තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 පෙබරවාරි 21, අඟහරුවාදා 11:59

විවාහයක් ලියාපදිංචි කරන්නේ කොහොමද? විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ආදරවන්තයන්ගේ දිනයේ උණුසුම තවමත් පහව ගොස් නැත. ආදරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් තමයි විවාහය. ඇතැම් පෙම්වතුන් ආදරවන්තයන්ගේ දිනයෙහිම විවාහ වෙන්නට දින නියම කරගන්නට තීන්දු තීරණ ගන්න ඇති. එහෙම වුණා නම් ඒක අර්ථවත් දිනයක් බවට පත්වේවි.

 

විවාහ වෙන්න දින නියම කරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕනේ මොකක් ද කියලා ඇහුවොත් සමහර අය කියයි හොටෙල් එකක් බුක් කරගන්න එක නැත්නම් මංගල ඇඳුම් ගැන. එහෙත් මුලින්ම සැලසුම් කරගන්න ඕනේ නීතිය පැත්තෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා.

* විවාහ රෙජිස්ටාර්වරයකුට විවාහයක් දැනුම්දිය යුත්තේ කොපමණ කාලයකට පෙරද?

විවාහ අපේක්ෂිත දෙදෙනාගේ අදාළ කොට්ඨාශයන් දෙකෙහි විවාහ රෙජිස්ටාර්වරුන් දෙදෙනාට අවම වශයෙන් විවාහයට දින 14 ක් හෝ මාස තුනක කාලයක් ඇතුළත දැනුම් දෙන්න ඕනේ.

* අවශ්‍ය ලියකියවිලි මොනවාද?

දෙදෙනාගේම හැඳුනුම්පත් හෝ උප්පැන්න සහතික. එසේත් නැත්නම් තමාගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතාගෙන් වයස අනුමත කළ ලියවිල්ලක්, එය ප්‍රාදේශීය ලේකම් විසින් ද අනුමත කර තිබිය යුතුයි. ඒ වගේම මනමාලියගේ පැත්තෙන් අංක 103 දරණ රෝස පැහැති පෝරමයත් මනාලයාගේ පැත්තෙන් පදිංචිය සනාථ කරන ලියවිල්ලකුත් අවශ්‍ය වෙනවා. මේ ලියකියවිලි දින 14 ත් මාස තුනක කාලයත් ඇතුළත අදාළ කොට්ඨාශ විවාහ රෙජිස්ටාර්වරුන් දෙදෙනා අතර හුවමාරුවීමක් සිදු වෙනවා.

විවාහය සඳහා මූලික සුදුසුකම් මොනවාද?

විවාහ අපේක්ෂිත යුවළ අවුරුදු 18 ට වැඩි විය යුතුයි. ඒ අනුව අවුරුදු 18 යි දවස් දෙකක් ගියපසු විවාහයක් සිදු කිරීමට පුළුවන්. විවාහයේදී සාක්ෂිකරුවන් දෙදෙනකු අවශ්‍ය වන අතර ඔවුන් එම විවාහ රෙජිස්ටාර්වරයා හඳුනන අය විය යුතුයි. සාක්ෂිකරුවන් දෙදෙනාගේ හැඳුනුම්පත් අංකයන් ද අවශ්‍ය වෙනවා.

විවාහ අපේක්ෂිත ඔබට මේ පිළිබඳ ගැටලු ඇත්නම් පහත විවාහ රෙජිස්ටාර්වරුන් අමතා උපදෙස් ලබා ගත හැකියි.

 

කීර්ති අබේසිංහ බණ්ඩාර

රත්නපුරේ - නදුන් කෝරලේ

විවාහ, උප්පැන්න, මරණ

රෙජිස්ටාර් - වේවැල්වත්ත

071-8282433

එස්. එම්. එස්. පෙරේරා

ගම්පහ - දකුණු අලුත් කෝරලේ

ලේකම්, ජ්‍යෙෂ්ඨ උප සභාපති

උප්පැන්න, මරණ, විවාහ රෙජිස්ටාර්

077-9093805

3305 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න