තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2014 ජූනි 26, බ්‍රහස්පතින්දා 14:17

ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ කරුවකුගේ ස්වර්ණමය සිහිනය

Written by 
අගයන්න
(0 මනාප)
ශ්‍රී ලංකාවේ ප්‍රථමාංකයේ ස්වර්ණාභරණකරුවන් වූ පට්ටකන්නුස් සිය ප්‍රථම ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරය දියත් කළ වගයි. ශ්‍රී ලංකාවේ සම්මාන දිනූ නිර්මාණ සැලසුම්කාරිය වූ මනෝජානි ගුණරත්නගේ ආගමනය සමග නව දිශානතීන් වෙත ගමන් කරන නවීන ස්වරණාභරණ පරාසයක් හෙලිදැක්වීමේ පෙරගමන්කරුවන් වීමට ඔවුනට හැකිවිය. විලාසිතාවන්ට අනුරූපවූ විවිධ ජාතික පදනමක් අභිප්‍රේරණය කරන උසස් වර්ගයේ ස්වර්ණාභරණ ළඟදී විවෘත කරන ලද කොළඹ 03, “ගෝල්ඩන් ඩ්‍රීම්” ස්වර්ණාභරණ ශාලාවේදී දැන් විකුණනු ලැබේ.

 

වර්ෂ 1995 දී ස්ථාපිත කරන ලද 1912 දී සමාගමක් වශයෙන් සංස්ථාගත කරන ලද පට්ටකන්නුස් ශ්‍රී ලංකාවේ ‘පැරණිතම ස්වර්ණාභරණහල් වලින් එකකි. එහි ප්‍රධාන කාර්යාලය කොළඹ 12 පිහිටා ඇත. නවීකරණය කරන ලද ස්වර්ණාභරණ සැලසුම් හදාරා නිෂ්පාදන කටයුතු මෙහෙයවන ඔවුන් විසින් 1940 සිට නව ස්වර්ණාභරණ නිෂ්පාදන තාක්ෂණයන් ආනයනය කරන ලදී.

1970 වසරේදී මහා බ්‍රිතාන්‍යයේ ජෙමෝලොජිකල් සංගමයේ හා ඇමරිකාවේ ජෙමෝලොජිකල් ආයතනය සමග ඔවුන් තවදුරටත් නිල පිළිගැනීමකට ලක්විය. බොහෝ නව තාක්ෂණයන් වූ “කාස්ටින්”, “සෑන්ඩ් ‘බ්ලාස්ටින්, “ටම්බ්ලින්” හා “ එන්ග්‍රේවින්” හඳුන්වාදීම තුළින් ස්වර්ණාභරණ නිෂ්පාදනයේ බොහෝ නව්‍යකරණ මානයන් බිහිවිය. දැනුදු විටින් විට පට්ටකන්නුස් සිය අත්කම් ශිල්පීන් හා තාක්ෂණවේදීන් පුහුණු වැඩසටහන් සඳහා ජර්මනිය හා ස්විට්සර්ලන්තය වෙත යොමු කරයි.

නව්‍යකරණය හා උසස් දැඩි තත්ව පාලන ප්‍රමිතීන් පිළිබඳව අවධානය යොමු කරන නිසා, එහි ප්‍රතිඵලයක් ලෙස නියමිත ජාත්‍යන්තර ප්‍රමිතින් වලට වඩා පට්ටකන්සුන් ස්වර්ණාභරණ රන් ඝනත්වයෙන් ඉහළ අගයක් ගන්නා බව ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසර කීපයක තුළ බොහෝ සමාජමය හා පුණ්‍ය කටයුතුවල නිමග්නවී සිටින මෙම සමාගම ස්වර්ණාභරණ කර්මාන්තය වෙත අභිලාෂය දක්වන, අඩු වරප්‍රසාද ලත් පුද්ගලයන්හට නොමිලේ සම්මන්ත්‍රණ සඳහා සත්කාරකත්වය සැපයීමට ද පසුබට නොවුනි.

