තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

ඡායාරූපකරණය සිරස්තල

2012 නොවැම්බර් 29, බ්‍රහස්පතින්දා 11:54

මංගල දිනයේදි කපල් එකට බාධා කරන්නෙම නෑ

ලිව්වේ  ප්‍රසන්නි ගී තරංගමා
අගයන්න
(3 මනාප)
ඡායාරූපකරණයේ විස්කම් මවන රහස මෙන්න Studio 3000 දුලානි Studio 3000 ඔබේ පියවි ඇස අභිමුවට ගෙනෙන කැමරා ඇසක විස්මිත ප්‍රාතිහාර්යයි. සැබැවින්ම ඡායාරූපකරණයේ මෙතරම්ම මේ නම බබලන්නේ දිනුක – දුලානි අපූර්ව සුසංයෝගය මතිනි. සැබැවින්ම ඔවුනට ඇත්තේ හැමදාමත් අලුත්වන කැමරා ඇස්ය.

ඒ නිසාම ඔවුන් ලංකාවේ ප්‍රධානතම ස්ටුඩියෝ අතරින්ද ඉදිරියට පැමිණ තිබේ. Studio 3000 මේසා අලුත් වෙනසකට අලුත් වූ හැටි දුලානි තරුණීට හෙළිදරව් කරන්නේ මෙලෙසයි. අපි නිතරම වෙනසක් සමඟ අලුත්ම දෙයක් කරන්නයි උත්සාහ ගන්නේ.

මංගල අවස්ථාවකදී මනාල යුවළ කලින් දිනයක ගෙන්වාගෙන එයාලා කැමැති දර්ශන තලයකදී ඡායාරූප ගන්නවා. ඇත්තටම එය මනාල යුවළට මංගල දිනය වෙනුවෙන් ලැබෙන හොඳ පෙරහුරුවක් වගේ. මංගල දිනයේදීත් මනාල යුවළගේ නිදහසට කිසිම බාධාවක් නොවන ලෙසයි අපි ඡායාරූප ගන්නේත් වීඩියෝ ගත කරන්නේත්. බොහෝ වෙලාවට මනාල යුවළට නිදහසේ කැමැති පරිසරයක ඇවිදින්න ඉඩහැරලා ඉතා දුර සිට අප අපේ වගකීම ඉටු කරනවා.

අනෙක මේ ඡායාරූප ගන්නේත් මමයි දිනූකයි පමණයි. ඡායාරූප තෝරා ගැනීමේ නිදහසත් මනාල යුවළටම භාරයි. මේ නිදහස් කැමරා ඇස මංගල අවස්ථාවක අපූර්ව කලාවක් දකිනවා. ඒ නිසාම 2009 වසරේ හොඳම මංගල ඡායාරූප ශිල්පියාට හිමි සම්මානයත්, 2009 වසරේ හොඳම මංගල ඡායාරූප ශිල්පියාට හිමි සම්මානයත් – 2010 වසරේ හොඳම ඡායාරූප ස්ටුඩියෝවට හිමි සම්මානයත් ඇතුළු සම්මාන සහතික, කුසලාන 100 කට ආසන්න ප්‍රමාණයකින් අපි පිදුම් ලැබුවා.

“අපේ ඇල්බම් එක හරිම ලස්සනයි” ඒ අතරේ සේවාදායකයන් අපේ වෙහෙසට දෙන මේ සම්මානයත් අපට බොහොම වටිනවා.

අපි ආරම්භ කළ ‘3000 වෙඩින් පැලෑන’ දෙස් විදෙස් කාටත් ඉතාම පහසුවෙන් තම මංගල කටයුතු සැලසුම් කරගත හැකි සේවාවක් වනවා. ඒ මඟින් මංගල අවශ්‍යතා සඳහා විශාල පාරිභෝගිකි සේවාවක් සපයනවා.

‘3000 කාර්’ මංගල රථ සේවාවද අපේ අලුත් සිතිවිල්ලක් අනුවයි ආරම්භ වුණේ. ඒ අනුව මේ සේවාවෙන් නවීනතම මෝටර් රථයේ සිට හෙලිකොප්ටර් දක්වා අවශ්‍යතාව අනුව සපයනවා. මේ අතරේ මම අලුත්ම ඡායාරූප කලාවකට මුලපිරුවා. ඒ අලුත උපන් බිලිඳු දරුවන්ගේ සහ ගැබිනි මාතාවන්ගේ ඡායාරූප ගැනීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කරමිනුයි. මෙහිදී අවශ්‍ය වන දරුවන් තැබීමේ දියුණු උපකරණ ඇමරිකාවෙන් ගෙන්වනු ලැබුවා. මා විසින්ම ලබාගන්නා මේ ඡායාරූප සඳහා ඉවහල් කරගන්නේ නවීනතම තාක්ෂණික ක්‍රමවේදයක්.

ස්ටුඩියෝවකට අධිතාක්ෂණය කැඳවා ගනිමින් පෑලියගොඩදී ආරම්භ වූ ‘Studio 3000’ න් ලංකාවේ ප්‍රථම වතාවට තරුපහේ හෝටල්වලත් ස්ටුඩියෝ ආරම්භ කළා. ගෝල්ෆේස්, මවුන්ට්ලැවීනියා හෝටල්වලදි පාරිභෝගිකයන් මේ අලුත් අත්දැකීමේ අපූරුව අත්දුටුවා.

ලබන 14 වැනිදා සිට බම්බලපිටියේ ‘Studio 3000’ ආයතනය ප්‍රධාන කාර්යාලය බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ඡායාරූප ඇල්බම් ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ ලංකාවේ ප්‍රථම වතාවටයි. මේ සුවිශේෂි දින 6 පුරා අපට ලැබෙන ඇණවුම් වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සුවිශේෂ වට්ටම් ලබාදීමටත් අපි සූදානම්.

මේ ප්‍රදර්ශනය ලංකාවේ ඉහළම පෙළේ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සේවාවන් ගැන මෙන්ම ඡායාරූපකරණය පිළිබඳත් ඔබේ දැනුම නව මානයකට ගෙන යාවි.

14738 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 නොවැම්බර් 29, බ්‍රහස්පතින්දා 12:07
අදහස් එක් කිරීමට ලොග් වෙන්න