තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 නොවැම්බර් 11, අඟහරුවාදා 13:03

අමරණීය මතකයකට ඔන්රිච් හෝටලය

ලිව්වේ  දිස්නා අල්විස්
අගයන්න
(0 මනාප)
සොඳුරු විවාහ උත්සවය, ජීවිතේ පුරාවට මතකයේ රැඳෙනා සුන්දරතම සටහනයි. විවාහ උත්සවය ගැන කතා කරන විට මංගල ආභරණ, ඇඳුම් පැලැඳුම්, නැකැත් චාරිත්‍ර ආදියට මෙන්ම විවාහ උත්සවය පවත්වන උත්සව ශාලාවට හිමිවන්නේද ප්‍රමුඛ ස්ථානයක්. ගමනාගමනයට ඇති පහසුව අවකාශය, වගේම එහි සුන්දරත්වය හා වෙඩින් ඇල්බමයට ගැළපෙන ඡායාරූප ගැනීමට සුදුසු වටපිටාව පිළිබඳවත් අද බොහෝ දෙනා සැලකිලිමත්.

 

මෙම සියලු දෙයින් අගතැන් වු ඔන්රිච් හෝටලය ඔබගේ විවාහ උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීමට ඔබට අවස්ථාව තිබේ.

මීගමූව පුරවරයේ අධිවේගී මාර්ගයට යාබදව පිහිටා ඇති ඔන්රිච් උත්සව ශාලාව මීගමුව කලපුවට මුහුණලා පිහිටි මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත.

වායු සමීකරණය කරන ලද උත්සව ශාලා තුළ 450 කට පමණ ඉඩ පහසුකම් වලින් සමන්විතය. සම්පූර්ණ හෝටල් පරිශ්‍රය තුළ 3000 කට පමණ පහසුකම් පවතින අතර වාහන 300 ක් පමණ නවතා තැබීමට අවකාශය තිබේ.

විවාහ මංගල්‍ය වලට අමතරව, කාර්යාල මිතුරු සාද, වැඩමුළු, ආදිය සඳහා ද ඔන්රිච් උත්සව ශාලා මැනවින් ගැළපෙන්නේය.

වායු සමනය කරන ලද සුවපහසු කාමර ජාලයකින් ඔන්රිච් හෝටලය සමන්විතය.

පිහිණුම් තටාකය, නවීන මාදිලියේ විදුලි ආලෝක පද්ධති, ආරක්ෂක සේවය, සුවිශේෂී ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සුහදශීලී කාර්ය මණ්ඩල සේවාවන් ඔබ වෙනුවෙනි.

වරක් පැමිණි ඔබ නැවතත් කැඳවීමට තරම් සැබෑ ආකර්ෂණයකින් යුතු ඔන්රිච් උත්සව ශාලාවට පැමිණ ඔබත් එහි සුන්දරත්වය අත්දකින්න.

 

10754 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 නොවැම්බර් 11, අඟහරුවාදා 13:05
අදහස් එක් කිරීමට ලොග් වෙන්න