තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඡායාරූපකරණය සිරස්තල

2013 ජූනි 27, බ්‍රහස්පතින්දා 16:20

ජීවිතයේ සොඳුරුතම සැමරුමකට ජොනතන්ස් ස්ටුඩියෝ

ලිව්වේ  උපේන්ද්‍රා ශ්‍රී ලක්මාලි
අගයන්න
(1 මනාපය)
සෙනෙහසින් අතැඟිලි බැඳෙන සුබ මොහොත ඇත්තෙන්ම අමරණීයයි. ඒ අසිරිමත් දිනයේ මතක සැමරුම් අතරේ යළි යළිත් සැරිසරන්නටයි සොඳුරුතම මංගල ඡායාරූප ඇල්බමයක් සකසා ගන්නට වැඩි දෙනෙකු උනන්දු වන්නේ.

 

ඔබත් ඔබේ මංගල ඇල්බමය ලෙස සොඳුරුතම සැමරුමක් ලෙස ඉතිරි කර ගන්නට යා යුතු හොඳම තැන වන්නේ මරදානේ “ජොනතන්ස් ස්ටුඩියෝ “ වෙතටයි. එහි අපූර්වතම පාරිභෝගික සේවාව ගැන අපි ජොනතන්ස් ස්ටුඩියෝ වෙතින්ම විමසීමක් කළෙමු.

“මේ ස්ටුඩියෝව මුලින්ම පටන් ගන්නේ අපේ මුත්තා, ඒ 1924 ජොනතන්ස් විජයරත්නයි. කොළඹ – මරදානේ පළමු ස්ටුඩියෝ එක හැටියට ජොනතන්ස් ස්ටුඩියෝව හඳුන්වන්න පුළුවන්. විදේශකයන්ට හිමි ස්ටුඩියෝ දෙකක් එකල තිබු අතර ලංකාවේ තෙවැනි ස්ටුඩියෝව ලෙස සැලකෙන්නේ මෙයයි.

මර්වින් විජයරත්න. ඒ අපේ පියා. ඔහුත් ඉතා දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. සීයාගෙන් පසුව මේ වටිනා උරුමයේ වගකීම පියාට භාරවුණා.

ඔහුගෙන් පසු ජොනතන්ස් ස්ටුඩියෝව බාර වුයේ, රන්සිරිනි වීරමන් – ජෙහාන් විජයරත්න සහ දිනේෂ් විජයරත්න යන පවුලේ සහෝදරයන්ටයි. ඔවුන් ව්‍යාපාරයක් ලෙස ඉදිරි ගමනකට පිවිසුණා.

ඡායාරූප කලාවේ නව පිටුවක් පෙරළමින් සම්ප්‍රදායික ස්ටුඩියෝවකින් ඔබ්බටම ගිය ජාත්‍යන්තර තලයේ සුවිශේෂතා රැසක් සහිත පාරිභෝගික සේවාවකට දැන් ජොනතන්ස් ස්ටුඩියෝව සුදානම්.

ලෝකයේ දියුණුම නවීන කැමරා සහ අනෙකුත් උපකරණ භාවිතා කරමින් වඩාත් පුළුල් සේවාවක් සපයන ජොනතන්ස් ස්ටුඩියෝ, අද විශාල පාරිභෝගික විශ්වාසයක් දිනා සිටිනවා.

පියවි ඇස අභිබවා තෙවැනි ඇස මෙහෙයවමින් සෞන්දර්යාත්මක නැවුම් යමක් ඔබට තිළිණ කරන්නට අපේ කාර්ය මඩුල්ල දැනුමෙන් හා අත්දැකීමෙන් පොහොසත්.

මේ ස්වභාවික ලෝකයේ මිනිසුන් නොදකින අතිශය සොඳුරු සිතිවිලි අපේ කැමරාව තුළින් එලියට එනවා. ඒ නිසා පරිගණක තාක්ෂණයෙන් කෘත්‍රිම විසිතුරු මවන්න අප වෙහෙසෙන්නේ නැහැ. තාත්වික ඡායාරූප ඇල්බමයට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඇගයිම් නිමක් නැහැ.

ආච්චි – සීයා, අම්මා – තාත්තා පමණක් නොවෙයි, අද තෙවැනි පරපුරත් මංගල ඡායාරුප ඇණවුම් වෙනුවෙන් විශ්වාසයෙන් ජෝනතන්ස් ඡායාරුප ශිල්පීන් සොයා එනවා.

ඕනෑම අවස්ථාවක ජොනතන්ස් ස්ටුඩියෝවට පැමිණ නිදහසේ කතා බහ කරන්නට ඔබට පුළුවන්. මංගල උළෙලේ ඡායාරුප ගැනීම මහා බරක් සේ ඔබටත් දැනුණා නම් ඒ සිතිවිල්ල මිහිරි බලාපොරොත්තුවක් කරන්නට ජොනතන්ස් කාර්යය මණ්ඩලය සුදානම්. අප වෙත එන සියලු දෙනා සමග කතා බහ කොට ඔවුන්ගේ අවශ්‍යතාව පිළිබඳ පෞද්ගලිකවම අවධානය යොමු කිරීමට අපි නිරතුරු සුදානම්. අත ඇති මුදල අනුව තෝරාගත හැකි පැකේජ් ගණනාවක් අප සතුයි.

ඒ නිසා කිසිදා නොදුටු වෙනස් විදියේ මංගල ඡායාරූප පෙළක් සමග ඔබේ විවාහයේ මතකය සමරන්නට අප වෙත එන්න.

මේ සේවාව ඔස්සේ සෑම “ස්ටෝරි බුක්” එකක් සඳහාම මංගල රථය නොමිලේ ලබා දීම, තැන්ක් යු කාඩ් 100 ක්, අඟල් 30x40 රාමු කළ ඡායාරූපයක් සහ අඟල් 10x12 ප්‍රමාණයේ “කපල්” හා “ගෲප්” ඡායාරූපයක් ලබාදීමත් සුවිශේෂයි.

ඉතා හදිසියේ ලබා ගන්නා මංගල ඡායාරූප වෙනුවෙන් මනාලිය හැඩ ගැන්වීමේ සේවාවද අප ආයතනයෙන් ලබාගත හැකියි.

අපේ සේවාව ප්‍රීතිමත් යුග දිවියකට පා නඟන ඔබට හෘදයාංගම සුබ පැතුම් සමගයි.

Dinesh Amarajeet Wijayarathna
Managing Director

227, 1st Division, Maradana, Colombo - 10.

Tel - 0112432005 / 0112337370
Mob - 0773021085 / Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. '; document.write(''); document.write(addy_text36288); document.write('<\/a>'); //-->\n This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

14759 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 ජූනි 27, බ්‍රහස්පතින්දා 16:52
අදහස් එක් කිරීමට ලොග් වෙන්න