තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඡායාරූපකරණය සිරස්තල

2013 ඔක්තෝබර් 01, අඟහරුවාදා 13:06

ඔබේ ජීවිතයේ සොඳුරුම දවස සදා අමරණීය සිහිවටනයක් කරන රූප මණ්ඩප

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
ආදර රජ දහනේ කිරුළු පළඳින දා ... ඔබේ ජීවිතයේ සදා අමරණීයම දිනයයි. තම පෙම්බරා පෙම්බරී සමග දැඟිලි බැඳ ගන්නා ඒ මොහොත ඇත්තෙන්ම සාදාදරණීයයි. ඒ මතකය සැමදා සිහිගන්වන්නට ඇත්නම්... විවාහයේ නැවුම්බව සුන්දරත්වය ආදර ඔබ සතුයි.

 

මේ සොඳුරු සිහිවටනය ඡායාරූපයකට සජීවිගත කරන විශ්වාසනීයම තෝ තැන්න, “රූප මණ්ඩපයි”,

විසි වසරකටත් ඈතකට දිවයින ඔහුගේ ඡායාරූපකරණ දැනුම පරිණතය. අත්දැකීම් අපිරිමිතය. ඡායාරූපකරණයේ නවමු ඉසව් අතික්‍රමණය කළ ඔහු ධම්මික එස්. විජේවික්‍රමයි. ඔහු, පියවි ඇස අභිබවා, තෙවැනි ඇස මෙහෙයමින් සෞන්දර්යාත්මක ගමනක් යයි. පුවත්පත් කළාවෙන් ලද අත්දැකීම් කැටිකරගෙන ඉන් ඔබ්බට ගිය මේ ඡායාරූප ශිල්පියා මංගල ඡායාරූපයට සැබෑම සජීවී බවක් එක්කරයි.

මනාල යුවළගේ සංස්කෘතියට, මංගල්‍යයේ තේමාවට මුල් තැන දෙමින් හරි අපූරුවට තම තෙවැනි ඇස හසුරවයි. සැබැවින්ම “රූප මණෟඩප” වෙතින් ඔබට විද්‍යානුකූල සහ සම්ප්‍රදානුකූල සම්මිශ්‍රණයක් සහිත මංගල ඡායාරූප ලබා දේ.

තවද නිරතුරුව දකිනා රූප රාමුවලින් ඔබ්බට ගිය ස්වභාවික එළිමහන් පසුතලය සහිත මංගල ඡායාරූපයක් ඔබ සතු කිරීම මෙහිලා සුවිශේෂිත්වයකි. කෘත්‍රිම පසුබිම් යොදාගන්නේ නැති තරම් ය. එසේම ඔබ පෝරු මස්තකයේ හිඳ නෑ පිරිස මතින් විවාහ නොවූ අයෙක් නම් ඔබේ මංගල ඡායාරූප ඔබට අහිමි වූ යුවළක් නම් එය ලබා ගැනීමේ පහසුකම “රූප මණ්ඩප” ඔබට ලබා දේ. ඒ මෙහි වූ ලෝකයේ දියුණුම ඡායාරූප තාක්ෂණය කැමරා උපකරණ භාවිතයෙනි.

ඔබ ඔබේ විවාහ මංගල්‍ය සැලසුම් කරන්නට ඇරැඹූ දාම විවාහ මංගල්‍යයේ සොඳුරු දසුන් කැමරා කාචයේ සටහන් කිරීමට රූප මණ්ඩප වෙත භාරදීම මාස 06 කට පෙර වීමෙන් වඩාත් ඵලදායි වේ. පවතින මිල ගණන් කෙතරම් ඉහළ ගිය ද ඔබ පාරිභෝගික සම්බන්ධතා දිනය වෙන්කර ඇත්නම් එය ඔබට ගැටලුවක් නොවේවි.

මේ අනුව රූප මණ්ඩප ප්‍රධාන ශාඛාව නුගේගොඩ ද අනු ශාඛාව කිරිබත්ගොඩ නගර මධ්‍යයේ ද පිහිටා තිබේ.

චමත්කාර ජනක විවාහ මංගල්‍යයක අසිරිය සදාදරණීය තිළිණයක් කර ගන්න ඔබත් රූප මණ්ඩප වෙත පිය නඟන්න. මංගල ඡායාරූප කලාවේ අද්විතීය නාමය රූප මණ්ඩප ඔබේ සැමරුම සදා සජීවි කරනු ලැබේ.

රූප මණ්ඩප ස්ටුඩියෝ
දෙවැනි මහල
K.F.C. ගොඩනැගිල්ල, හයිලෙවල් පාර, නුගේගොඩ.

රූප මණ්ඩප
නුවර පාර, කිරිබත්ගොඩ.

 

0777 325281
www.roopamandapa.com
Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

9948 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න