තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 28, බ්‍රහස්පතින්දා 08:49

සදා මතකයට නැඟෙන මංගල සැරසිලි

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(4 මනාප)
Lassana Flora අධිපති ලසන්ත මලවිගේ සදා මතකයට නැඟෙන මංගල දිනය එළැඹෙන තුරු අතැගිලි ගනිමින් සොඳුරු ලොවක දී අතිනත ගන්නට පෙරුම් පුරමින් සිටි ඔබ, ඔබේ මංගල දිනය මෙන්න මේ ආකාරයෙන් සැලසුම් කළ යුතුය යන ප්‍රාර්ථනාවන්ගෙන් සිත පුරවා ගන්නට ඇති. සැබැවින්ම මංගල්ලයට දින නියම කර ගත් දා සිටම ඒ සෑම සියලු දෙයක්ම සිතේ මැවී ඇති ආකාරයට නිර්මාණය කෙරෙනු දැකීම මනාල යුවලකගේ ප්‍රාර්ථනයයි.

 මංගල ඇඳුම්, උත්සව ශාලා සැරසිලි, මංගල පෝරුව, මංගල කේක්, මේ ආදී වශයෙන් වැදගත් වන දේ කෙතරම්ද?

මෙහිදී මංගල උත්සවයට උත්කර්ෂවත් පෙනුමක් ගෙන දෙන ශාලා සැරසිලි එනම් මංගල පෝරුව සෙටිබැක් මල් සැකසුම් ද වඩාත් විශේෂයි. එම නිසාම මෙහිදී මල් සැකසුම් - ශාලා සැරසිලි නිර්මාණ ශිල්පීන්ටද වැඩි කාර්යය භාරයක් පැවරෙනවා. එහි සුන්දර වටපිටාවේ ආකර්ෂණීය බව මැවෙන්නේ ඔවුන්ගේ දෑතින්. ඒ මනාල යුවලගේ සිතේ ඇදී ඇති ආකාරයටයි.

දැන් දැන් මේ මංගල උත්සව සැරසිලිවල නව මුහුණුවරක් ගෙන තිබෙනවා. මේවායේ වෙනස, විවිධත්වය සහ විශේෂත්වය වර්තමානයේ මංගල උත්සවවලදී අපට බොහෝ විට දක්නට පුළුවන්. එම විශේෂත්වය දක්නට ලැබෙන්නේ කුමන ආකාරයෙන්ද? ඒ සඳහා වන නැඹුරුතාවය කෙබඳුද?

මේ පිළිබඳ ලස්සන ෆ්ලෝරා අධිපති ලසන්ත මලවිගේ මහතා අදහස් දැක් වූ අයුරුයි මේ.

මීට වසර ගණනාවකට කලින් බොහෝමයක් මංගල උත්සවවල අපට දක්නට ලැබුණේ සාමාන්‍ය ආකාරයෙන් ඒ ඒ අවස්ථාවට උචිත පරිදි මංගල උත්සවයේ සැරසිලි සිදුකර ඇති ආකාරයයි. නමුත් වර්තමානයේ මංගල උත්සවය එයට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. මංගල පෝරු, මල් සැකසුම් ආදී සෑම දෙයක්ම දැන් නවීකරණය වෙලා. තම මංගල උත්සවයේ සැරසිලිවලට වැඩි ආකර්ෂණීය බවක් ගෙන දෙන්නටත් එතුළින් කැපී පෙනෙන ස්වභාවයක් ඉස්මතු කර ගන්නටත් දැන් වැඩි දෙනෙක් කැමැත්තක් දක්වනවා.

