තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 28, බ්‍රහස්පතින්දා 08:47

මංගල සිරි මවනා මංගල තේමා

ලිව්වේ  නුවන් මහේෂ් ජයවීක්‍රම
අගයන්න
(3 මනාප)
පෙම්වතුන් පැතුම් පොදි බඳින්නේ විවාහයේ සුන්දර සිහිනය මල් ඵල ගන්වන්නටයි. එය එතරම්ම අනෙකුත් බොහෝ සිතිවිලවලට වඩා ඔවුනට සුන්දරය. මේ චමත්කාර ජනක දිනය උදාකරන්නට දෙදෙනකු එක්ව කැපවෙන තරමටම පූදිනා පැතුම් මල් පොකුරුද පියකරු වන්නේය. එදින චමත්කාරයට අලුත් අලුත් අර්ථකථන එක් කරන්නටද බොහෝ මනාල මනාලියන් දක්වන්නේ ප්‍රියතාවයක්. ඊට මග හෙළි කරනා අංගය වන්නේ ඔවුනටම ආවේනික සුවිශේෂී මංගල තේමාවයි.

විවාහ මංගලෝත්සවයකදී එහි තේමාවක වටිනාකම කෙතරම්දැයි ඒ වෙනුවෙන්ම නිරිමාණකරණ ආයතන පවා බිහිවී ඇත. එහිලා අත්දැකීම් පරිපූර්ණ කාලාකරුවකු අද අපි හමුවෙමු. ඔහු තනුජ් හේමන්ත කළුගල ය. අපේ මේ සුදානම ඔහු තුළ සිටිනා විවාහ මංගල තේමා සැලසුම් ශිල්පියාගේ සිතැගි කියවන්නටයි.

විවාහ මංගල උත්සවයක හා ඊටම ආවේණික තේමාවක පළමු හමුවීම ඔබ හඳුනාගන්නේ කොහාමද ?

දුරාතීතයේ පටන් මෙය පැවත එතැයි කියන්නට සාධක ගෙනහැර පෑම අපහසුයි. කවර කලෙක මුල්වරට විශේෂ තේමාවක් යොදා ගත්තාද කීමට නොදනිතත් බටහිර ලෝකයෙන් එය මෙහි පැමිණි බව සිතිය හැකියි.

වර්තමානය වන විට තරුණ තරුණියන් අතර කිසියම් තේමාවක් තෝරා ගැනීම කෙරෙහි දැඩි උද්යෝගයක් ඇතිවී තිබෙන බව නම් හඳුනා ගන්නට පුළුවනි.

මංගල තේමා අපි අපේ කරගෙන තිබෙනා විදිය ඔබ දකින්නේ කොහොමද ?

ඇත්තටම අපේ රටේ සමහරු තේමාවක් හරිහැටි හඳුනාගෙන නැහැ. එකම වර්ණයක් තෝරාගත් සමහරු තේමාව කියන්නේ එයටයි. එක පැහැයක් තෝරා ගත්විට එය වර්ණ තේමාවක් බවට පත් වෙනවා. හංසයකු, බෙල්ලකු, හිම මාළිගා නැතිනම් හදවත් දෙකක් ආදිය අපි නිතරම දකිනා සංකේත අතර වෙනවා. ඒත් නිතර දෙවේලේ එකම වාගේ සංකේත හමුවීම ගෙන එන්නේ නම් ඒකාකාරී බවක්.

අනුන් කරනා නිසාම තේමාවක් තෝරා ගන්නා තැනින් එහාට අපට ගමන් කළ හැකියි. තේමාව විදියට පැහැයක් ගත්තොත් එහි උචිත බවද සැලකිල්ලට ගත යුතුයි. තේමාව සුබ ලකුණක්ම වීමත් වුවමනා කරනවා. තේමාවක වඩාත් හොඳින් කාටත් දැනෙන සුළු බවත් ගැබ් විය යුතු බව තමයි මගේ විශ්වාසය.

