තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 ජූනි 26, බ්‍රහස්පතින්දා 14:43

ඔබේ මංගල දිනයට සුන්දර මතකයන් - රන්දිය හෝටලය

ලිව්වේ  බිනාලි ජයනි රාජපක්ෂ
අගයන්න
(1 මනාපය)
සුන්දර සිහිනයක් සැබෑවක් වන දිනය අමරණීය ලෙසින් සමරන්නට බොහෝ අය තුළ තිබෙන්නේ දැඩි කැමැත්තක්. ඒ දිනයට සුන්දර මතකයක් එක්කරන්නට මනරම් වටපිටාවක් තෝරා ගන්නයි වැඩි දෙනාගේ උත්සාහය. ඔබේ උත්සාහය පෙරටු කොටගෙන දැන් අප ඔබව කැන්දාගෙන යන්නේ සංචාරක මණ්ඩලයේ අංක 01 අනුමැතිය ලත් සොඳුරු නවාතැන් පොලකටයි. මොරටුව නගරයේ සිට බොල්ගොඩ ගඟට යාබදව පිහිටා ඇති මේ සංචාරක නිකේතනය සංචාරක මණ්ඩලයේ තරු එකේ හෝටලයක් ලෙසට අනුමැතිය ලත් රන්දිය හෝටලයයි.

 

ඔබේ මංගල දිනයට, උපන්දින උත්සවය සමරන්නට අමුත්තන් 450 කට සහභාගි විය හැකි වායුසමීකරණය කළ උත්සව ශාලා තුනක් ද අමුත්තන් 150 කට සහභාගි වියහැකි Coffee Shop නම් වූ තවත් උත්සව ශාලාවකින්ද මෙය සමන්විතයි.

මෙම සොඳුරු නවාතැන්පොළට පැමිණෙන අමුත්තන්ගේ වාහන නැවැත්වීම සඳහා වෙනමම රථ ගාලක් මෙහි සකස් කොට ඇත.

දවසේ ඕනෑම වේලාවක ජල ක්‍රීඩා කිරීමට Swimming Poolඑකක්ද පොඩිත්තන්ගේ විනෝදය සඳහාම වෙන්වූ Kiddies Garden එකකින්ද මෙහි සමන්විත වෙයි.

අතේ ඇති මුදලට සුඛෝපභෝගි කාමර ද ආහාර ලබාගැනීමට Open Restaurant එකක් හා Floating Restaurant එකක්ද ඇතුළු පහසුකම් රැසක් ඔබට ලබාගත හැකිය.

ආයතන මිතුරු හමුවකට මිතුරු සාදයකට අවශ්‍ය සෑම වර්ගයේම කෑම වේලක්ම පහසු මිලකට සපයා ගත හැකිය.

සති අන්තයේ සෑම රාත්‍රී භෝජනයකදී කැලිප්සෝ වාදක මණ්ඩලයක් සමග සංගීත සන්ධ්‍යාවකට සහභාගි වීමටත් ඔබට අවස්ථාව ඇත.

තම මංගල දිනය සැමරීමට රන්දිය හෝටලය වෙත පැමිණෙන ඔබට සුවිශේෂ මිල ගණන් යටතේ පැකේජ් මෙන්ම පෝරුව, සෙටිබෑක්, Table Arrengments  ආදි සැරසිලි සියල්ලක්ම නොමිලේ සපයා ගැනීමටත් ඔබට හැකියාව තිබේ. ඊට අමතරව Wedding Menu එක රු. 1200.00 සිට 2500.00 දක්වා මිල ගණන් යටතේ ඔබට ලබාගත හැකිය. දැනට 90 ක කාර්ය මණ්ඩලයක් මෙහි සේවය කරන අතර අප සියලු දෙනා ඔබගේ අවශ්‍යතාවන් සපුරාලීමට කැපවී සිටියි.

අගනුවර ආසන්නයේම පිහිටි මෙම සොඳුරු නවාතැන ඔබට මෙන්ම ඔබේ සුන්දර මතකයන් සාදා අමරණීය වනවා නිසැකයි.

අමතන්න : 0112658442, 0114211001.

 

9563 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න