තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 සැප්තැම්බර් 18, බ්‍රහස්පතින්දා 12:48

ඔබගේ අනාගතය වෙනස් කිරීමේ අභියෝගය අපට භාර දෙන්න

Written by 
අගයන්න
(1 මනාපය)
නුගේගොඩ ආසියානු හෝටල් පාසල හා වෘත්තීය අධ්‍යාපන පීඨය ලංකා ආසියානු වෘත්තීය අධ්‍යාපන පීඨය වසර 25 ක් පුරා හෝටල් පාඨමාලා, කොණ්ඩා කැපීමේ ශිල්පීය හා රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලා මෙහෙයවනු ලබයි. ආසියානු හෝටල් පාසල සංචාරක ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන දැඩි ඉල්ලුමට ගැළපෙන දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ නුගේගොඩ ජාත්‍යන්තර හෝටල් පාසලට සාමාන්‍ය පෙළ අවසන් කළ අවුරුදු 16 ට වැඩි සිසුනට අයැදුම් කළ හැකියි.

 

ලොව පිළිගත් විශේෂ නිර්දේශ යටතේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන මෙම පාසල සතු පාඨමාලා රැසකි. ආහාර පාන, භෝජනාගාර සේවය හෝටල් ගෘහ පාලනය, සම කළමනාකරණය, අමුත්තන් පිළිගැනීම සහ මහජන සම්බන්ධීකරණය, බටහිර ආහාරපාන සැකසීම හෙවත් ජාත්‍යන්තර සූප ශාස්ත්‍රය, අපරදිග ආසියානු ආහාර සහ චීන ආහාර සෑදීම, පේස්ට්‍රි සහ බේකරි නිෂ්පාදන සැකසීම, කිචන් ආර්ට්ස්, කේක් අයිසිං ඇතුළු පාඨමාලා රැසක් මෙහිදී හැදෑරීමේ අවකාශ හිමි වේ.

වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මෙම පාඨමාලා උපාධිධාරී පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් යටතේ හැදෑරිය හැකියි. ඕනෑම සුපිරි හෝටලයක සේවයට සරිලන යාවත්කාලීන මානව සම්පත් බිහි කරමින් දෙස් විදෙස් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වෙළෙඳපොළට ඉහළ ඉල්ලුමක් දිනා ගැනීමට මෙහි පාඨමාලාධාරීන්ට අවස්ථාව හිමි කර දී ඇත. පුහුණුව අතරතුර ආධුනිකත්ව පුහුණුවක් සහ වැටුපක් ලබාදෙනු ලැබේ.

මෙරට සහ පිටරට රැකියාවක් සඳහා පුහුණුව ලබන්න ඔබට කදිම අවස්ථාවකි, ජාත්‍යන්තර හෙයාර් ස්ටයිලිෂ්ට් පාඨමාලාව.

නවීන විලාසිතා හා ජාත්‍යන්තර පිළිගත් (NVQ Level-4) සහතිකය හිමි කර ගත් කොණ්ඩා කැපීමේ ශිල්පීය හා රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලාද මෙම ආයතනයෙහි හැදෑරිය හැකියි. මේ හරහා ජාත්‍යන්තර මට්ටමේ රූපලාවණ්‍ය සහ කොණ්ඩා සැකසීමේ සහතිකලාභියකු වීම මගින් ඕනෑම රටක වීසා ලැබීමට ඔබ සුදුස්සෙක් කරවයි. මනා ප්‍රමිතියකින් යුතු සැලෝනයක් පවත්වාගෙන යමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන්නට මෙය හොඳම මාවත වනු ඇත.ආසියානු ලංකා අධ්‍යාපන පීඨය ප්‍රවීණ මාධ්‍යවේදී සහ විදේශ ප්‍රවෘත්ති විචාරක ඒ. බී. ලලිත් ද සිල්වා මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර පළපුරුදු ආචාර්ය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.

පෙර පාසල් ගුරු පුහුණුව NVQ මට්ටමේ රජයේ සහතිකය ලබාදෙන මෙම පාඨමාලා සඳහාද ඔබට දැන් ඇතුළත්විය හැකියි. විස්තර ගෙන්වා ගැනීමට දුරකථන අංක 0112810045, 0112826412, 0114340380 හෝ ඔබගේ ලිපිනය අපට ලබා දෙන්න. නැතහොත් නුගේගොඩට පැමිණ නිමාලි හෝ මනෝජා හමුවන්න.

215, හයිලෙවල් පාර, නුගේගොඩ. (සෙලාන් බැංකුව අසල)

8355 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 සැප්තැම්බර් 18, බ්‍රහස්පතින්දා 12:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න