තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඡායාරූපකරණය සිරස්තල

2012 ජූනි 28, බ්‍රහස්පතින්දා 13:54

කැමරා ඇසට ලස්සනම වර්ණය

ලිව්වේ  නුවන්
අගයන්න
(4 මනාප)
දවල්ට – නිල් , රාත්‍රියට – රතු සහ කොළ... ප්‍රවීණ ආලෝකකරණ අධ්‍යක්ෂ තුසිත මුනින්ද්‍රදාස සාමාන්‍යයෙන් අපි විවාහ මංගල්‍ය, පි‍්‍රය සම්භාෂණාදියට බොහෝවිට තෝරා ගන්නේ විචිත්‍රවත් ඇඳුම් පැළඳුම් ආදියයි. ඒ බොහෝ විට ඡායාරූප ගැනීම් හා වීඩියෝ කිරීමේදීත් ඔබේ ලස්සන වැඩියෙන් කැපී පෙනෙන නිසායි.

එහෙත් එවැනි අවස්ථාවක දී ඔබ ඡායාරූපයට හෝ වීඩියෝ දර්ශනයට වැඩියෙන්ම කැපී පෙනෙන්නට සිතනවා නම් පාට තෝරා ගැනීමේදී ඉතා කල්පනාකාරී විය යුතුයි.

බොහෝ උත්සව දිවා කාලයේදී පැවැත්වුවත් ශාලාව ආලෝක කිරීමට සිදුවේ.

ඒ සඳහා වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ සී.එෆ්.එල්. වර්ගයේ විදුලි පහන්ය. මේ ආලෝක පසුබිමේ දී කැමරාවේ හෝ වීඩියෝ කැමරාවේ සටහන්වන ඔබේ ඇඳුම් පැළඳුම්වල වර්ණය ඇතැම්විට වෙනස් වී ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ.

සී.එෆ්.එල්. ආලෝකයට වඩා තීව්‍ර කර පෙන්වන වර්ණය නිල් පැහැයයි. සැබැවින්ම එය දහවලට පැවැත්වෙන පි‍්‍රය සම්භාෂණවලට ඇඳීමට ලස්සනම වර්ණයයි.

එවැනි අවස්ථාවකදී වීඩියෝ ගත කිරීමේ හෝ ඡායාරූප ගත කිරීම් උදෙසා රතු වැනි තද වර්ණ පෙරණවල ආධාරයෙන් තද වර්ණයක් වැටෙන්නට සලස්වා තිබෙනු දැකිය හැකියි.

එහෙත් ඒවා මධ්‍යයේ ගන්නා ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම්වලදී දීප්තිමත් වර්ණ මැකී ඒවා මඳ කළු පැහැයකට හැරී තිබෙනු පෙනේවි. එය ඔබ අසතුට

ට පත් කරයි. එවැනි අවස්ථාවකට සුදු වර්ණයේ සාමාන්‍ය විදුලි බුබුලක ආලෝකය සෑහෙයි. 
ඔබ ඒ පිළිබඳ දැනුවත්ව සිටීම වටී.

එසේම රාත්‍රි උත්සවයකදී රතු, කොළ පැහැයන්වලට කැමරා ඇස වඩාත් හිතකර වෙයි. එසේම රතු පැහැය රාත්‍රි පි‍්‍රය සම්භාෂණයකට උචිතතම වර්ණය වෙයි.

 

10434 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 10:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න