තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2014 නොවැම්බර් 11, අඟහරුවාදා 12:44

City & Guilds සහ Music Oven ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට ඔසවා තැබීමේ අලුත් පියවරක...

Written by 
අගයන්න
(0 මනාප)
සිය පාඨමාලා ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරමින් වෘත්තීමය අපේක්ෂා සහිත තරුණ තරුණියන් හට රැකියා අවස්ථා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාදීමේ අපේක්ෂාව පෙරදැරි කරගත් නව පාඨමාලාවක් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයනය හඳුන්වා දී ඇත. සවුන්ඩ් ඇන්ඩ් මියුසික් ටෙක්නොලොජි යන ක්ෂේත්‍රයන් සඳහා අදාළ වන මෙම පාඨමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය විසින් මියුසික් අවන් ආයතනය තෝරාගෙන ඇති අතර මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගිය 17 වන දින කොහුවල දුටුගැමුණු මාවත පිහිටි මියුසික් අවන් ආයතනයේදී පැවැත්විණි.

 

මෙම අවස්ථාව සඳහා සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය නියෝජනය කරගනිමින් එහි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ මුෆ්ති හෂීම්, සාමාන්‍යාධිකාරී – ව්‍යාපාර සංවර්ධන අංශය - ෆාහීම් ෂකුර්, ව්‍යාපාර සංවර්ධන කළමනාකාර රන්මල් ගොඩිගමුව යන මහත්වරුන්ද මියුසික් අවන් ආයතනය නියෝජනය කරමින් එම ආයතනයෙහි පාඨමාලා අධ්‍යක්‍ෂවරුන් වන ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ න්‍යායාත්මක හා ප්‍රායෝගික අංගයන්හි අත්දැකීම් බහුල ඉතා ජනප්‍රිය මෙන්ම දක්ෂ කලාකරුවන් දෙපළක් වන ළහිරු පෙරේරා සහ විරේෂ් කුරේ යන මහත්වරුන් ද සහභාගී විය.

වසර 130 කට වැඩි සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය ලොව පුරා විහිදී කීර්තිමත් අධ්‍යාපනික පාඨමාලාවක් මෙහෙයවන ආයතන අතර පැරැණිතම මෙන්ම ප්‍රමුඛතම ආයතනය වශයෙන් සැලකෙන අතර වසර 100 කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකේය දුපුතුන්ගේ රැකියා සිහිනය සැබෑ කරමින් ජාත්‍යන්තර කීර්තියට පත් වෘත්තීයවේදීන් රාශියක් බිහිකර ඇත.

මෙම පාඨමාලාව, සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය මගින් මෙහෙයවනු ලබන විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට අදාළ වන 800 කට අධික පාඨමාලාවක් අතරින් එක් පාඨමාලාවකි. මෙතුළින් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම් ලත් පිරිසක් බිහිකිරීම පමණක් නොව එම උගත් තරුණ තරුණියන් හරහා ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ මාහැඟි පරමාර්ථය ද සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය සතු ය.

සවුන්ඩ් ඇන්ඩ් මියුසික් ටෙක්නොලොජි ක්ෂේත්‍රය කෙරෙහි අදාළ වන ලෙස ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව හදාරන්නන් වෙත සංගීත ඛණ්ඩයක් පටිගත කිරීම, මික්ස් කිරීම, මාස්ටර් කිරීම ආදී වූ තාක්ෂණික ක්‍රියාවලියන් ජාත්‍යන්තරව පිළිගත් මට්ටමකට අනුව සිදු කිරීම සඳහා අවශ්‍ය වන න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම නිසියාකාරව ලබාගත හැකි අතර ශ්‍රී ලාංකික ශ්‍රව්‍ය නිෂ්පාදන උසස් තත්වයකට පත් කරගැනීමට හැකි වනු ඇත.

QQCF (Quality Credit Framework) සහතිකය ලත් මෙම පාඨමාලාව සඳහා අවශ්‍ය වන අවම සුදුසුකම් වන්නේ අවු. 16 ට වැඩි වීම සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබීමයි. පළමු අදියර සහතිකපත්‍ර පාඨමාලාව, දෙවැනි හා තෙවැනි අදියර ඩිප්ලෝමා පාඨමාලා වශයෙන් ක්‍රියාත්මක මෙම පාඨමාලාවෙහි ඉදිරි අදියර වශයෙන් විදෙස් ගත වී උපාධිය හැදෑරීමේ අවශ්‍යතාවය ඇති අයකුට පාඨමාලා අවසානයේදී ලබාදෙන සහතිකය ඉතා වැදගත් වේ.

ලොව ඕනෑම රටක පිළිගනු ලබන වෘත්තීය සුදුසුකමක් ලබාදෙනු ලබන මෙම පාඨමාලාව විශේෂයෙන් ම මික්සින් ඇන්ඩ් රෙකෝඩින් කන්සෝල්, මියුසික් ඩිජිටල් ඉන්ටර්ෆේස්, සාම්පලින් ඇන්ඩ් සින්තසිස් ටෙක්නොලොජි ඇන්ඩ් ස්ටුඩියෝ සින්ක්‍රොනයිසේෂන් (Film CLIPS) යන ක්ෂේත්‍රයන් සඳහා අදාළ වන අතර මෙම පාඨමාලාවෙහි ඉලක්කගත රැකියා අවස්ථාවන් වශයෙන් මියුසික් කම්පෝසර්, මියුසික් ටීචර්, මියුසික් තෙරපිවරුන්, ශබ්ද පටිගතකරණ ක්ෂේත්‍රයෙහි ශබ්ද ඉංජිනේරුවරුන්, වේදිකා තාක්ෂණයට අදාළ ශබ්ද ඉංජිනේරුවරුන් සහ ශබ්ද කාර්මික ශිල්පීන් ආදිය රැකියා ක්ෂේත්‍රයන් ලෙස හැඳින්විය හැක.

Music Producers Guild UK Limited (MPG), Joint Audio Media Education Support (JAMES), Deep Music Ltd, 1984 දී ස්ථාපිත ලොව ප්‍රචලිත පටිගත කිරීමේ මැදිරියක් වන Strongroom Studio, 1976 දී ස්ථාපිත Rak Studio, බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ සහ විශිෂ්ටතම ශ්‍රව්‍ය පටිගත කිරීමේ මැදිරීන් ආදී ආයතන පමණක් නොව ලොව පුරා සංගීත නිෂ්පාදන ආයතන සහ අධ්‍යාපන ආයතන රාශියක වෘත්තිකයන් මෙම වෘත්තීය සුදුසුකම් ලැබීම හරහා තම වෘත්තීය කටයුතු සාර්ථක කර ගෙන ඇති අතර සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය මගින් මෙම පාඨමාලාව හදාරන්නන් හට ඉහත ආයතන වලට සම්බන්ධ වීමේ හැකියාව පවතී.

වැඩි විස්තර සඳහා විමසන්න

මියුසික් අවන් , නො. 96/බී, දුටුගැමුණු මාවත, කොහුවල.

දුර. 0112815715, 0766112632

 

7257 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 නොවැම්බර් 11, අඟහරුවාදා 12:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න