තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඡායාරූපකරණය සිරස්තල

2016 මැයි 03, අඟහරුවාදා 10:54

Pre - Shoot Locations විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(2 මනාප)
යුවතිපතීන්ගේ හදවත් තුළ සෙනෙහසේ මල් පූදින අසිරිමත්ම ශුභ මුහුර්තය උදාවන කාලයයි මේ. ඔබත් රන් හුයෙන් අතැඟිලි බඳින්නට පෙර ඔබ දෙපොළ ඒකාත්මිකව සිදුකරන Pre Shoot  ආත්මික ප්‍රකාශනයට අපෙන් පුංචි මඟ පෙන්වීමක්...

 

 

නුවරඑළිය ග්‍රෙගරි වැව Gragery Lake

මේ අති සුන්දර පාරිසරික පාරාදීසය ඔබේ Pre Shoot  එක සඳහා ඉතා මනරම් වටපිටාවකින් සමන්විතයි. ඒ සඳහා නුවරඑළිය නගර සභාවෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතුව ඇත. එක් දිනක අය කිරීම රුපියල් 7500 කි.

පැමිණ හෝ  Fax මඟින් වෙන්කර ගැනීමේ හැකියාව ඇත. අනුමැතිය සඳහා Fax පතක් ඉදිරිපත් කරන්නේ නම් කොමසාරිස්තුමා, නුවරඑළිය නගර සභාව ලෙසින් 052-2222274 අංකයට යොමු කළ යුතුය. මුදල් ගෙවීම අදාළ දිනයටත් කළ හැකියි. වැඩි විස්තර සඳහා 052-2222275 අංකයෙන් විමසන්න.

 

සීතාවක උද්භිද උද්‍යානය

නීල හරිත තුරු ලතාවන්ගෙන් චමත්කාරය මවන සිතාවක - පුවක්පිටියේ උද්භිද උද්‍යානය ද Pre-shoot  සඳහා කදිම සොබදහම් නිර්මාණයක්. විසිතුරු මල්වතු හා මනස්කාන්ත කුඹුක් යායකින් හැඩවූ මෙම සොඳුරු ඉසව්ව සිසිල් දිය පිරි ජලාශයකින්ද හැඩ වී අක්කර සිය ගණනක සීමාවක් කරා දිවයයි. මෙම උද්‍යානයට ඔබ කොළඹ සිට පැමිණෙන්නේ නම් කළුඅග්ගලට පැමිණ වග මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන්ම ළඟාවිය හැකියි.

මෙහි එක් දිනක Pre-shoot එකක් සඳහා වීඩියෝගත කිරීමට හා ඡායාරූප ගැනීමට අයකිරීම රුපියල් 7500 කි. මංගල ඡායාරූප ගැනීම සඳහා රුපියල් 1500 කි.

මෙම උද්‍යානය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා 036-3795295 අංක අමතන්න.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන භූමිය

(මංගල ඡායාරූප සඳහා පමණයි)

ජීවිතය අලුත්වන දෙවැනි උපත... අරුත්පිරි අධ්‍යාත්මික පරිසරයක මතක සටහන් කාච සටහනක තැබීම කෙතරම් අමරණීයද? හුණුපිටියේ ගංගාරාම විහාරය හා බේරේ වැව මැද පිහිටි සීමා මාලකයේ දර්ශනීය පසුතලය බොහෝ දෙනෙකුගේ නෙත් ඇදගන්නා දර්ශනයකි. ඔබගේ මංගල දිනයේ ආශිර්වාදාත්මක මතක සටහනක් තබන මෙම පුදබිමේ ඡායාරූප ගැනීමට පෙර විහාරස්ථාන පාලන කාර්යාලයට පැමිණ එහි ඇති විස්තර පත්‍රිකාවක් ලබාගෙන එය පුරවා ඡායාරූප ශිල්පියා විසින් භාරදිය යුතුය. මෙම ඡායාරූප ගැනීම සඳහා මුදල් අය නොකරන අතර විහාරස්ථාන සුබසාධක අරමුදල සඳහා මුදලක් පරිත්‍යාග කිරීමෙන් එයින් ලබන පින්පෙත්ද ඔබේ දිවි මඟට ආශිර්වාද ලබන්න මහඟු මඟකි. වැඩි විස්තර දැනගැනීම සඳහා විහාරවාසී කිරින්දේ අස්සජී හිමි අමතා 011-2327084 අංකයෙන් විස්තර ලබාගත හැකියි.

