තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඡායාරූපකරණය සිරස්තල

2012 ජූනි 24, ඉරිදා 18:26

වෙඩින් එකේ ස්ටොරි බුක් එක

ලිව්වේ  අනුෂා පතිරණගේ
අගයන්න
(5 මනාප)
මේ ෆොටෝ එකේ ඔයා මාර ලස්සනයි...!” කියද්දී අපේ යුවතියන් බොහොමයකගේ ඉහේ මල් පිපෙනවා. “හැබැයි ඒ ෆොටෝ එකට විතරයි... කිවුවොත්...? ඒත් සමහරුන්ගේ සැබෑ ලස්සන පින්තූරවල නෑ. ඒත් තවත් සමහරු පින්තූරවල ඉන්නවා. ඇත්තටම එයා ද කියල හිතාගන්න බෑ. එයාලට අපි කියනවා “ඔයා මාර ෆොටෝජෙනික්” කියලා. ඒ කොහොම වුණත් ඡායාරූපයක් කියන්නේ අපේ බාහිර සුන්දරත්වය මෙන්ම ඉමිහිරි මතක සැමරුම් ගබඩා කළ හැකි රසවත් සිහිවටනයක්.

 ඒ සිහිවටන අපට නැවත අතීතයට යන්නට ආදරයෙන් කතා කරනවා. එහි අමිල වටිනාකම මෙන්ම හඟවන දහසකුත් අර්ථ ගැන්වීම් සැබවින්ම අපට වචනවලට පරිසමාප්ත කරන්නට බැහැ.

මේ කතාබහ ඒ සුන්දර සිහිවටන වඩාත් සුරක්ෂිත කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඔබ දැනුවත් කරන්නටයි.

සාමාන්‍යයෙන් අකුරු කියවීම, උපන් දින සාද, මල්වර මෙන්ම මංගල සාදයන් නිරන්තරයෙන්ම කැමරා ඇසේ ඇඳෙනවා.

ඒත්, ඒකට සීමා මායිම් නං නැහැ. මොකද අද ලෝකයා මවකගේ ප්‍රසූත අවස්ථාවේ පටන් විවිධ අවස්ථා දකින්නට කැමරා ඇස මානන එක හරි අපූරු කලාවක් වෙලා නිසා.

මේ කොයි තරම් වැදගත් අවස්ථාවක් වුවත් එය නියමාකාරයෙන් සුරක්ෂිත කරගන්නේ කෙසේ ද යන්න ඔබ නො දැන සිටින තාක්කල් ඒ මතකයන් ඔබ ළඟ අනාරක්ෂිතයි.

පින්තූර සුරැකීමට වර්තමානයේ පොදුවේ පිළිගෙන තිබෙන එකම ආරක්ෂිත ක්‍රමය වන්නේ ඒවා ලැමිනේට් කිරීමයි.


ඒත් සාමාන්‍යයෙන් අපගේ ජීවිතයේ වැදගත් අවස්ථා ඇල්බම් ගත කරන විට, ග්ලොස් හෝ මැට් හෝ මේ දෙකම මිශ්‍රව හෝ තම රුචිකත්වය හා අලංකාරය අනුව සකසා ගැනීම වදරක් නොවෙයි. නමත් මැට් ලැමිනේෂන් දිගු කාලයක් පින්තූර සුරක්ෂිත කරාවි යයි බොහෝ දෙනකු අදහනවා. ඒත් මෙම දෙ ආකාරයෙන්ම කල් පැවැත්මෙහි වෙනසක් සිදු නො වන්නේ මේ සඳහා එකම රසායන වර්ග, මුද්‍රණ කඩදාසි හා එකම මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කරන නිසා බව කිව යුතුයි. මොකක් ද මේ ලැමිනේටිං...? මෙය ග්ලොස් හා මැට් යන දෙ ආකාරයටම කරගන්න පුළුවනි.

ග්ලොස් පින්තූරයක ලස්සන යථා ස්වභාවයෙන් තිබෙනවා. නමුත් එහි දූවිලි අංශු පහසුවෙන් උරා ගන්නවා. ඒ කෙසේ වුවත් පින්තූරයක ලස්සන තවත් වර්ධනය වන්නේ ග්ලොස් ලැමිනේට් කිරීමෙනි. ඊට සාපේක්ෂව මැට් ඡායාරූපයක එම හානිය අවමයි. එහෙත් මැට් (mat), කෝල්ඩ් (cold), ඩියුරොගාඩ් (duroguard), වැනි ක්‍රමවල දී පින්තූරයේ සැබෑ ස්වරූපයේ කිසියම් වෙනස් වීමක් සිදු වෙයි.

වීදුරුවක් දමා හෝ නො දමා පින්තූරයක් රාමු කර සුරක්ෂිත කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ග්ලොස් හැර ඉහත කී කවර හෝ ක්‍රමයකට ඔබට යා හැකියි. පින්තූරය ග්ලොස් නම් ලැමිනේට් කර එය රාමු කිරීමේ දී ඔබට මැට් වීදුරුවක් භාවිත කළ හැකියි.

කරුණු කෙසේ වෙතත් නූතනයේ භාවිත වන නවතම මෙන්ම වඩාත් ආරක්ෂිත පින්තූර ගබඩා කරන ක්‍රමය වන්නේ ස්ටෝරි බුක් එකයි. විශේෂිත ලැමිනේටින් වර්ගයක් භාවිත කරමින් සකසන මෙම ඇල්බමය සියලුම බාහිර උපද්‍රව වලින් ඔබේ මතකයන් එකසේ ආරක්ෂා කරනු ඇත.

මෙකී කවර ක්‍රමය භාවිත කළ ද ඔබ ඒ අතීත සැමරුම හිරු එළියෙන් හා තෙතමනයෙන් වෙන් කොට තබා ගැනීමට ද සිහි තබා ගත යුතු වේ.

උපදෙස් : Photo Focus ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ

ක්‍රිෂාන්ත හෙට්ටිආරච්චි මහතා

9894 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 10:17
මේ යටතේ එන අනෙකුත් ලිපි: කැමරා ඇසට ලස්සනම වර්ණය »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න