තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 සැප්තැම්බර් 12, බදාදා 15:37

මංගල අභරණ මිලදී ගන්නට පෙර මේ ගැන දැනගන්න විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(12 මනාප)
මංගල දිනයක් ගැන කතා කරන විට රන් අභරණ ගැන නිතතින්ම කියවෙන්නකි. රන් ආභරණත් කාන්තාවන් අතර ඇති සැබැදියාව නිසාම මංගල දිනයේ රනින් සැරසෙන්නට සෑම යුවතියක්ම සිහින මවති. තමාට ඇති වත්කම් අනුව රනින් තැනූ මාලයක්, මුදුවක් පළඳින්නේ මංගල දිනයේ සංකේතයක් ලෙසිනි.

මංගල දිනයට සැරසෙන සෑම කෙනෙකුම කල්වේලා ඇතිව මිලදී ගන්නේ රන් ආභරණය. මෑත කාලයේ මිල අධික වූ රන් භාණ්ඩ මිලදී ගැනීමේදී නොදැනුවත්කම නිසාම බොහෝ දෙනෙකු වංචාවන්ට හසු වූ අවස්ථා අපට අසන්නට ලැබෙති.

මංගල දිනයට මුදුවක් හෝ මාලයක් මිලදී ගැනීමට පෙර ඔබ සිතා බැලිය යුතු කරුණු කිහිපයකි. එමෙන්ම මේ ගැන දෙවරක් නොව තෙවරක්ම සොයා බැලීම වඩාත් කාලෝචිතය.

ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ මිල, හැඩය, ප්‍රමාණය, විලාසිතාව, රටාව ගැන ඔබ ඒකමතිකව තීරණය කලත් රන් භාණ්ඩය මිලදී ගන්නා ස්ථානය පිළිබඳ විශ්වසනීයභාවය ගැන හොඳින්ම සොයා බැලිය යුතුමය.

හොර තරාදි, මිනුම් උපකරණ හා රත්තරන් වෙනුවට යෙදු වෙන ලෝහ නිසා සැබෑ රත්තරන් තෝරා ගැනීම තරම

ක අසීරු ක්‍රියාවකි. එහෙත් කාලයක සිට පවත්වාගෙන යන හොඳ නමක් දිනූ වෙළඳ ආයතනයක මෙවැනි වංචනික ක්‍රියා සිදු නොවන බව සහතිකය.

රන් භාණ්ඩ මිලදී ගැනීමේ දී මුලින්ම කල යුතු වන්නේ මිලදී ගන්නා රන් භාණ්ඩය සේම මිලදී ගන්නා ස්ථානය ද තීරණය කිරීමය.

මෙහි දී ඔබට රන් භාණ්ඩ ගැන අවබෝධයක් නොවේ නම් ඒ ගැන යම් අවබෝධයක් හා දැනුමක් ඇති වැඩිහිටියකුගේ උපදෙස් පැතීම වඩාත් වැදගත් ය.

මෑත කාලයේ බොහෝ දෙනෙකු රත්තරන් වලට රැවටෙන්නේ එහි බාහිර පෙනුමටය. එය ඔබ කරන ලොකුම වරදකි.

ඇතැම් විට රත්තරන් මිලදී ගන්නා විට සුළු ලාභය ගැන සිතන පිරිසක් ද වෙති. සුළු ලාභය ගැන සිතා වගකීමකින් තොර ස්ථානයකින් රන් ආභරණ මිලදී ගත් බොහෝ පිරිස් ගැන මේ දිනවල අපට අසන්නට ලැබේ.

මිල දී ගත් පසු ඒ ගැන ලතවිමට වඩා තම ජීවිතයේ වැදගත්ම දිනය වෙනුවෙන් ගන්නා රන් භාණ්ඩය විශ්වාසවන්ත තැනකින් මිලදී ගත් විට ප්‍රශ්න බොහෝමයක් අඩුය.

රන් භාණ්ඩයක තවත් සැලකිලිමත් විය යුතු වන්නේ භාණ්ඩයේ නිමාවයි. භාණ්ඩයේ පෑස්සුම් ගැන ඔබ වඩාත් සැලකිලිමත් වන්න. පෑස්සුම් දුර්වල වූ විට එහි පැවැත්ම ද අඩු ය. ඇතැම් විට පෑස්සුම කල ස්ථානයේ වෙනත් පැහැයක් ඇති නම් ඒ ගැන ද ඔබගේ අවධානය යොමු කරන්න.

මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමේ දී වෙළඳපොලෙන් බඩු මිලදී ගන්නා සේ එක විටම තීරණය කළ නොහැකිය. ඒ සඳහා යම් කාලයක් ගත කළ යුතුමය.

මේ කටයුත්ත සඳහා උදෑසන කාලය වඩාත් උචිතය. මිලදී ගැනීම සඳහා එක් දිනයක්ම වෙන්කර උදෑසනම පැමිණ ඔබ මිලදී ගැනීමේ කටයුත්ත ආරම්භ කරන්න. ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ පිටත පෙනුමට වඩා ඇතුලත් ස්වභාවය ගැන නිරීක්ෂණය කරන්න.

ගල් ඇල්ලූ භාණ්ඩ මිලදී ගැනීමේ දී එම ගල්වර්ගයේ වටිනාකම හා ස්වභාවය ගැන ද මුලින් අවබෝධයක් ඇතුව එම කටයුත්ත සිදු කරන්න. ගල් ඇල්ලූ භාණ්ඩ පාවිච්චිය තරමක් අසීරු ය.

හොඳින් එම ගල් ඔබ්බවා නොමැති විට අප නොදැනීම හැලීයන අවස්ථා එමටය. ගල් ඇල්ලූ භාණ්ඩයක සවිමත් බව හා එහි පැවැත්ම ගැන නිසි අවබෝධයෙන් සිටීම වඩාත් උචිතය.

පිරිසිදු රත්තරන් පවුමක රත්තරන් ග්‍රෑම් 08 ක් අඩංගුය . සම්ප්‍රදායිකව රත්තරන් මනින මිනුම මංචාඩියයි. මංචාඩිය හා ග්‍රෑම් අතර යම් අවබෝධයක් තිබීම ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. මංචාඩි 3 1/2 ක් ග්‍රෑම් 1 කි.

කැරට් 22 අඩු ප්‍රමාණය අප හඳුන්වන්නේ මාත්තු ලෙසිනි. මාත්තු රත්තරන් සාපේක්ෂව කැරට් 24 සහ 22 වඩා මිල අඩු අතර එවැනි මාත්තු රත්තරන් වලට හසු නොවී නියම රත්තරන් මිලදී ගැනීමට ඔබ බුද්ධිමත් වීම වඩාත් වටියි.

ඒ සඳහා මුලින් සඳහන් කළ ලෙසින් රත්තරන් ගැන අවබෝධයක් හා දැනුමක් ඇති අයෙකුගේ සහාය පැතීම බුද්ධිමත්ම ක්‍රියාවකි.

17635 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 සැප්තැම්බර් 12, බදාදා 15:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න