වර්ණයකින්, සංකේතයකින් ඔබ්බට ගිය තේමාවන් අද අපට හමුවෙනවා. කන්ද උඩරට, උතුරු ඉන්දියානු , නැතිනම් බටහිර ආදී වශයෙන් අපට මේවා වෙන්කර ගන්නටත් පුළුවනි. මේ විදයට තෝරාගත් තේමාවකට උචිත විදියට අමුත්තන් ඊට ඒකාත්මික කරවිමේ කටයුත්ත බාරදූර එකක් වෙනවා. මූලිකවම ඒ වගකීම පැවරෙන්නේ නිර්මාණකරුවන්ට. දසුනින් පමණක් නොවෙයි, සියොලඟමට තේමාව දැනෙන්නට සැලැස්වීමට හැකි නම් කාර්යය වඩාත් සාර්ථකයි. එහෙත් අතිශයින් පෙරදිග ශාස්ත්‍රීය ආරට සැලසුම් කොට ඊට බලෙන් බටහිර සංස්කෘතිය ඔබ්බවන්නට ගොස් අරුත්සුන් වුණු නිර්මාණකරණයන්ද මට හමුවී තිබෙනවා.

විවාහ මංගල දිනය පිළිබඳ මුලින්ම ඇඳෙන්නේ විවාහයට පෙරුම් පුරනා දෙදෙනාගේ සිත්වලයි. ඉතින් නොඉවසිල්ලෙන් දෙදෙනාම ඊළඟට ඔවුන්ගේ සිත්වල ඉපදිච්ච මේ 

ලෝකය සැබෑවටම දකින්නට පෙරුම් පුරනවා. ඒ ලෝකය එළිකර දෙන්නට පෙම්වතුන් තෝරාගන්නේ තේමා සැලසුම් නිර්මාණ ශිල්පියාවයි. මින් පසුව ඒ බාරදූර කටයුත්ත පැටවෙන්නේ නිර්මාණකරුවාගේ උරමතයි. තේමා සැලසුම් නිර්මාණකරුවා මේ නිර්මාණය බිහි කරන්නට ඒ වෙනුවෙන් ගැබ්බර වෙනවා කියන්නට පුළුවනි.

කල්යල් බැලූ විවාහ අපේක්‍ෂිතයන්ට තේමා සැලසුම් ශිල්පියා එම මනරම් දිනය උදාකර දෙනවා. එදිනට වඩාත් වැඩි වගකීමක් පැවරෙන තවත් පිරිසක් සිටිනවා. සැබැවින්ම අත්දැකීම්වලින් පරිපූර්ණ විය යුතු ඒ පිරිස අතර ඡායාරූපකරණ සහ වීඩියෝකරණ ශිල්පින් වෙනවා. මේ අය අඩු නැතිව එදින අසිරිය තුන්වැනි ඇසට හසුකර නොගත්තොත් යුවළගේ සියලු අපේක්ෂා බොඳවී යා හැකියි.

ආකර්ෂණීය තේමාවක් අඩු පිරිවැයකින් එළිදක්වන විදිය ඔබට කියා දිය හැකිද ?

තේමාවකට කියලා බරපතල විදියට නාස්තිකාර විය පැහැදම් නොකරන්නට පරෙස්සම් වීමට වගබලා ගැනිම වැදගත්. එනමුත් නිර්මාණකරණයේදී මේවාම කරන්නටය කියලා විධාන කරන්නට බැහැ. ඇත්තටම ඒ සම්බන්ධව රීති මිස නීතිත් නැහැ. ඉතින් මේ සුන්දර කලාවට මැදිහත් විය යුත්තේ විවාහ වීමට සිටින දෙදෙනා සමඟ කතාබහකින් අනතුරුවයි. ඒ මනෝ ලෝකවල හැඩහුරුකම් හඳුනා නොගෙන කරන සියලු කටයුතු අසාර්ථක වීමට පුළුවන්. වරක් එළිදැක්වූ තේමා නිර්මාණයක් නැවත වරක් මතු නොකිරීමට වගබලා ගැනිම තේමා සැලසුම් නිර්මාණකරුවකු සතු විය යුතු දක්ෂතාවක්.

8298 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 10:36
මේ යටතේ එන අනෙකුත් ලිපි: සදා මතකයට නැඟෙන මංගල සැරසිලි »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න