මංගල උත්සව වැනි සුවිශේෂි අවස්ථාවන් සඳහා කාන්තාවන් පලඳින ස්වර්ණාභරණ නිමකිරීම සඳහා ගතවන කාලය වැඩකරන දින 10 කි. 1930 කාල වකවානුව තුළ නිෂ්පාදනය කෙරුණු රන් පදනම්වූ බොහෝ විලාසිතා සම්ප්‍රදායානුකූල ඉන්දියානු හෝ ්හංසපූට්ටුව වැනි වු ශ්‍රී ලාංකික අනන්‍යතාව පදනම් වූ ආභරණ වූ අතර සමහරවිට එහි වික්ටෝරියානු රන් ආභරණ මෝස්තරවල බලපෑමක්ද පෙනෙන්නට තිබිණි. එවකට කාලානුරූපීවූ පවතින විලාසිතාවන්ට අනුකූලවූ විශාල බෝරිච්චි නිමවා තිබුනේ කැරට් 22 රත්තරන් වලිනි.

පට්ටකන්නුස් ආචාරිගේ එක් පුතණුවකු වූ සුබ්බයියා ආචාරි ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ 1930 ගණන් වල එවකට නවීන තාක්ෂණයන් සඳහා විශාල ප්‍රමාණයේ යන්ත්‍ර උපකරණ හා මෙවලම් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කරන ලදී. නිෂ්පාදනය සඳහා වූ ඉල්ලුම වැඩිවෙත්ම විශාල වැඩපොළක් හා ප්‍රදර්ශනාගාරයක් සඳහා ගොඩනැගිලි ව්‍යාප්ත කිරීමක්ද සිදුවුණි.

1950 දක්වා, ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණකරුවන්ට රත්තරන් සුලභවූ අතර ඉන් 90% ආනයනය කරන ලද්දේ එක්සත් රාජධානියෙනි. 50 ස් ගණන්වල වෙළඳාම සඳහා වු ආනයනික සීමාවන් නිසා රත්තරන් ලබාගැනීමේ ක්‍රමය විකෘතිවුනි.

නව රෙගුලාසි යටතේ වසරකට එක් ශිල්පියකුට රත්තරන් අවුන්ස 1 1/2 ක් (රන් පවුම් 6 ක්) බැගින් සමාගමකට ලැබුණු අතර, නිෂ්පාදනය සඳහාද යොදවනු ලැබුයේ ද එම ප්‍රමාණයයි. සමහර ශිලිපීන් තම නිෂ්පාදන කටයුතු තනිව කරමින් ලියාපදිංචිවී සිටීම නිසා ඔවුනට වෙනමම නිශ්චිත රත්තරන් ප්‍රමාණයක් ලබාගැනීමේ ඉල්ලීමද ඉදිරිපත්වී තිබිණි. ගම්මුලාදෑනියා විසින් නිකුත් කරන ලද අවසර පතක් මත ඔවුනට රත්තරන් ලබාදුන්නද ඉන් සිදුවූයේ එය ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයන්ට යළි විකිණීමය.

1960 ගණන් වලදී තත්ත්වය මදක් වෙනස්වූ නිසා ලංකා බැංකුවෙන් සිය රත්තරන් මිලදි ගැනීමේ හැකියාව ලැබිණි. අද වටිනා ලෝහ වර්ග ගෙන්වන ඕනෑම බැංකුවකින් රත්තරන් මිලදී ගැනීමේ හැකියාව ලැබී ඇත.

