තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 28, බ්‍රහස්පතින්දා 13:57

කැමරා ඇස ලස්සන දකින්නේ සිනහවෙන් පමණක් නොවෙයි

ලිව්වේ  අනුෂා පතිරණගේ
අගයන්න
(3 මනාප)
මනාලියක් කියන්නේ රංගන ශිල්පිනියක් කියලා සිතන්න එපා ! රත් පැහැති මල් පිපුණු සුන්දර මැයි ගස් මැදින් වැටී තිබෙන දෙවැට දිගේ අප සෙමෙන් ඇවිද යන්නෙමු. වෙසඟෙහි අසිරියත් සමඟ උදාවන මේ සමනල වසත් කාලය අපේම ලොවක එක්තැන් වන්නට කෙරෙන සොඳුරු ආරාධනයක් බඳුය. එනයින්ම දහසකුත් ආදර පැනුම් මැදින් අපේම සිහින ලෝකයේ සප්ත මහල් ප්‍රාසාදය හෙට දින ඉදි කරන්නට අප සිතන්නෙමු.

ඒ සොඳුරු මතක සැමරුමට සදාකාලික වටිනාකමක් එක් කරන්නට අප සිතන්නේ හද පිරි සතුටිනි. එහෙත් ඔබේ ජීවිතය හා සමානව ආදරය කරන මේ අති සුන්දර දිනය හැමදාමත් ජීවමාන කරගන්නේ කෙසේද? ඒ ආසාව අභියෝගයක් නොවන්නට ඔබට මේ හෘදයාංගම උපදෙස් මංගල ඡායාරූප කලාවේ ප්‍රවීණයකු වන දයාන් විතාරණයන්ගෙනි.

ඇත්තටම යුවතියන් මංගල දිනයේදී හොඳ ඡායාරූප ශිල්පියකු තෝරා ගන්නේ කොහොමද?

මංගල දිනය සෑම යුවතියකගේම අතිශය සුන්දර දිනය වනවාට සැක නැහැ. එය ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නොවෙයි. ඒ නිසා ඒ සෑම වැදගත් අවස්ථාවක්ම හොඳ ඡායාරූප ශිල්පියකුගේ කැමරා කාචයෙන් මඟ හැරී යන්න බෑ. ඒ තාත්වික නිරූපණයන් තාත්විකවම ඔහු සටහන් කර ගන්නට ඕන. මේ වගකීම දක්ෂ ඡායාරූප ශිල්පියකු හොඳට දන්නවා. මොකද ඔහුට පළපුරුද්දක් තිබෙන නිසයි. විවාහයක චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම විවාහක පසුබිම, ඔවුන්ගේ හැසිරීම් රටාවන් හොඳ ශිල්පියකු තම අත්දැකීමෙන් ඉගෙන ගන්නවා. ඉතින් අත්දැකීම් මංගල දිනයක ඡායාරූප ආවරණය කරන්නකු සතු හොඳ ලක්ෂණ වෙනවා.

අනික් කාරණය තමයි ඔහු හොඳ නිර්මාණ ශිල්පියකු වීමත් ඒ ඒ අවස්ථාව අනුව සොබා දහම ද මුසු කරගනිමින් ඔහුට තම කාර්යයන් කර ගන්නට පුළුවනි.

දක්ෂ ඡායාරූප ශිල්පියකු නිතරම තමන්ගේ සීමාවන් දැනගෙනයි කටයුතු කරන්නේ. සිතන්න, මංගල අවස්ථාව පැවැත්වෙන්නේ පල්ලියක නම් පූජකවරු කැමැති නෑ ඒ මැදට පැනලා අපි ෆොටෝ ගන්නවාට. ඉතින් ශිල්පියා දැන ගන්නට ඕනෑ ඒ අවස්ථාවට හා ඒ පුද්ගලයන්ට බාධා නොවෙනා ලෙස එය සටහන් කරගන්න.

