තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඡායාරූපකරණය සිරස්තල

2013 මාර්තු 28, බ්‍රහස්පතින්දා 10:06

මංගල සැමරුමක අද්විතීය කැමරා ඇස

ලිව්වේ  ප්‍රසන්ති ගී තරංගමා
අගයන්න
(0 මනාප)
- කෝකිල විජයසේන රන්හූයෙන් දෑගිලි බැඳෙන ඔබේ අසිරිමත් විවාහ මංගල දිනය සොදුරුතම සිහිවටනයක් කරදෙන්නට දෙහිවල කළුතර - පයාගල නගරවල ඉදි වූ “වීඩියෝ කැෆේ” ඉටුකරලන්නේ අමිල සේවයකි. මංගල ඡායාරූප කලාවේ සහ වීඩියෝ කැමරාකරණයේ අද්විතීය තැනකට සපැමිණි ගමන් මග පිළිබඳ වීඩියෝ කැෆේ අධිපති කෝකිල විජයසේනයන්ගෙන් විශේෂ විමසීමක් කළෙමු.

“මම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ අහඹුවකින් නොවෙයි. ඒ සඳහා වූ විශාල පසුබිමක් ගොඩනඟාගෙනයි. මේ නිසාම 1996 වසරේදී ජාතික තරුණසේවා සභාවෙන් හොඳම රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඇත්තටම මගේ කැමරා ඇස ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් සමග පෑහෙනවා. ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ “මල් පිට මල්...” ගීතයේ කැමරාකරණය අධ්‍යක්ෂණය සියලු කටයුතු සිදුවූයෙත් මගේ අතින්. කලක් TNL රූපවාහිනි ආයතනයේත් මා සේවය කළා.

මේ සියලු අත්දැකීම් සමග ඔබේ විවාහ මංගල්‍යයේ ඡායාරූප ඇල්බමයට හා ඩී.වී.ඩී. එකට විශේෂත්වයක් එකතු කරන්නට මට හැකි වී තිබෙනවා. ඒ නිසාම විශේෂ ප්‍රචාරණයක් නැතත් රටපුරාම පාරිභෝගිකයින්ගෙන් මට ඇණවුම් ලැබෙනවා. සැබැවින්ම මේ වන විට මා ආවරණය කළ මංගල උත්සව ගණන දෙදහසකට වැඩියි. මේ අතර ජනප්‍රිය කලාකරුවන්ගේ හා සුප්‍රකට ව්‍යාපාරිකයින්ගේ මංගල උත්සවද වෙනවා.

මගේ කැමරා ඇස අද්විතීය වන්නේ නිරතුරුව ස්වභාවිකත්වයට ඉඩ දෙන නිසායි. සැබැවින්ම කැමරා ශිල්පියා කිසිසේත්ම මංගල උත්සවය මෙහෙයවන්නා නොවිය යුතුයි. මා මගේ කාර්ය භාරය ඉටු කරන්නේ සිරිතට විරිතට ඉඩ දී, ගලායන මංගල උත්සවයේ සැබෑම අවස්ථාවල කලාත්මක තැන් දකිමිනුයි. ඒ නිසා ඡායාරූප ඇල්බමය හා සී.ඩී. එක නරඹද්දී නව යුවතිපතින් මගේ සියුම් කැමරා ඇස පිළිබඳ විස්මයට පත් වූ අවස්ථාව ඕනෑ තරම්.

අපේ සේවය සුහදයි හිතමිතුරුයි. නීතිරීති රහිතයි. ඔබේ අතේ මිටේ තරමට තෝරාගන්නට පැකේජ් දහයක් පමණ තිබෙනවා. ඒ නිසාම ආදරණීය ජායාරූප - වීඩියෝ සැමරුමක් නිමවා ගන්නට ඔබ ආයුතුම තැන මෙතැනයි.

ලිපිනය : කෝකිල විජයසේන
183/2 ගාලු පාර, කොළඹ. දුරකථනය : 0777 816005

10605 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 මාර්තු 28, බ්‍රහස්පතින්දා 10:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න