තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූලි 18, අඟහරුවාදා 14:03

කෘත්‍රිම ආභරණ පැලඳීමේ දී සිතිය යුතු කරුණු විශේෂාංග

ලිව්වේ  යශෝධා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
කෘත්‍රිම ආභරණවලට අද ඇත්තේ විශාල ඉල්ලුමක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. කාන්තාවන් මේ ගැන ගොඩක් උනන්දුයි. මොකද මාල, වළලු, කරාබු මේ කොයිදේත් විවිධ විලාසිතාවලින් අද ලබාගන්නට පුළුවන්.

 

ඒ වගේම ඇඳුමේ වර්ණයට ගැළපෙන්නට මේ ආභරණ තෝරා ගත හැකි වීමත් පහසුවක්. ඔබත් කෘත්‍රිම විලාසිතා ආභරණ පලඳින යුවතියක් නම් පහත තොරතුරු ඔබට වැදගත් වේවි.

මන්දයත් ඇතැම් විට මේ ආභරණ නිසා විවිධ අසාත්මිකතා ඇති වීමට ඉඩකඩ තිබෙනවා. බොහෝවිට කන් පෙති පැසවීම, බෙල්ල කළු වීම, පලු දැමීම වැනි තත්ත්වයන් මේ ආභරණ පැලඳීම නිසා ඇති වන්ටන පුළුවන්.

ආභරණ තෝරා ගැනීමේදීත් අප අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව දිගින් වැඩි, විශාල කරාබු නිසා කන්වලට අනතුරු සිදුවිය හැකි වීමයි. බරින් වැඩි කරාබු නිසා කන් පෙත්ත ඉරෙන්න පුළුවන්. ඒ නිසා සැහැල්ලු කරාබු තෝරා ගැනීම කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න ඕනෙ.

ඒ වගේම මේ කරාබු ඉතාම පිරිසුදුව තබා ගැනීමටත් මතක තබාගන්න. නිතරම ගලවා ඉවත් කරන නිසා බොහෝ දෙනා මේවා තැන් තැන්වල තැබීමට පුරුදුවී සිටිනවා. එය සුදුසු නැහැ. එයින් කුණු දූවිලි, විසබීජ කරාබුවල තැවරී කන්වල ද ගෑවෙනවා. ඉන් කන්පෙති පැසවීමට ඉඩ ඇත. මේ නිසා නිතරම කරාබු පිරිසුදු ස්ථානයක තැබීමට පුරුදුවන්න. ඇතැම් අය කන්පෙත්ත රිදුණත්, එය නොසලකා දිගටම එම කරාබු පලඳිනවා. නමුත් එයින් සිදු වන්නේ කන තුවාලවීමයි. ඒ නිසා වහාම එවැනි කරාබු භාවිතයෙන් ඉවත් කරන්න.

මීට අමතරව, අප දිනපතා මුහුණ සෝදන විට නිතරම කන්පෙතිත් සෝදා ගත යුතුයි. දිනකට වරක් හෝ සර්ජිකල් ස්ප්‍රීතු දමා පුළුන් කැබැල්ලකින් කන්පෙති පිස දමන්න.

ඇතැම්විට කෘත්‍රිම ආභරණ නිසා බෙල්ල කළු වන අවස්ථා තිබෙනවා. එසේ වීමට හේතු දෙකක් බලපානවා. එකක් එම ආභරණ ඔබට අසාත්මික වෙන්න පුළුවන්. එසේ නැත්නම් එම ආභරණවල ප්‍රමිතිය බාල වෙන්න පුළුවන්. මේ නිසා නිතරම එවැනි ආභරණ තෝරා ගන්නා විට හොඳ ප්‍රමිතියක් සහ වගකීමක් ඇති තැනකින් තෝරා ගන්නට මතක තබාගන්න.

මාලයක් පලඳින විට බෙල්ල ප්‍රදේශයේ බේබි ක්‍රීම් ස්වල්පයක් ආලේපකර පලඳින්න. එය ඉවත් කළ පසු විසබීජ නාශක සබන් වර්ගයක් යොදා බෙල්ල ප්‍රදේශය සෝදා හැර පවුඩර් ටිකක් දමාගන්න.

ආභරණ ද හොඳින් පිසදමා තැබිය යුතුයි. ඒවායේ දහදිය රැඳී තිබීමෙන් ආභරණ දුර්වර්ණ වීම සිදු වන අතර, ඒවායේ බැක්ටීරියා වැනි විසබීජ වර්ධනය වී ආසාදන තත්ත්වයන් ඇති කිරීමටත් හේතු වෙනවා.

මේ තොරතුරු සිතට ගැනීම ඔබගේ සෞඛ්‍යයට වඩා යහපත් වේවි.

 

අන්තර්ජාලය ඇසුරිනි

1195 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 18, අඟහරුවාදා 14:05
මේ යටතේ එන අනෙකුත් ලිපි: « ගනේෂා ජුවලර්ස් ගනේෂා ජුවලර්ස් »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න