අද සමහරු මංගල දිනය ආවරණය කරන විට මනාලියගේ අඟ පසඟ පෙනෙනා ලෙස මෙන්ම රාගික සිතුවිලි උද්දීපනය වන ලෙස ඡායාරූප ගන්නවා. මේ දේවල්වලට මම නම් ප්‍රබල ලෙස විරුද්ධයි. මොකද රැකදීම විනා ඔවුන්ගේ පාරිශුද්ධත්වය කෙළෙසීමට කැමරා ශිල්පියකුට කිසිම අයිතියක් නෑ. අපට හිමි සදාචාරයක්, සංස්කෘතියක් තිබෙනවා. ඉන් ඔබ්බට ගොස් කටයුතු කිරීමේ කිසිදු සදාචාරවත් බවක් මා නම් දකින්නේ නෑ. නිර්මාණශිලීත්වය තිබෙන්නේ එතැන නොවෙයි. එය බොහොම නිර්මලයි. සිතන්න, මේ යුවළ කෙදිනක හෝ වියපත් වනවා. එවන් දිනක ඔවුන්ගේ මේ සැමරුම් දරුවන් අතට යනවා. එවිට ඒ දරුවන් තම මාපියන්ගෙන් ලබනා පරමාදර්ශය මොකක්ද? ඒ නිසා මෙයින් වසර ගණනාවක් ගත වුවත් ඔවුන්ගේ මව දරුවකුට කෙදිනක හෝ බලා රස විඳිය හැකි, යමක් උගන්නට හැකි ලෙසටයි කැමරා ශිල්පියා තම වගකීම ඉටු කරන්නට ඕනේ. මෙන්න මෙවැනි ලක්ෂණ දෙස අවධානය යොමු කළොත් ඔබේ ලස්සන මංගල දිනයට වටිනාකම් එක් කරන ඒ හොඳ කැමරා ශිල්පියා කවුරුන්ද කියා තෝරා ගැනීම ඔබට අපහසු එකක් නොවෙතැයි සිතනවා.

ඔබ සේයාරූ කලාවේ නිර්මාණශීලී ප්‍රවීණයකු වන්නේ උක්තව කී ලක්ෂණ නිසාම ද?

මෙහෙමයි, වසර විසිහතක ක්ෂේත්‍රගත පළපුරුද්දක් තිබෙන නිසා මා උගත් දෙයක් තිබෙනවා. ඔබ මෙන්ම බොහෝ දෙනා මාගේ ඡායාරූප අගයනවා. ඒක මට සතුටක්. ඒ උගත් දේ ඇසුරිනුයි මා නිතර මාගේ කැමරා ඇස මෙහෙයවන්නේ. එය තමයි ඔබ කියනා ඔය මනබඳිනා බව වන්න ඕන.

ඒ කියන්නේ ඔබේ විශේෂිත රහස් මුකුත්ම නෑ...

රහසක් කියන්නම බෑ. ඒත් ඒක මෙහෙමයි. මම බොහෝ දුරට අවස්ථා කැමරාගත කරද්දි ආලෝකකරණය පිළිබඳ විශේෂයෙන් සිතනවා. ඒ ඒ අවස්ථාවන් තාත්විකව ඉස්මතු කර පෙන්වීමට කෘත්‍රිම ආලෝකය මෙන්ම ස්වභාවික ආලෝකය ද එකට සම්මිශ්‍රව යොදා ගන්නවා. අනික් කරුණ තමයි මගේ තිබෙන අත්දැකීම් සහගත භාවය නිසාම මට ඕනෑම මනාලියක්ව විනිවිද දකින්න පුළුවනි. ඇගේ ලස්සන වඩාත් ඉස්මතු වන්නේ හිනාවන විටදී ද, හිනා නොවන විටදී ද... එහෙම නැත්නම් පැත්තෙන් බලන විට ද... කෙළින් බලා ඉන්නාවිට ද...? ඒක මට දැනෙනවා. මේ ඉව මට සංසාරෙන් ආ එකක් වන්නත් පුළුවනි. ඉතින් අන්න ඒ ලස්සන සුන්දරත්වය ඉස්මතුවන ලෙසයි නිතරම මා මගේ කැමරාව ක්‍රියාත්මක කරවන්නේ. සමහරවිට ඔය කියනා රහස තිබෙන්නේ අන්න එවැනි තැන්වල වන්නට පුළුවනි.

ඔබේ ඔය දිගු කාලීන පළපුරුද්දත් එක්ක අපට කියන්න ඇත්තටම කැමරාවකට ලස්සන ෆුල් මේක් අප් එකක් දැමූ මනාලියක් ද චාම්ව හැඩ ගැන්වුණු මනාලියක් ද...?

ඔව්. ඒක කියන්න ඕන. මනාලියක් කියන්නේ රංගන ශිල්පිනියක් නෙමෙයිනේ. රංගන ශිල්පිනියක් අප දකින්නේ තිරයෙන්. වේදිකාවක නම් ඈතින්. ඒ නිසා ඇයට වැඩි මේක් අප් එකක් අවශ්‍යයි. නමුත් අප මනාලියක් දකින්නේ සැබෑවට. අනික අපි සැවොම ඇයව බොහොම සමීපව දකිනවා. ඒ නිසා පමණට වඩා ඇය රූ ගැන්වීම තුළ ඇගේ රුවට ලැබෙනා වෙනස් බව දකිනා අය විතරක් නෙමෙයි කැමරාවත් දකිනවා. ඒ නිසානේ ඔය සමහරු කියන්නේ අනේ ඔයාව අඳුනන්නත් බෑනේ... කියලා. ඒ 


මෙතරම් අත්දැකීම් බහුල ඔබට මේ මගෙහි අමතක නොවන සිදුවීම් එමට ඇති...
නිසා මනාලියකට වුවත් මැද මාවත හොඳයි. ඒ කියන්නේ ඇය සාමාන්‍ය යුවතියක් ලෙසටවත්, අඟහරු ලෝකයෙන් බැහැපු අයකු ලෙසවත් නොවෙයි අවස්ථාවට විශේෂ චරිතයක් ලෙස හැඩගැන්වී ඉන්නවා නම් ඇත්තටම ඇය සොඳුරු මනාලියක්.

