තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 28, බ්‍රහස්පතින්දා 08:53

මංගල සැරසිලි කලාවේ තිර රෙදි තමයි මෝස්තරේ

ලිව්වේ  නුවන්ති උදටියාවල
අගයන්න
(2 මනාප)
ඔබේ ජීවන ගමන් මගේ ඉතා වැදගත් වූ ආදරණීයම අවස්ථාවක් ලෙස ඔබේ විවාහ මංගල දිනය හඳුන්වන්න පුළුවන්. ඒ ප්‍රීතිමත් දිනය වඩාත් සුන්දර කරගැනීම සෑම යුවළකගේම සිතේ ඇඳුණු සිහිනයක්. ජීවිතයේ ඒ සොඳුරු සිහිනය උත්කර්ෂවත් ලෙස සමරන්න ඕනෑම අයෙක් මාස ගණනාවක් තිස්සේ සැලසුම් කරනවා. මංගල දිනය සමග අත්වැල් බැඳගත් චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැළඳුම් වලට මෙන්ම සැරසිලි වලටත් වර්තමානයේ හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්.

 

අද “සුබමංගලම්” වෙතින් මංගල දිනය හැඩ කරන, “තිර රෙදි” පිළිබඳ දැනුවත් කරන්නට අදහස් කළේ ඒ නිසාමයි. ජනප්‍රිය තිරරෙදි නිර්මාණ ශිල්පියෙකු ඒ පිළිබඳ අපට අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

විවාහ මංගල දිනය කියලා කියන්නේ කාගේත් ජීවිතය ලස්සන කරන දවසක්. වර්තමානයේ විවාහ උත්සවයට සූදානම් වන යුවළක් විවාහ උත්සවයට යොදා ගන්නා මල්වර්ග, සැරසිලි පිළිබඳ අවධානය යොමුකරනවා. මේ අතර තිර රෙදිත් ඉතා වැදගත්. විශේෂයෙන්ම තිර රෙදි වලින් විවාහයට පිළිවෙළක්, සුන්දර බවක් ආරූඩ කර දීමට පුළුවන්. විවිධ වර්ණ වල තිරරෙදි මංගල දිනයේදී යොදා ගැනීමට පුළුවන්.

නමුත් තිර රෙදි සඳහා බොහෝ විට මංගල දිනයේ භාවිත කරන තේමා වර්ණය අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍යයෙන් විවාහ මංගල උත්සවයක තිර රෙදි සඳහා බොහෝවිට යොදා ගනු ලබනනේ සුදු වර්ණයයි. සුදු වර්ණය සහිත තිර රෙදි සමග ලා නිල්, ලා කොළ වැනි විදුලි බුබුළු සම්බන්ධ කිරීමෙන් නෙතට පි‍්‍රය වූ අලංකාර වර්ණ ලබා ගැනීමට පුළුවන. සුදු පාට තිර රෙදි සකස් කිරීම සඳහා වයිට් වෙට්ලුක් රෙද්ද තමයි බහුලව භාවිත වෙන්නෙ.

තනි සුදු පැහැ තිර රෙදි නිර්මාණය කිරීමේදී ප්ලීට්ස් ඉතා ඝනකම්ව ළඟින් ළඟ බොහෝ ප්‍රමාණයක් තබා මැසීම මඟින් එහි අලංකාරභාවය වැඩිකර ගැනීමට පුළුවන්. මුද්‍රිත රෙදි වලින් තිර රෙදි නිර්මාණය කිරීමේදී එම රෙද්දේ මෝස්තරය කැපී පෙනෙන පරිදි නිර්මාණය කර ගැනීම වැදගත් වනවා.

මෙහිදී විශේෂයෙන්ම තිරරෙදි සඳහා යොදාගනු ලබන අනෙකුත් ද්‍රව්‍ය වන රේන්ද ආදිය තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතුයි. ඒවා රෙදිවල වර්ණයට උචිත සහ ගැලපෙන ඒවා විය යුතුයි.

විවාහ මංගල්‍යයේ දෙවන දිනය අලංකාර කර ගැනීම සඳහා රතු මිශ්‍ර තිරරෙදි වඩාත් යෝග්‍ය වේ. මන්ද එදින තේමා වර්ණ බොහෝවිට රතු හෝ ඊට ආසන්නයේ ඇති වර්ණයන් නිසාවෙනි.

නමුත් ඊට අදාළ අයගේ කැමැත්ත මත තිර රෙදි වල වර්ණය වෙනස් කරගත හැක. විවාහ උත්සවය පැවැත්වෙන වේලාව අනුව අවශ්‍ය නම් පමණක් තිර රෙදි වල වර්ණය වෙනස් කර ගත හැක. දිවා කාලයේදී පැවැත්වෙන විවාහ උත්සව සඳහා තද පැහැ තිර රෙදි යොදා ගැනීම එතරම් සුදුසු නොවේ.

එමෙන්ම මංගල උත්සවය පැවැත්වෙන උත්සව ශාලාවේ ප්‍රමාණය අනුව මෙම තිරරෙදි විලාසිතා විවිධ වේ. සාමාන්‍යයෙන් කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ උත්සව ශාලාවකට ඉතා සංකීර්ණ වූ තිරරෙදි විලාසිතා සුදුසු නොවේ.

ඒ සඳහා යෝග්‍ය වන්නේ තනි පැහැයකින් සමන්විත වූ චාම් මෝස්තරයකි. විශාල ප්‍රමාණයේ උත්සව ශාලාවක් සඳහා මුද්‍රිත රෙදිවලින් නිර්මාණය කළ සංකීර්ණ මෝස්තර රටා යොදා ගත හැකිය.

වර්තමානය වන විට විවිධ තිරරෙදි විලාසිතා විවිධ ආකාරයට තම මංගල දිනයේදී භාවිත කිරීමට බොහෝ දෙනා පෙළඹෙති. නමුත් ඇතැම් විට අපගේ නොදැනුම්වත් භාවය නිසා භාවිතා කරන තිරරෙදි සැරසිල්ල අලංකාරයක් ගෙන දෙනවා වෙනුවට විවාහ දිනයේ චාම් සරල අලංකාර බව බිඳ දමමින් අවලස්සනක් ගෙන දිය හැකිය. මේ නිසා මංගල දිනය සඳහා තිරරෙදි භාවිත කිරීමේදී ඔබේ නිසි අවධානය ඒ සඳහා යොමු කිරීම සුදුසු වේ. ඒ සඳහා ඔබට ඉහත කරුණුද උපකාර වේවි.

10659 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 05, බ්‍රහස්පතින්දා 13:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න