අපේ ගම බත්තරමුල්ල Ape Gama

‘අපේකම’ කියාපාන පසුබිමක් තුළ ඔබේ Pre-shoot  රූගත කිරීම් සඳහා සුදුසුම වටපිටාවක් ඇති ස්ථානයකි බත්තරමුල්ලේ අපේ ගම. ගම්මානයක ඇති සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කොට දක්වන අපේ ගමේ Pre-shoot එකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් අවසර ලබා ගත යුතුව ඇත. ඒ අනුව පැය තුනක කාලයක් වීඩියෝ ගත කිරීමට රුපියල් විසිපන්දහසක මුදලක් ද ඡායාරූප සඳහා රුපියල් දස දහසක් ද ගෙවීමට සිදුවේ. වැඩි විස්තර 011-2177417 අංකයෙන් දැන ගැනීමට හැකියි.

 

පින්නවල ඉපැරැණි ගම

ඉපැරැණි ගැමි සිරියාවෙන් ඔද වැඩුණු පින්නවල අපේ ගම නිර්මාණය වී ඇත්තේ සුන්දර වක් ඔය අසබඩය. දේශීය ආහාරපාන පිරි අවන්හල් කීපයකින්ද සමන්විත මෙහි ඇත්තේ ඉපැරැණි ගමක සංස්කෘතික අංග ලක්ෂණයි.

මෙවැනි සොඳුරු ඉසව්වක ඔබේ මංගල ඡායාරූප හෝ Pre-shoot  රූගත කිරීම සඳහා තෝරා ගැනීම ඉතාමත් සුදුසුයි.

මෙම භූමියේ ඡායාරූප ගැනීම සඳහා දිනක ගාස්තුව රු. 1500 කි. සතියේ සෑම දිනකම පින්නවල ඉපැරැණි ගම්මානය විවෘතව ඇත.

වැඩි විස්තර සඳහා 035-2262288 අංකය අමතන්න.

දෙහිවල සහ පින්නවල සත්තු වත්ත හා අලි අනාථාගාරය

කොළඹ නගරයෙන් ඈත්ව Pre-shoot  එකක් කරන්නට සිතා සිටින ඔබට මෙම ස්ථාන කදිම දර්ශන තලයක් බවට පත්කර ගත හැකියි. මෙහි ඡායාරූප ගැනීම සඳහා දෙහිවල සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමියගෙන් ලිඛිතව අවසර ගැනීම පළමුව කළ යුතුය. අයකිරීම සිදුවන්නේ ඡායාරූප ගන්නා කාලය අනුවයි. සාමාන්‍යයෙන් පැය 2 - 4 ක කාලයක් සඳහා රුපියල් 12000 අය කිරීමකි. මුදල් ගෙවීම ඡායාරූප ගන්නා දිනයේදී කළ හැකියි. වැඩි විස්තර සඳහා 011-2712752 අංකය අමතන්න.

 ගාල්ල කොටුව

ගාලු පුරවරයේ දකුණුලකේ සිරියෙන් නැහැවෙන මුහුදු වෙරළේ  Pre-shoot එකක් කරන්න ඇත්නම් මොන තරම් සෞන්දර්ය වටිනාකමක්ද? ඒ සඳහා ගාල්ල නගරාධිපතිතුමාගෙන් ලිඛිතව අවසර ගැනීම කළ යුතුය. ඒ අනුව අයකිරීම රුපියල් 7500 කි. එමෙන්ම ධර්මපාල උද්‍යානය හා හියාරේ ජලාශය වැනි ස්ථානවල ඡායාරූප ගැනීම සඳහාද අවසරය ගත යුතුව ඇත. මේ සඳහා 091-2223146 අංකය අමතා වැඩි විස්තර ලබාගන්න.

 කොටුව Dutch Hospital

පිටකොටුව පාවෙන වෙළෙඳපොළ Floating Market - Colombo
කොළඹ Arcade

කොළඹ අවට වූ ඓතිහාසික වටිනාකම සහිත පසුබිමක සුන්දර මංගල දිනක මතක සැමරුම් තබන්නට හැකිනම් එය මංගල ඡායාරූප කලාවේ ද නවමු අත්දැකීමක් වේවි. මේ සඳහා වූ රූප රාමු පෙළකට Dutch Hospital එක හෝ පිටකොටුවේ Floating Market නැතිනම් Colombo Arcade  පසුබිම් කරගන්නට අවසර ගත යුත්තේ නාගරික සංවර්ධන අධිකාරියෙනි. මෙම එක් ස්ථානයක මංගල ඡායාරූප ගැනීමට පැයකට අයකිරීම රුපියල් 5000 කි. ඒ සඳහා බත්තරමුල්ල සෙත්සිරිපායේ නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලයට පැමිණිය යුතුයි.

වැඩි විස්තර 011-2864047 අංකයෙන් සරත්චන්ද්‍ර මහතා අමතන්න. 

6290 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 මැයි 03, අඟහරුවාදා 10:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න