තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 03, අඟහරුවාදා 15:39

අලුත් අවුරුද්දට ක්‍රවුන්ස් වෙතින් රත්තරන් මෝස්තර රැසක්..

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
රත්තරන් ගැන කතා කිරීමේ දී අපට නිතැතින්ම සිහියට නැඟෙන්නේ හෙටිටිවීදියයි. “ඉඥච ඉබපඥඥබ” එහෙමත් නැතිනම් හෙට්ට්වීදිය ශ්‍රී ලාංකේය ජනතාවගේ රන් හා සබැඳුණු අනෙක් නාමය බවට පත්ව ඇත්තේ වසර ගණනාවකට පෙර අතීතයේ පටන්මයි.

 

කාලාන්තරයක් පුරාවට මෙරට ජනතාවගේ රන් අවශ්‍යතාවන් ඉටුකරන රන් පුරවරයක් වූ හෙට්ටිවීදිය ලොකු කුඩා කඩ සාප්පු විශාල ප්‍රමාණයක් සහිත අපූරු වෙළෙඳ පුරවරයකි. නවීන පන්නයට සැලසුම් කළ අලුත් කඩ සාප්පු සේම දශක පනහකටත් වඩා පැරැණි වෙළෙඳ ආයතන කිහිපයක් ද මේ හෙට්ටිවීදියේ දකින්නට ලැබේ. “ක්‍රවුන් ජුවෙල්ස්” යනු එලෙස වසර තිහකට අධික කාලයක සිට මෙරට ජනතාවගේ රන් අවශ්‍යතාවයන් මැනවින් ඉටුකරන වෙළෙඳ ආයතනයකි.

ක්‍රවුන් ජුවෙල්ස් හීි අධිපති බාලා මහතා මේ හෙට්ටිවීදියට පිවිසෙන්නේ 1965 වර්ෂයේ දීය. අවුරුදු 15 ක් වයසැති කුඩා පිරිමි දරුවකු ලෙසින්.

මේ රන් පුරවරයට පිවිසෙන ඔහුගේ පළමු උත්සාහය බවට පත්වන්නේ රන් ආභරණ සැකසීම පිළිබඳ දැනුම ලබාගැනීමයි. එවකට මෙහි වාසය කළ දක්ෂ රන්කරුවන් වෙතින් මනා දැනුවත්වීමක් ලබාගන්නා ඔහු අනතුරුව රන් ආභරණ අලෙවිය පිළිබඳ ද ක්‍රමයෙන් දැනුවත් විය.

අනතුරුව තවත් හවුල්කරුවන් සමඟ රන් භාණ්ඩ අලෙවියට පිවිසෙන ඔහු මෙම ක්‍රවුන් ජුවෙල්ස් ගොඩනඟන්නේ 1988 වර්ෂයේ දීයි.

අතීතයේ දී හෙට්ටි වීදියේ වෙනත් රන් වෙළෙඳ සැල් සේම ක්‍රවුන් ජුවෙල්ස් හිදී දක්නට ලැබුණේ රන්කරුවන් අතින් සකස් කළ රන් භාණ්ඩයි. ක්‍රමයෙන් නව තාක්ෂණයට හුරු වූ ඔවුහු අතින් සකස් කරන ආභරණ වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නිමවූ අලංකාර ආභරණ නිර්මාණය කළහ. එමඟින් ඉතාමත් සියුම් කැටයම් සහ මල් ලියකම් ආදියෙන් අලංකෘත වූ සුන්දර ආභරණ සිය පාරිභෝගිකයන් වෙත පිරිනමන්නට ඔවුනට හැකි විය.

සැමවිටම නවීන තාක්ෂණය අනුව වඩාත් හොඳම දේ තම පාරිභෝගිකයන් වෙත පිරිනමන්නට කැමැති ක්‍රවුන් ජුවෙල්ස් ආභරණයක රන් ප්‍රමාණය උරගා බලන්නට කිසිවිටෙකත් සාම්ප්‍රදායික ක්‍රම භාවිත නොකරයි.

ආභරණ තනන්නට සේම ඒවායේ නියම බර දැනගන්නට ද ඔවුහු නවීන තාක්ෂණික උපකරණ භාවිත කරති. එමඟින් ආභරණයකට සියුම් හෝ දෝෂයක් සිදු නොවන අතර පාරිභෝගිකයාගේ විශ්වාසවන්ත බව රැකීම ඔවුන්ගේ අරමුණයි.

නිරතුරුවම කාලයේ තාලයට ගැළපෙන නවීන මෝස්තරයේ මාල, මුදු, වළලු, කරාබු දකින්නට ලැබෙන ක්‍රවුන් ජුවෙල්ස් කෙටි කාලයක් තුළ ඔබේ ඇනැවුම නිමකරලන්නට ද ඉතා දක්ෂයෝය.

වගකීමක් සහිතව අලංකාර ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමට පාරිභෝගිකයන් ඔවුන් කෙරෙහි වඩාත් ඇද බැඳ තබාගන්නට සමත් වී සිටිති.

වසරේ විවිධ කාලවකවානු තුළදී සිය ගනුදෙනුකරුවන් වෙත අපූරු තිළිණ පිරිනමන ක්‍රවුන් ජුවෙල්ස් මෙම අප්‍රේල් මාසයේ උදාවන අක්ෂය ත්‍රිථිය සමරන්නට ද සැදී පැහැදී සිටිති. එදිනට රන් භාණ්ඩ මිලදී ගන්නා සෑමදෙනකුටම වටිනා තිළිණයක් පිරිනමන ඔවුහු රුපියල් 100000 ට වැඩි සෑම මිලදී ගැනීමක් සඳහාම කාන්තා රන් මුදුවක් හෝ රන් කරාබු යුවළක් පිරිනමන්නට ද සූදානම්.

සෑම සතියකම සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා විවෘතව තැබෙන ක්‍රවුන් ජුවෙල්ස් ඉරිදා දිනයේ විවෘත වන්නේ පස්වරු 2.00 දක්වා පමණි. එමෙන්ම පොහොය දිනයට මෙම ආයතනය විවෘත නොකෙරේ.

ඉතින්, දිනෙන් දින අලුත්වන නවීන මෝස්තරයේ රන් ආභරණ විශ්වාසනීයත්වයෙන් මිලදී ගන්නට ඔබත් කොළඹ, හෙට්ටිවීදියේ, නො. 76 හීි පිහිටි ක්‍රවුන් ජුවෙල්ස් වෙත නොපමාව පිවිසෙන්න.

  

ඡායාරූප - නිරෝෂ් ප්‍රියංක

1496 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 03, අඟහරුවාදා 15:41
මේ යටතේ එන අනෙකුත් ලිපි: « ගනේෂා ජුවලර්ස්
අදහස් එක් කිරීමට ලොග් වෙන්න