තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඡායාරූපකරණය සිරස්තල

2014 මැයි 20, අඟහරුවාදා 10:15

මෙන්න මංගල දිනයේ සදා අමරණීය Abum එක විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
විවාහ මංගල්‍යයේ අසිරිමත්බව කියාපාමින් එහි ආදරණීය සැමරුම් අමරණීය මතක සැමරුම් බවට පත්කරලන්නේ මංගල ඇල්බමයයි. තමන්ගේ දූ දරුවන්ටත්, දූ දරුවන්ගේ දරුවන්ටත් දකින්නට හැකි එකම දේ මංගල ඇල්බමයයි. දින වකවානු යොදා ගනිමින්, හෝටල් වෙන් කරගනිමින් විවාහ මංගල්‍යයට සැරසෙන ඕනෑම යුවළක් නොම්මර එකේ මංගල ඡායාරූප ශිල්පියකු වෙන්කරවා ගන්නේත් විවාහ මංගල්‍යයේ හැමදාමත් පවතින එකම මතක සටහන මංගල ඇල්බමය වන නිසාවෙනි.

වෙන්කර ගැනීම

මෙසේ ඔබ තෝරා ගන්නා ඡායාරූප ශිල්පියා සමඟින් පිටත ඡායාරූප ගැනීමට සුන්දර ස්ථානයක් වෙන් කරවා ගැනීම කල්තියාම කරගත යුතු දෙයකි.

සුන්දර වෙරළ තීරයත්, අලංකාර මල්වතු, පූජනීය භූමි ආශි‍්‍රත ස්ථාන මෙන්ම පැරැණි ගොඩනැගිලි, මංමාවත්, පැරැණි වාහන ඡායාරූප ශිල්පියාගේ තෙවැනි ඇසට හසුවී නිර්මාණාත්මක ඡායාරූප කිහිපයක එකතුවක් ලෙසින් එළිදකී.

කලාවක් ඇතැයි සැලකෙන ඕනෑම තැනක් තම තෙවැනි ඇසට හසුකර ගන්නට දක්ෂ ඡායාරූප ශිල්පියකුට පුළුවන. අවට පරිසරය මනාල යුවළටත් මනාල යුවළ අවට පරිසරයටත් හිරිහැරයක් නොවන පරිදි එකිනෙකා උළුප්පා දක්වමින් කලාත්මක ඡායාරූපයක නිමාව දක්නට හැක්කේත් දක්ෂ ඡායාරූප ශිල්පියකුගෙනි.

සුන්දර තැන්....

මෙවර අප ඔබට මඟ පෙන්වන්නේ මංගල ඇල්බමයේ සෞන්දර්යාත්මක බව දෙගුණ තෙගුණ කරවන්නට සමත්කම් ඇති ස්ථාන පිළිබඳවයි මේවායින් ඇතැම් ස්ථාන කලින්ම වෙන්කරවා ගත යුතු අතර ඒ සඳහා කිසියම් මුදලක් අය කරන ස්ථාන ද ඇත.

ගංගාරාම පන්සල

නො. 61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02
112435169, 0112327084, 0112459622
ෆැක්ස් - 0112439508
ඊ-මේල් -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සිරිනන්ද විහාරය (මානෙල්වත්ත පන්සල)
බොල්ලෑගල, කැලණිය
0112905596, 0776478136 (නයනා)

 දඩගමුව රජමහා විහාරය

දඩගමුව, වේයන්ගොඩ
0332288084

ගම්පහ උද්භිද උද්‍යානය

0332222316

රාදෙණිය උද්භිද උද්‍යානය

නුවර පාර, පේරාදෙණිය
0812388088, 0812388175

හග්ගල මල්වත්ත

0522222182

ජී.එල්. පියදාස එකෝ ෆ්‍රෙන්ඩ්ලි බර්ඩ්ස් පාක්

නො. 166, බුත්ගමුව පාර, රාජගිරිය
0714736652

‘සුළඟ’ බොල්ගොඩ

දම්පේ පාර, ලේක් බොල්ගොඩ
පිළියන්දල
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
0777560314

අපේගම

බත්තරමුල්ල
වෙබ් - www.apegama.lk
0112786026
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Dutch Hospital
Light House

ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ගත යුතු වේ
නෙළුම් පොකුණ, කොළඹ 07
0112669024

දියත උද්‍යානය 

07180804140 (සම්පත්)

පේරාදෙණිය විශ්ව විද්‍යාලය

(ගලහ පාර) 0812388301

(පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ‘වළ’හි ඡායාරූප ගැනීම සඳහා එහි උපාධිධාරීන්ට අවසර ලැබේ.) එහෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගලහ පාරේ සුන්දර පරිසරය ඡායාරූප ගැනීම සඳහා අවසර ඇත.)

මහනුවර දළදා මාළිගය

0812234226
(මෙහිදී මංගල ඡායාරූප ගැනීම සඳහා අවසර ඇත්තේ මාළිගාවේ ඡායාරූප ශිල්පීන්ව සිටි අය පමණි.)

වලව්ව - ජාඇල

(මෙය පෞරාණික දෑවලින් යුතු හෝටලයකි)
හැමිල්ටන් දොරටුව
ඇලකන්ද පාර, ජාඇල

බණ්ඩාරවෙල කොටේජ්

ඇඩිසන් බංගලාව 0572268030

හපුතලේ වයි (ක) හන්දිය

(මෙය ෆයිනස් ගස්වලින් අනූන වූ පෙදෙසකි.)

බලංගොඩ බෙලිහුල් ඔය

බදුල්ල - ස්පි‍්‍රංවැල්ල පාර
(මේ අසල ඇති වැව නිසා සුන්දරත්වය වැඩිවී තිබේ)

බණ්ඩාරවෙල දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව
දෙමෝදර ගල්වල සහ පාලම
නුවර ගල්මඩුව පන්සල
0812420451

අමායා හිල්ස් හෝටලය

0812233521-522

අර්ල්ස් රීජන්සි හෝටලය

0812422122

ගැටඹේ පන්සල

0812388113

බෝගම්බර වැව රවුම

සුන්දර වෙරළ තීරයන් රැසක් මංගල ඡායාරූප ශිල්පීන්ගේ තෙවැනි ඇසට හසුවේ. මීගමුව, දෙහිවල, ගල්කිස්ස, ත්‍රිකුණාමලය, දකුණු වෙරළ තීරය ඇතුළු හෝටල්වලට අයත් නොවන වෙරළ තීරයන් සියල්ලම පාහේ කැමරා කාචයට හසුවේ. හෝටල්වලට අයත් වෙරළ තීරයන් (උදා: ගල්කිස්ස මහ හෝටලය වැනි) වල ඡායාරූප ගනිද්දී හෝටල්වල අවසරය මෙන්ම ඒ සඳහා යම් මුදලක් ද ගෙවිය යුතු වේ.

මංමාවත් අවට ඇති සුප්‍රසිද්ධ පැරැණි ගොඩනැගිලි උදා: කොටුව කාගිල්ස් ගොඩනැඟිල්ල) ආදී විවිධ තැන් ද දක්ෂ ඡායාරූප ශිල්පීන් තම කැමරා කාචයට අපූරු ලෙස හසුකර ගනියි.

ඡායාරූප - ශාන් රූපස්සර

11993 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 මැයි 20, අඟහරුවාදා 10:40
අදහස් එක් කිරීමට ලොග් වෙන්න