ කළ මොහු රංගනයට මෙන්ම ඡායාරූපකරණයටත් එක්කරන්නේ අපූර්වත්වයක්. මේ, ලංකාවේ ඡායාරූපකරණයේ නම රැන්දු “ස්ටුඩියෝ වීණාවී” අධිපති රංගන ශිල්පී ධනුෂ්ක රත්නායකයි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? හොඳයි. මේ දවස්වල රංගන ක්‍ෂේත්‍රයේ වගේම වීණාවී ස්ටුඩියෝ එකේ වැඩකටයුතු නිසා මම ටිකක් කාර්ය බහුලයි. ධනුෂ්ක රත්නායක කියලා අප කවුරුත් ඔබව හඳුනන්නේ රංගන ශිල්පියෙක් විදිහටයි. ඒත් ඔබ ඡායාරූප ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා....

 

ඔව්... පසුගිය දවස් කීහිපයේදී මම චායා, මැදගෙදර, වහින්න මුතු වැස්සක්, අහස් ගව්ව ඇතුළු ජනපි‍්‍රය ටෙලි නාට්‍ය රැසකම රංගනයෙන් දායක වුණා. ඒත් එක්කම මම, ආරම්භ කර තියෙන වීණාවි ස්ටුඩියෝ එකේත් ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු කරනවා.

රංගන ශිල්පියෙක් විදිහටත් ඡායාරූප ශිල්පියෙක් විදිහටත් වැඩ කටයුතු කරද්දී ඔබට ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර කොහොමද....

ඔව්... මම හිතන විදිහට නම් රංගන ශිල්පියෙක් විදිහට වෙනම පේ‍්‍රක්ෂක පිරිසක් මා සමග ඉන්නවා. ඒ වගේම ඡායාරූප ශිල්පියෙක් විදිහටත් බොහෝ දෙනා මාව හඳුනනවා.

රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරද්දි “ජීවිතය ලස්සනයි” වගේ මෙගා ටෙලි නාට්‍ය වලින් තමයි පේ‍්‍රක්ෂකයන් බොහෝ දෙනෙක් මා සමග එක් වුණේ.

ඡායාරූප ක්‍ෂේත්‍රයට පිවිසෙන්න නම් ඒ පිළිබඳ දැනුමක් අත්‍යවශ්‍යයි. ඔබ ඡායාරූපකරණය හදාරන්නට පටන් ගත්තේ කොපමණ කාලයක සිටද...?

අනිවාර්යයෙන්ම ඔව්. ඡායාරූපකරණය කියන්නේ අනිත් ක්‍ෂේත්‍රයන්ට වඩා ගොඩක් වෙනස් ක්‍ෂේත්‍රයක්. මේ පිළිබඳ දැනුමක් නැතිව ඡායාරූපකරණයට පිවිසෙන්න අමාරුයි. මම මේ ක්‍ෂේත්‍රයට පිවිසිලා දැනට වසර 07 ක් විතර වෙනවා.

ඡායාරූපකරණයේදී ගුණාත්මක බවෙන් වැඩි ඡායාරූප නිර්මාණය කරන්නේ කොහොමද?

සරලව කිව්වොත් මගේ ස්ටුඩියෝ එකේ භාවිත කරන කැමරා සියල්ලක්ම ඛ්ඪදඥ ඛ්චථඥපචඵ ඒවායින් උසස් තත්ත්වයේ ඡායාරූප වගේම වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නොවෙයි. ගුවනින් ගිහින් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගන්නට අපට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඹඹඹ.මඥඥදචමඥඥ.ජධථ වෙබ් අඩවියෙන් එහි වෙනස ඔබට වටහා ගන්නට පුළුවන්.

ඔබ ඡායාරූප ක්‍ෂේත්‍රයට පිවිසිලා මේ වන විට ස්ටුඩියෝ ආයතයක හිමිකරුවෙක් කියන්නකෝ ඒ ගැනත් යමක්...

ඔව්. මම දැනට වසර 7 ක් වෙනවා, විණාවී ස්ටුඩියෝ එක ආරම්භ කරලා. මේ වන විට මංගල ඡායාරූප ඇල්බම් විශාල ප්‍රමාණයක් අප සකසා දී තිබෙනවා. විශේෂයෙන්ම අපේ ඛ්චථඥපචඵ වලින අපි උපරිම තාක්ෂණයක් යොදාගෙන උසස් තත්ත්වයකට අනුවයි, පාරිභෝගිකයාට ලබා දෙන්නේ.

අපේ පේ‍්‍රක්ෂකයන්ට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුණොත්....

සේවාදායකයින්ට පුළුවන් 0114992333 අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. දැනට අපි මහරගම විතරක් නෙවෙයි. නුවර, හෝමාගම ශාඛා දෙකක් විවෘත කර තිබෙනවා.

රන්හුයෙන් දෑඟිලි එක්වන වසන්තයේ මංගල්‍යයට වීණාවී ස්ටුඩියෝ...

 

 

10765 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 ජූනි 20, සිකුරාදා 13:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න