තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 12, අඟහරුවාදා 16:14

ප්‍රබෝධවත් දවසකට මඟ කියන පෝෂණීය උදෑසන ආහාර විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
මිනිසුන්ට නිමක් නැති වගකීම්, යුතුකම්, රාජකාරි උරුම වූවත් කිසිවකුට මෙයින් මිදී පළා යා නොහැකිය.  ප්‍රබෝධමත්, පී‍්‍රතිමත් උදෑසනක් සමස්ත දවසක්ම තීරණය කෙරෙනවා. දවසේ වැඩකටයුතු සියල්ල සාර්ථකව නිමකිරීමට ප්‍රබෝධමත්ව සිටීම ඉතාමත්ම වැදගත්.  උදෑසන ආහාරයෙන් දවසේ කටයුතුවලට අවශ්‍ය සම්පූර්ණ පෝෂණය සැපයෙනවා. ප්‍රබෝධමත්, සාර්ථක දවසක් වෙනුවෙන් ඔබත්, උදෑසන ආහාරය මෙලෙස සකස් කරගන්න. ඇපල් ඇපල්වල ඇති ෆයිබර් මඟින් ඔබගේ ආහාර ජිර්ණය පහසුකරයි.  එහි 84% ක් ජලය අඩංගු වේ.  එය ඔබට දවසට අවශ්‍ය ශක්තිය ලබාදෙන අතරම දවස පුරාම ඔබව ප්‍රාණවත්ව තබයි. දවස පුරාම ප්‍රාණවත්ව ඉන්න නම්, ඔබත් අද ඉඳන් ඔබේ ආහාරයට ඇපල් ගෙඩියක් එකතු කරගන්න. කෙසෙල් කෙසෙල්වලින් ඔබගේ මානසික ආතතිය අඩුකරන බව දැනසිටියා ද? ශරීරය මඟින් මානසික ආතතිය අඩුකිරීමට නිපදවන රසායන කෙසෙල්වල අන්තර්ගත වේ.  පොටෑසියම් වැඩි ප්‍රමාණයක් අඩංගු කෙසෙල්වලින් ඔබගේ මනසට වැඩි සහනයක් ලබාගන්න පුළුවන්. ඉතින් මීට පස්සේ මනසට සහනයක් අවශ්‍ය වෙලාවට කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න ඔබටත් පුළුවන්. බිත්තර  එක් බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 07 ක් අඩංගු වේ. පර්යේෂණවලට අනුව බිත්තර, ශක්තිය වැඩි කාලයක් රඳවා තබාගන්නා බව හෙළිවී ඇත. උදෑසන ආහාරයට බිත්තරයක් එකතු කරගෙන දවසම ශක්තිමත්ව ඉන්න ඔබට පුළුවන්. පලතුරු යුෂ පලතුරු මඟින් ඔබට දවසට අවශ්‍ය ශක්තිය මෙන්ම උද්යෝගය ද ලබාදෙයි.  ඔබගේ කැමැතිම පලතුරු යුෂ වීදුරුවකට යෝගට් ස්වල්පයකුත් එකතු කළොත් තවත් ගුණදායක වේවි. ඔට්මීල් ශක්තිය බොහෝ වේලාවක් පවත්වාගන්න මෙයත් කදිම ආහාරයකි.  ෆයිබර් සහ ප්‍රෝටීන් බහුල මෙය දිවීමේ යෙදෙන පුද්ගලයකුට නම් තවත් වැදගත් වේ. පලතුරු එකතු කරගැනීමෙන් මෙහි පෝෂණ ගුණය තවත් වැඩිකර ගත හැකිය. දොඩම් විටමින් සී බහුල ආහාරයක් ලෙස දොඩම් ඉතා ප්‍රසිද්ධය. දිනකට අවශ්‍ය විටමින් සී වලින් 116% ක්ම මෙහි අඩංගු වේ.  ඔබගේ දිනය ශක්තිමත්ව ආරම්භයට දොඩම් හොඳ පලතුරකි. නිවිති නිවිති යනු රුධිර සංසරණය පහසු කරන යකඩ බහුල ආහාරයකි.

 

බිත්තරවලට සහ බීමවලට නිවිති එකතුකරගැනීමෙන් රසවත් ආහාරයක් මෙන්ම ශරීරයට මනා පෝෂණයක් ද ලබාගත හැකිය.

කඩල

ඔබේ ආහාරයට කඩල එකතු කරගැනීමෙන් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩිකර ගතහැකිය.

 එමෙන්ම එය ඉතා හොඳ ශක්තිජනක ආහාරයකි. 

මින් ඔබේ ආහාරයේ රසයේ කිසිදු වෙනසක් නොවන අතර එනිසාම කරදරයකින් තොරවම මෙය ඔබේ ආහාරයට එකතුකර ගත හැකිය.

 

සුපුන් ජයසිංහ

 

894 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 16:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න