ඇත්තටම මට සෑම මඟුල් ගෙදරකම විශේෂ දෙයක් සිදුවනවා. ඒවා වෙලාවකට රසබර වගේම සංවේදීයි. දිනක් එක මනාලියක් පෝරුවට නැග්ගේ ඇයව හඳුනා ගන්නත් බැරි තරමට විරූපී වෙලා. මොකද ඇගේ කට ඉදිමිලා. හේතුව තමයි ඇය ෆේෂල් එක කරලා තියෙන්නේ මංගල දිනයට පෙරදා.

ඉතින් ඇගේ ලස්සන එක මොහොතකින් අවලස්සන වුණා. සාදය තිබුණෙත් තරු පහේ හෝටලයක. මමත් පුදුමාකාර තරම් සසළ වුණා. මොකද කරන්නේ...? මම දහ අතේ කල්පනා කළා. ඔවුන්ගේ ඒ වටිනා අවස්ථාව මඟ හැරෙන්නටත්, මනාලියට අපහසුතාවයක් වන්නටත් මගේ හිතේ ඉඩක් නෑ. ඉතින් මම හැකි උපරිමය යොදා හොඳින් ඒ කාර්යය නිම කළා. අදටත් ඒ පින්තූර බලනා කිසිවකුටත් ඒ වෙනස සොයා ගන්න බෑ.

ඔබේ ඇස ගැටුණු ලස්සනම මංගල අවස්ථාව සිහිපත් කළොත්...?

ඔව් ඇත්තටම මට එහෙම විශේෂ මතකයක් තියෙන මංගල අවස්ථාවක් තිබෙනවා. එය ලස්සනට වඩා විශේෂිත එකක් ලෙසයි මට දැනෙන්නේ. ඔහු බොහොම ජනපි‍්‍රය පුද්ගලයෙක්. විශේෂයෙන්ම තරුණ පරපුර අතරේ උන්මාදයක් ඇති කළ ගායකයෙක්. විශේෂිත අනුග්‍රහ ඕනෑතරම් ලබාගත හැකිව තිබියදී ඔහු ඒ කිසිදු විශේෂිත වරප්‍රසාදයකින් තොරව ඔහුගේ මංගල ඇඳුම ඔහුම තනිවම හදා ගත්තා. මල් කුමර කුමරියෝ නෑ. මනාල යුවළ විතරයි. මහා සේනාවකුත් නෑ හිටියේ. නිවෙසේ සමීපතමයන් විතරයි. ආගමික කටයුතු වලින් පස්සේ පුංචි අවස්ථාවක් තරු පහේ හෝටලයක නෙමෙයි තමන් උස්මහත් වුණු නිවෙසේ පැවැත්වුණා.

විශේෂම දේ තමයි මම හිතන්නේ ඔහු සහකාරිය කරගත්තේ අත පැතූ දහසකුත් ප්‍රේමණීය හදවත් පසෙක තබා වැලිකෙළියේ පටන් පෙම්බැඳි ඇයව. මම හිතන්නේ ඒ විවාහය ඔබ අප කවුරුත් දන්නවා. ඒ අපේ ජනපි‍්‍රය ගායකයකු වූ ශිහාන් මිහිරංග. ඔහු ප්‍රේමයට මෙන්ම විවාහ මංගල උත්සවයකටත් කදිම පරමාදර්ශයක් වුණා.          

බොහෝම ඉහළයි. ඒ සෞන්දර්ය නිසාමයි ඡායාරූප ශිල්පියකු වූයේත්. ගීතය සිත නිවෙනා දෙයක්. හොඳ වෘත්තිකයකුට සෞන්දර්ය ඕන. එවිට ජීවිතය සාර්ථක වනවා.

අද වෛද්‍යවරු ගීත ගයනවා. ඔවුන් අද හොඳ වෛද්‍යවරු. මාගේත් ජීවිතයේ යම් සාර්ථකත්වයක් තිබේනම් එතැන ගීතයත් ඇති බව විශ්වාස කරනවා. මගේ අම්මා අද ජීවතුන් අතර නෑ. නමුත් මවුගුණ ගී ගයන්න ගොඩාක් කැමැතියි. ඒ වගේම බොදු ගී ගයන්නත් කැමැතියි. ඒවායින් පුදුමාකාර තරම් සැනසීමක් ලබනවා.

10226 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 05, බ්‍රහස්පතින්දා 13:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න