මේ අය අප හමුවන්නට එන්නේ බොහෝ විට අලුත් අදහස් එක්ක. ඇතැම් විට විදේශගතව සිටියදී රැගෙන එන අදහස් එසේත් නැත්නම් අන්තර් ජාලයට ගොස් ලබාගත් නිර්මාණාත්මක දේවල් මේ අය අප වෙත රැගෙන එනවා. මෙතනදීී අපට ඔවුන්ගේ අදහස් බැහැර කරන්නට බැහැ. මේ අයට අවශ්‍ය විදිහට ඔවුන්ගේ සිතේ ඇඳි ඇති ආකාරයට ආකර්ෂණීය ලෙසත් නිර්මාණාත්මකවත් එය ඉටු කර දෙන්නට අප බැඳී සිටිනවා.

මංගල උත්සවයේ සැරසිලි සියල්ලක්ම එකම තේමාවකට අනුව සැලසුම් කිරීමයි දැන් වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ. මංගල පෝරුව - සෙටිබැක් පහන - ශාලා සැරැසිලි – මනාලියගේ යෙහෙළියන්ගේ සාරිවල වර්ණ ආදී වශයෙන් එන සෑම දෙයක්ම තෝරා ගත් තේමාවකට අනුවයි සිදු කෙරෙන්නේ. සමහරුන් කැමැති මල් වර්ග තිබෙනවා. අප බොහෝ විට ඒ අනුව අවශ්‍ය මල් වර්ග යොදා ගන්නවා.

නැවුම් ස්වාභාවික මල්වලින්ම සැරසිලි කිරීමට සමහරුන්ට අවශ්‍ය වනවා. වර්ණ වුවත් ඔවුන් කැමැති වර්ණ යෙදිය යුතුයි. වෙනත් වෙඩින් එකක සිදු නොකළ අලුත්ම ක්‍රමයකට අලුත්ම වෙනසකට අනුව තම මංගල උත්සව සැරසිලි නිර්මාණය කර ගන්නටයි වැඩි දෙනකුගේ කැමැත්ත.

මේ ආකාරයෙන් නිර්මාණාත්මක සැකසුම් කිරීමේදී ඒ සඳහා අධික මුදලක් වැයවන බවයි සමහරුන්ගේ අදහස . . .?

එය වැරැදි අදහසක්. තමන්ට ඒ සඳහා දැරිය හැකි මුදලට අනුව අවශ්‍ය නිර්මාණ සැලසුම් කළ හැකියි

සමහරුන් චාම් පෙනුමක් ගෙන දෙන ආකර්ෂණීය නිමාවක් ඇති සැරසිලිවලට කැමැතියි.

තවත් සමහරුන් වර්ණවත් බව කැපී පෙනෙන ආකාරයේ නිර්මාණවලට කැමැතියි. තවත් අය වඩාත් නිර්මාණාත්මකව සිදු කෙරෙන සැරසිලිවලට කැමැත්තක් දක්වනවා. මේ හැම දෙයකම විවිධත්වයක් තිබෙනවා. ඒ විවිධත්වයට අනුව නිර්මාණශීලී සැරසිලි කළ හැකියි. බොහෝ විට ඇතැම් සැරසිලි සඳහා අපට වටපිටාවෙන් සපයා ගත හැකි ස්වාභාවික දේවල් වුවත් යොදා ගන්නට පුළුවන්.

මංගල දිනයේදී ඔවුන් සෑහීමකට පත්වන ආකාරයෙන් සියල්ල සැලසුම් කර දෙනවා නම් එය ඔවුන්ගේ සිතේ ඇති ලස්සන සිහිනයක් සැබෑ කරදීමක්.

මේ සඳහා හොඳ පුහුණු කාර්යය මණ්ඩලයක සේවය අවශ්‍යයි. දක්ෂ නිර්මාණකරුවන් අවශ්‍යයි. ඔවුන්ගේ සිතේ ඇඳි දේ අපට කළ හැකිය යන විශ්වාසය අපේ සේවාදායකයන් තුළ තිබෙනවා. ඒ වගේම එම විශ්වාසනීය බව එකසේ පවත්වා ගන්නට අප ආයතනයට හැකි වී තිබෙනවා. එය අපට මහත් ආඩම්බරයක්.                                             

9516 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 05, බ්‍රහස්පතින්දා 13:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න