1959 දී රත්තරන් ආභරණ පිළිබඳ ඉල්ලුම ඉහළ තලයකට පැමිණෙත්දී පට්ටකන්නුස් හි අයිතිය ඊළඟ පරපුරේ එස්.ඒ. ත්‍යාගරාජා වෙත හිමිවිය. ඔහු අද එහි සභාපතිද වෙයි. ඒ වනවිට බොහෝ රන් ආභරණ නිමවන ලද්දේ අතිනි. ඉඳහිට අතින් ක්‍රියාකරන යන්ත්‍ර භාවිතයට ගැනිණි. බටහිර චාරිකාවක යෙදී ලද දැනුම ප්‍රයෝජනයට ගනිමින් ක්‍ෂේත්‍රයේ ඇති අති නවීන තාක්ෂණයන්ට හුරුවෙමින් යන්ත්‍ර හා අනෙකුත් උපකරණ හඳුන්වා දෙමින් විශාල පරිමාණයේ නිෂ්පාදන ධාරිතාවකට ඉඩහසර ඔහු විසින් සලසන ලදී. අද දිනයේ යන්ත්‍ර මගින් අති සියුම් ස්වර්ණාභරණ විශාල වශයෙන් නිපදවීමට හැකියාව ඇත. ඔවුන්ගේ තාක්ෂණ ශිල්පීන් ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ පුහුණුව ලැබූවන් වූ නිසා 1978 දී ලොස්ට් වැක්ස් කාස්ටින්, “ඔටෝමැටික් චේන් මේකින්), සෑන්ඩ් බ්ලාස්ටින්, “ටම්බ්ලින්” හා අනෙකුත් ්ක්‍රම හඳුන්වාදීමේ එක් පුරෝගාමියකු බවටද පට්ටකන්නුස් පත්විණි.

ධනාත්මක නව මගකට 1981 යොමුවූ ස්වර්ණාභරණ කර්මාන්තය, බෙල්ජියමේ ද ආධාර ඇතිව පිහිටවූ ස්වර්ණාභරණ පාසල ලංකා කාර්මික විද්‍යාලයේ ආරම්භ කරන ලදී. සෑම අර්ධ වර්ෂයකට වරක් යම් ප්‍රමාණයක් සිසුන් මෙම පාඨමාලාව සමත්ව පිටවෙති. ශ්‍රී ලංකාවේ රන් ආභරණ නිෂ්පාදනයේදී මුල් කාලයේදී නිර්මාණ කරණය කරන ලද්දේ රන් කාර්මිකයින් විසිනි. මෑත කාලයේදී බොහෝ ආයතන ඒ සඳහා විශේෂඥ නිර්මාණකරුවන්ගේ සහාය ලබාගන්නා අතර කර්මාන්තය පුරා ප්‍රචලිතවු “මනෝ” නමින් හඳුන්වන සම්මාන ලාභී මනෝජානි ගුණතිලක පට්ටකන්නුස් අභිමාණවත් සුවිශේෂි නිර්මාණකාරිණිය වෙයි.

1960 වසර වන විට ප්ලැටිනම් හා සුදු රත්තරන් භාවිතාකොට ආභරණ නිපදවීම ගෝලීය ප්‍රවාණතාවක් වූ අතර දේශීය විශිෂ්ටයෝ ප්ලැටිනම් වල එබ්බූ දියමන්ති වෙත වැඩි රුචියක් දැක්වූහ. ගැනුම්කරුගේ ඉල්ලීම අනුව තැනූ ස්වර්ණාභරණ වලට වඩා නිමි ස්වරණාභරණ ක්‍ෂණිකව මිලදී ගැනීම කාලීන ප්‍රවණතාව වෙයි.

“ගෝල්ඩන් ඩ්‍රීම්” ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් පට්ටකන්නුස් 21 සියවසේ යෝධ පිම්මක් ඉදිරියට තබා ඇත.

පවතින විලාසිතාවන්ට අනුරූපවූ හා උසස් ගණයේ අනුස්මරණීය නව ස්වර්ණාභරණ එකතුවක් දැන් ්නිරාවරණය කොට ඇත. එදිනෙදා පැලඳීමට මෙන්ම, සියුම් විලාසිතාවන්ද මෙහි ඇතුළත්ය. ඉන්දියානු මාර්ගික මෙන්ම සම්ප්‍රදායික ශ්‍රී ලංකා ස්වරණාභරණද මෙහි ඇතුළත් වෙයි. පැරැණී ස්වර්ණාභරණ විලාසිතා නියැදි ප්‍රදර්ශනය කරන විශේෂ කෞතුගාරයක්ද මෙහි ඇත.

අවසන් වශයෙන් අවධාරණය කළ යුත්තේ කුමන තත්වයක් යටතේ වුවද “පට්ටකන්නුස්” සිය සම්ප්‍රදායික මට්ටම හා කෞෂල්‍ය අමතක නොකොට ඇති බවය.

8874 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න