තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 18, සඳුදා 13:28

මේක්අප් එක හරියටම දැනගෙන කළයුතු දෙයක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
සුන්දරත්වය මැනවින් ඉස්මතු කරමින් මේක්අප්වලින් හැඩගන්වා ඇති අයකු දුටුවොත් අනිවාර්යයෙන්ම ඇයගේ ලස්සන පෙනුම ගැන හැමෝම වර්ණනා කරාවි. ඒ අප දකින එක් පැත්තක්. ඒ වගේම මේක්අප් නිසා විවේචනයට, උපහාසයට ලක්වන අයත් මේ අතර නැතුවා නොවේ.

 

‘අයියෝ.... බලන්නකෝ එයාගේ මූණේ හැටි. මේක්අප් කරලා හරියට වෙස් මූණක් වගේ. මේක්අප් නැතුව එයා ඊට වඩා ලස්සනයි. ඒ මේක්අප් එකනම් එයාට ගැළපෙන්නේ නෑ.

ඇතැම්විට මෙවන් විවේචනවලට ලක්වන කාන්තාවන් උත්සව අවස්ථාවන්වල දී හමුවන අවස්ථා ඕනෑතරම්. මේ නිසායි මේක්අප් වැනි දෙයක් කිරීමේ දී ඒ පිළිබඳ ඉතාමත් සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වන්නේ.

මේක්අප් කිරීම ආවාට ගියාට හිතෙන හිතෙන ආකාරයට කළහැකි දෙයක් නොවන බව නම් වටහා ගැනීම වැදගත්.

ඔබ මේක්අප් කෙරෙහි උනන්දුවක් දක්වන අයෙකු නම් මේක්අප් කිරීමේ නිවැරැදි ක්‍රමවේදය පිළිබඳ දැනුවත්ව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව අමතක කරන්නට එපා. මේක්අප් කිරීම ඉතාමත් නිර්මාණශීලීව කළයුතු කාර්යයක්. එසේ නොවුණහොත් ඔබ දැනුවත් බවකින් කරනු ලබන මේක්අප් එක නිසා එය තවත් කෙනකුගේ ප්‍රතිරූපයට හානියක් ගෙන දෙන්නට පුළුවන්.

මේ නිසා මේක්අප් පිළිබඳ නිවැරැදි දැනුවත් පුහුණුවක් ලබාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ හා සම්බන්ධව ඔබ දැනුවත් වියයුතු කරුණු කාරණා අතර මේක්අප් සඳහා යොදාගන්නා උපකරණ මේක්අප් කිරීමේ දී භාවිත කෙරෙන ආලේපන, මේක්අප් වර්ග, එය භාවිත කරන ආකාරය මේ ආදී වශයෙන් අවධානයට යොමු විය යුතුයි.

ඒ හා සම්බන්ධව කරනු ලබන මෙම විමසා බැලීම ඔබට මනා දැනුවත් බවක් ගෙනදේවි.

සේවාලාභියා සෑහීමකට පත්වීම

මේක්අප් එකක් කරගැනීම සඳහා ඔබේ සේවය අපේක්ෂාවෙන් එන සේවාලාභියාට ඇය සෑහීමකට පත්වන අයුරින් අවශ්‍යතාවය සපුරාදීම ඔබ සතු වගකීමක්. මේ අතර උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට හෝ ඡායාරූපවලට පෙනී සිටීමට විශේෂිත අවස්ථාවක් සඳහා යාමට සූදානම්ව මේක්අප් කරවා ගැනීමේ අරමුණින් ඔවුන් ඔබ කරා පැමිණෙනවා වන්නට පුළුවන්. ඔබ මේ අවස්ථාව තේරුම් ගෙන මනා වැටහීමකින් යුතුව එම කාර්යයේ නියැළෙන්නට සූදානම් වියයුතු වනවා.

ඒකාකාරී නොවීම

මේක්අප් කරන විට එය ඒකාකාරී නොවිය යුතු අතර හැම අයෙකුටම එකම ආකාරයෙන් මේක්අප් කිරීමට යාම සුදුසු නොවේ. සාමාන්‍ය උත්සව අවස්ථාවකට කරනු ලබන මේක්අප් එකක් මනාලියකට සිදුකරන මේක්අප් එකකදී ගැළපෙන්නේ නැත.

එමෙන්ම නිරූපිකාවක් හැඩගැන්වීමේ දී කරනු ලබන මේක්අප් මනාලියකට යොදාගැනීම ද සුදුසු නොවේ. මෙය හොඳින්ම වටහාගත යුතුයි. මේක්අප් ක්‍රමයන්හිදී යම් යම් ක්‍රමවේදයන් සහ භාවිත කරනු ලබන ආලේපනයන්වල ද විශේෂ වෙනස්වීම් තිබෙයි.

අවධානය යොමුකළ යුතුයි

එම නිසා මේක්අප් කිරීමේ දී යොදාගන්නා මේක්අප් වර්ග මේක්අප් වර්ණ ගැන හොඳ දැනුවත් බවක් ලබාගන්න. මේක්අප් සඳහා යොමුවීමට පෙර පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න.

