තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 20, අඟහරුවාදා 16:07

Wedding එකකට යද්දී ඔබ ඔබ ම වන්න විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ආ නේ.. මනුෂි.. මට ඔයා අඳුනගන්නත් බැරි වුණා.. මේකප් එක නිසා ඔයා වෙනස් වෙලා..’ ‘ඇත්තමයි, මටත් මෙයාව අදුන ගන්න බැරි වුණානේ.. ඉතිං බෝයි ෆ්‍රෙන්ඩ් වුණ මට බැරි වුණ

 

එකේ, කොහොමද ඔයාල අඳුන ගන්නේ..’ මේ වගේ සිද්ධීන් ඔබගේ මතකයේත් කොතෙකුත් ඇති.

‘කොච්චර ලස්සන වුණත් මොකටද ඒ ඉන්නේ මං නෙමෙයි නම්..’ මෙලෙසින් සිතුණු වාරත් ඔබට මතක ඇති. ‘සමහර අය මේකප් කළත් ලස්සනයි. එයාලගේ පෙනුම එහෙම වෙනස් වෙන්නේ නෑ.. ඇයි අපි මේකප් කළාම මේතරම් වෙනසක්..’ ඔබේ සිත ඔබෙන්ම විමසුවා වෙන්නට පුළුවන්.

ඇත්තට ම එහෙම වෙන්නේ ඇයි? එහෙම නොවෙන්න නම් හොඳ මේකප් එකක් කරගන්නේ කොහොමද? මේ ගැටලු ඔබේ සිතේත් පැන නැගුණා නම් එයට විසඳුම් ලබා දෙන්නයි අප මේ සූදානම් වෙන්නේ,

අද බොහෝ සුරූපී තරුණියන් මේකප් කිරීමේ වැරැදි නිසා විරූපී වන අවස්ථා දකින්නට ලැබෙනවා. මෙලෙසින් විරූපී වන්නේ සාමාන්‍ය ලෙස මේකප් නොකොට හෙවි මේකප් (වැඩි මේකප් එකක්) කිරීමට යාම නිසයි. හෙවි මේකප් කරන අවස්ථා ඇතත් සාමාන්‍යයෙන් උත්සව අවස්ථාවකට සම්බන්ධ වන කාන්තාවකට වුවත් සාමාන්‍ය මේකප් එකක් ප්‍රමාණවත්.

එහෙත් අද වන විට අපේ රටේ කාන්තාවන් ඉන්දියානු ටෙලි නාට්‍ය නැරඹීමට පුරුදු වී සිටින නිසා ඒවායෙහි ඇති මේකප් ආදර්ශයක් කරගැනීම නිසා මෙලෙසින් සිදු වෙනවා. එම නාට්‍යවල සිටින වයසක චරිත පවා හෙවි මේකප් එකක් සිදුකර ඇති නිසා අපේ රටේ සිටින කාන්තාවන් සිතන්නේ වැඩි ලස්සනක් ලබා ගන්න නම් ඒ වගේ මේකප් එකක් කළ යුතු බවයි. ඒත් අපි සිතට ගත යුත්තේ අප සහභාගී වන්නේ චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක චරිතයකට නොවන බවයි. අපි මුහුණට මුහුණ යාළු හිතමිත්‍රාදීන් හමුවන ස්ථානයකට යන නිසා ඔවුනට පවා හඳුනාගැනීමට නොහැකි සේ මේකප් නොකළ යුතුයි.

දහදිය දැමූ විට මේකප් තැනින් තැන පුල්ලි මෙන් ඇති වීම අසාර්ථක මේකප් එකක ලක්ෂණයකි. මේ නිසා හොඳ මේකප් එකක් කිරීමට නම් ඔබ හමට ගැළපෙන වර්ගයකින් මේකප් කරන ද්‍රව්‍ය ලබා ගත යුතුයි.

ඇතැම් අය මේකප් කිරීමට පෙර මුහුණ ක්ලෙන්සර් කිරීමට පුරුදු වී සිටිනවා. ඒත් මේකප් එකකට පෙර මුහුණ ෆේස් වොෂ් යොදා සෝදා ගැනීම ප්‍රමාණවත්. ඉන්පසුව මුහුණේ දහදිය නොදමන ලෙස සම සීල් කිරීම ඔබට තනිවම වුවත් සිදු කළ හැකියි. මේ සඳහා අයිස්වතුර මුහුණට ස්ප්‍රේකර හෝ අයිස් වතුර පෙඟවූ තුවායක් මුහුණ මත විනාඩි 2-3 ක් පමණ වේලාවක් තබාගෙන සිටීම කළ යුතුයි. ඉන්පසුව මේකප් දැමීම ඇරඹීමට පෙර ටිෂූ එකක් ගෙන හොඳින් මුහුණ තෙත මාත්තු කරන්න.

මුහුණේ ෆවුන්ඩේෂන් ක්‍රීම් ආලේප කළ යුත්තේ ඉන්පසුවයි. මේ සඳහා සමට ගැළපෙන වර්ණයේ හා වර්ගයේ ෆවුන්ඩේෂන් එකක් තෝරා ගත යුතුයි. වෙළෙඳපොළේ ෆවුන්ඩේෂන් ආකාර තුනකින් මිලදී ගත හැකියි.

* ලික්විඩ් හෙවත් දියරමය ෆවුන්ඩේෂන් - මෙය ආලේප කොට මේකප් එකක් හොඳින් තබා ගත හැකි වන්නේ පැයක් දෙකක් වැනි කාලයකටයි.

