තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ජයමංගල ගාථා සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:12

රූපලාවණ්‍යාගාරයක තිබිය යුතු ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍යාගාරයක අවදානමක් නොතිබිය හැකි යැයි අප කිසිසේත් ම සිතිය යුතු නොවේ. රූපලාවණ්‍යාගාරයක විදුලියෙන් ක්‍රියා කරන උපකරණ, රසායනික ද්‍රව්‍ය, විවිධ උපකරණ හා උපාංග ආදිය ඇති බැවින් අප නොසිතන ආකාරයේ අනතුරක් වුවද සිදු විය හැකියි. එහෙත් අප ඒ ගැන පළමුව සිතා ඒවා වැළැක්වීමටත් එවැනි සිදු වීමක දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන දැනුවත් බවකින් සිටීමෙනුත් අනතුරු වළක්වා ගැනීමට මෙන්ම ඉන් සිදුවන හානිය වළක්වා ගැනීමටත් හැකි වේ.

 

 

පසුගිය පාඩම් කිහිපයේ දී ම අප ඔබට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර අද ඒ පිළිබඳ තවත් කරුණු ඉදිරිපත් කරන්නෙමු. මෙහි අවසාන කරුණ වන්නේ,

සෞඛ්‍යමය හා ආරක්ෂාකාරී තත්ත්වයන් නිතරම ක්‍රියාත්මක කිරීමයි.

* ඕනෑම රූපලාවණ්‍යාගාරයක තමාටම පහසු වන ලෙස හා වෘත්තීය ස්ථානයට අදාළ ලෙස ප්‍රතිපත්ති සකස් කළ යුතුය. ඒවා සේවාදායකයන්ගේ සහ සේවකයන්ගේ යහපත සඳහාම ක්‍රියාත්මක කළ යුතු ඒවා වේ. නිසි නිල ඇඳුම්, පාවහන් ආදිය ගැන අවධානය යෙදිය යුතු වන්නේ ඒවා ඔබේ ආයතනයේ ප්‍රතිරූපය ගොඩනැගීමට දායක වන නිසයි. මේවා සමඟින් දෛනික වැඩ කටයුතු පාලනය විය යුතුය.

* හදිසියෙන් හානියක් විය හැකි හෝ අනතුරක් විය හැකි තත්ත්වයන් ගැන නිතරම අවධානයෙන් සිටීම සහ එවැනි දෙයක් සිදු වූ විට ගන්නා ක්‍රියාමාර්ග ඉඳහිට පුහුණු වීම නිතැතින්ම කළ යුතු වේ. එවැනි පුහුණුවීම් තුළින්, හැබැහින් එවැනි තත්ත්වයක් ඇති වූ විට සේවකයන් විසින් නිසි ක්‍රියාදාමයන් එලෙසම ඉටු කිරීමට දැනුවත් වී සිටිනු ඇත.

* සේවාදායකයන්ගේ සහ සේවකයන්ගේ සෞඛ්‍යමය තත්ත්වයන් සහ ආරක්ෂාව තහවුරු කිරීමට තවත් ගත යුතු ක්‍රියාමාර්ග තිබේ නම් ඒවා වහාම සම්පාදනයකර ක්‍රියාවට නැංවීමත් ඒ පිළිබඳ සේවා ස්ථානයේ සියලුම දෙනා දැනුවත් කිරීමත් ඔවුන්ව ඒවාට පුහුණු කිරීමත් අත්‍යාවශ්‍ය කරුණකි.

අහම්බයෙන් සිදුවන දේවල් හා අනපේක්ෂිත අවස්ථාවල දී ඇති වන අනතුරුදායක තත්ත්වයන් හසුරුවා ගන්නා ආකාරය.

* අහම්බයෙන්, බලාපොරොත්තු රහිත අවස්ථාවල දී ඇතිවන අනතුරු තත්ත්වයක දී, සේවාදායකයාගේ ආරක්ෂාව ගැන ප්‍රමුඛතාවක් දී වහාම ක්‍රියාත්මක වීම

* වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔවුන් යොමු කරවීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කළ යුතුය.

* සිදු වූ සිද්ධිය පිළිබඳ නිසි වාර්තාගත කිරීම්, සටහන් කිරීම් සිදුකර ඒවා අවශ්‍ය විටෙක ඉදිරිපත් කිරීමට ආරක්ෂා සහිත ස්ථානයක තැබිය යුතුය.

* අහම්බයෙන් සිදු වූ අනතුරු තත්ත්වයන් සඳහා නීතිමය පියවරවලට යොමු වීමට සිදු වේ නම් ඒ සඳහා යොමු වීම නොවලහා සිදු කිරීම සහ ඒ සඳහා සුදුසු උපදෙස් ගැනීමට යොමු විය යුතු අය ගැන හොඳින් සොයා බලා එවැන්නකු තෝරා ගැනීමට කළ යුතුය.

රූපලාවණ්‍ය වෘත්තියේ නියැළෙන සියලුම අයගේ අවධානය ඉහත මාතෘකාව වෙත යොමු වීම අත්‍යාවශ්‍ය වන්නේ, ඔබේ රැකියාව ක්‍රියාත්මක වන්නේ තවත් ජීවී මිනිස් සිරුරක් මත වන නිසා බව අමතක නොකළ යුතු බැවිනි.

 

 

 

උපදෙස්

සම්මානිත මහාචාර්ය රමණී අර්සකුලරත්න

1225 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:13
අදහස් එක් කිරීමට ලොග් වෙන්න