මේක්අප් එකක් කිරීමක දී සුදුසුම ආලෝකය වන්නේ දිවා ආලෝකයයි. දිවා ආලෝකය නොලැබෙන්නේ නම් ච්චර ඹ්ඪඨඩබ විදුලි බුබුළු භාවිත කරන්න. ස්වාභාවික වූ දිවා ආලෝකය තුළින් කරනු ලබන මේක්අප් එකක් ඕනෑම අවස්ථාවක ස්වාභාවික අයුරින් මතු වී පෙනෙයි. විවිධ ආලෝකයන් තුළින් මේක් අප්වල පෙනුම වෙනස්කර පෙන්වයි.

* සාමාන්‍ය විදුලි එළිය - රතු සහ කහ වර්ණය උණුසුම් වර්ණ පෙන්නුම් කරයි. දුඹුරු වර්ණය ද මතුකර දක්වයි.

* ස්වාභාවික දිවා ආලෝකය - දේදුන්නේ වර්ණය හොඳින් සංකලනය වී ඇති අතර එහි පෙනුම උසස් නිමාවකින් ලබාගත හැකිය. මේක්අප් සඳහා යොදාගනු ලබන නිෂ්පාදන උපකරණ බොහෝ තිබෙයි. මෙහිදී වඩා සුදුසු උපකරණ සහ ප්‍රමිතියකින් යුත් ආලේපන භාවිත කළයුතුයි. අප දැන් ඒ පිළිබඳ විමසා බලමු.

* ස්පොන්ච්(Sponch) මූලික පදනම් (ෆවුන්ඩේෂන්) ආලේපන ගැල්වීමට උපකාරී වෙයි. මේවා එක් එක් ප්‍රමාණවලින් තිබෙයි. මේවා තෙත් සහිතව සහ වියළි ස්වභාවයෙන් භාවිත කළ හැකි ස්පෝන්ජ් වශයෙන් උපයෝගීකර ගනියි.

මෙම ෆවුන්ඩේෂන් ආලේපන ගැල්වීමට ෆවුන්ඩේෂන් බ්‍රෂ්් යනුවෙන් හඳුන්වන බ්‍රෂ් වර්ග ද භාවිත කෙරෙයි. මෙහිදී එයින් ඇතිවන ඉරි ස්වභාවය මකාගැනීම සඳහා ස්පොන්ච් භාවිත කෙරෙයි. ඒ සඳහා ස්පොන්ච් භාවිත කිරීම ඉතාමත් සාර්ථකය.

* කන්සීලර් - කන්සීලර් ආලේපනය සඳහා බුරුසුවක් ඇත. එය කන්සීල බ්‍රෂ් යනුවෙන් හඳුන්වයි. පුයර ගැල්වීම සඳහා පවුඩර් බ්‍රෂ්් භාවිත කෙරෙයි. හයිලයිට් සහ විවිධ වර්ණ ගල්වා අවශ්‍ය තැන් මතුකර ගැනීමට Contouring brush  යොදා ගැනෙයි.

ඇස් වර්ණ ගැන්වීම සඳහා rounded eye shadow  බ්‍රෂ් භාවිත කෙරෙන අතර eye shadow  ගැල්වීමේ දී එක් අයකුගෙන් තවත් අයකුට ක්ෂුද්‍ර ජීවීන් පැතිරීම වළක්වා ගැනීම සඳහා එක්වරක් පාවිච්චියෙන් පසු ඉවතලන disposable applicator  භාවිත කරනු ලබයි. ඇස් වර්ණ ගන්වන විට පැතළි කෝණාකාර බුරුසුව Flat angel brush සහ පවුඩර් සහ බ්ලෂර් ගැල්වීමට බ්ලෂර් බ්‍රෂ් භාවිත කරනු ලබයි. කුඩා පනාවක හැඩගත් මස්කාරා බ්‍රෂ් එක ඇස් පිහාටු වර්ණ ගැන්වීමට සහ එය හොඳින් සකස්කර ගැනීමට උපයෝගී කර ගැනෙයි.

මේ ආකාරයෙන් මේක්අප් කිරීම සඳහා අවශ්‍ය වන දේ පිළිවෙළකට ට්‍රොලියක අසුරා තමා අසළින්ම තබාගත යුතුයි.

ඔබ සූදානම් වන්නේ බ්‍රයිඩ්ල් මේක්අප් එකක් කිරීමට නම් ඒ සඳහා ඔබ තුළ ඉතා ක්‍රමවත් සූදානමක් තිබිය යුතුයි. මනාලිය මේක්අප් කිරීමේ දී මනාලියගේ ඇඳුම් ඇඳුම්වල වර්ණය ඇයට යොදාගැනෙන මල් දෙවැනි මනාලියන්ගේ ඇඳුම්වල වර්ණ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

මේක්අප් කිරීමට ප්‍රථම ඔබ විසින් සැලිකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන් ද? මේක්අප් කිරීම නිවැරැදිව කෙරෙන අයුරු අප ලබන සතියේ විමසා බලමු.

උපදෙස්-ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

එස්. සප්නා

Salon Sapna මාබෝල, වත්තල

631 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 18, සඳුදා 13:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න