* ස්ටික් ෆවුන්ඩේෂන් - මෙම ෆවුන්ඩේෂන් වර්ගය තෙල් සහිත සමකට සුදුසු නොවන්නේ මඳ වේලාවකින් තෙල් ස්වභාව වැඩි වන නිසයි.

* කේක් ෆවුන්ඩේෂන් - මෙය වැඩි කාලයක් රඳා පවතින ෆවුන්ඩේෂන් එකක් වුවත් එය ද තෝරා ගත යුත්තේ ඔබේ සමට ගැළපෙන ආකාරයටයි.

ෆවුන්ඩේෂන් ආලේප කිරීමේ දී එය ආලේපකොට හොඳින් මුහුණ පුරා බ්ලෙන්ඩ් කළ යුතුයි. එනම්, මුහුණේ යම් ආලේපයක් ගෑවා නොගෑවා සේ පෙනෙන පරිදි මෙය සිදු කළ යුතුයි. මේවා පිටි තට්ටු මෙන් ආලේප කිරීමෙන් පසුව වෙස් මුහුණක් මෙන් දිස් වීම වැළකිය නොහැකියි. බ්‍රෂ් එකකින් බ්‍රෂ් කිරීම මඟින් ෆවුන්ඩේෂන් එක වඩාත් හොඳ නිමාවක් ඇති ලෙසින් දිස්වේවි. ෆවුන්ඩේෂන් ආලේප කිරීමේ දී තෙත ස්වභාවක් මුහුණේ ඇති වන නිසා පවුඩර් කිරීමට පෙර ටිෂූ එකකින් මුහුණේ සම තෙතමාත්තු කළ යුතුයි. නැතිනම් පවුඩර් තැනින් තැන පුල්ලි ලෙස දිස්විය හැකියි.

ඉන්පසුව ෆිනිෂිං පවුඩර් හෝ කන්ටැක්ට් පවුඩර් ආලේප කළ යුතුයි. මෙයද තෝරා ගත යුත්තේ ෆවුන්ඩේෂන් එකට ගැළපෙන ලෙසයි. මෙයින් පසුව ඇස්වල මේකප් එක සිදු කළ යුතුයි.

මේ සඳහා අයි ලයිනර්, අයි ෂැඩෝ, මස්කාරා ආදිය ගැල්විය යුතුයි. අයි ෂැඩෝ ඇඳීමේ දී යොදා ගත යුත්තේ ඔබ අඳින ඇඳුමට අදාළ වර්ණවල ළා වර්ණයි. තද වර්ණවලින් අයිෂැඩෝ ඇඳීම නොකරන්නේ තද පැහැති තොල් ආලේපන නවතම විලාසිතාව වී ඇති නිසයි. ඇස් හා තොල් යන දෙකම තද වර්ණවලින් මේකප් කළොත් සිදු වන්නේ මුහුණට භයංකාර ස්වභාවක් ලැබීමයි.

ඉන් පසුව දෙකම්මුල්වල නිසි ලෙසින් බ්ලෂර් ආලේප කරන්න. දෙතොල් සඳහා ලිප් ලයිනර් පෙන්සිල් එකකින් දෙතොල් හැඩය නිසිලෙස ඇඳ ලිප් බාම් ස්වල්පයක් තවරා එයට උඩින් ලිප්ස්ටික් බ්‍රෂ් එකකින් ආලේප කරන්න. මෙය ඇඳුමට හා ඔබේ සමේ වර්ණයට ගැළපෙන තද වර්ණයක් විය යුතුයි.

මේකප් කිරීමෙන් පසුව වැඩිය දහදිය නොදමන ස්ථානයක සිටිය යුතුයි. නැතිනම් මේකප් එක දහදියෙන් සේදී විකෘති විය හැකියි. එමෙන්ම මුහුදු වෙරළට යාමද නොකළ යුතුයි. මුහුදු සුළංවල ඇති ලවණ ගතිය නිසා එයත් සමඟින් දහදිය දැමූ විට මේකප් එක කළු විය හැකියි. මේ ආකාරයෙන් මේකප් එකක් කිරීමෙන් හා එය නිසි ලෙස පවත්වා ගැනීමෙන් පැය 5-6 ක පමණ කාලයක් නැවුම්ව තබා ගත හැකියි. මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් වන්නේ, හොඳ විශ්වාසදායක වෙළෙඳනාම යටතේ ඇති ඒවා තෝරා ගැනීමයි. මනා ප්‍රමිතියකින් යුතු ආලේපන (කල් ඉකුත්වන දිනය, සැකසූ රට ආදිය) තෝරා ගැනීම ඔබේ සෞඛ්‍යයටත් යහපත්.

ඔබ උත්සවයට සහභාගී වී පැමිණි සැනින් මේකප් ඉවත් කිරීම කළ යුතුයි. මේ සඳහා පළමුවෙන් ක්ලෙන්සර් එකකින් මේකප් ඉවත් කොට ටිෂූ එකකින් පිස දමා ඉන්පසුව ෆේස් වොෂ් දමා මුහුණ සේදිය යුතුයි. අවසානයේ සමේ ර්‍ථඩ් අගය තුළිත වන සේ ටෝනර් එකක් භාවිත කළ යුතුයි.

 

 උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ආචාර්ය

ප්‍රේමසිරි හේවාවසම්

2386 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 20, අඟහරුවාදා 16:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න