තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 18, සඳුදා 13:09

සිරුරේ හැඩයට ගැළපෙන ඇඳුම් ඇන්දොත් ඔයා ලස්සනයි විශේෂාංග

ලිව්වේ  චාමිකා ජයසූරිය
අගයන්න
(0 මනාප)
අද වෙළෙඳපොළේ විවිධ හැඩයෙන්, වර්ණයෙන් යුතු විලාසිතා බොහෝය. මෙම විලාසිතාවලින් සැරසුණු විට සැබෑ සුන්දරත්වය දකින්නට නම් එය ඔබේ සිරුරේ හැඩයට, පාටට මනාව ගැළපිය යුතුයි.

 

මෙලෙස සිරුරේ හැඩයට ගළපා ඇඳුම් ඇඳීමට නම් ඔබ ඔබේ සිරුරේ හැඩය ගැන දැනුවත් විය යුතුය. එමනිසා සිරුරේ හැඩය අනුව ඇඳුම් පැලඳුම් තෝරාගන්නා ආකාරය පිළිබඳ අපි මෙලෙස දැනුවත් වෙමු.

මූලික වශයෙන් සිරුරේ හැඩය අනුව කොටස් 04 කි. එනම් ඇපල් හැඩය, පෙයාස් හැඩය, කොටු හැඩය හා වැලි ඔරලෝසු හැඩයයි.

ඇපල් හැඩය

ඔබට හිමි ඇපල් හැඩයේ සිරුරක් නම් ඔබේ සිරුරේ ඉහළ කොටස සිරුරේ පහළ කොටසට වඩා ප්‍රමාණයෙන් විශාල වේ. පළල් උරහිසක් හා විශාල පපු පෙදෙසක් ඔබට හිමිවන නමුත් ඔබගේ උකුළ පෙදෙස කුඩා වේ. නමුත් ඔබගේ සිරුර ඇපල් හැඩයට අයත් නම් ඔබට සුන්දර සිහින් දිගු දෙපා යුගලක් හිමිය.

ඔබට හිමි ඇපල් හැඩයේ සිරුරක් නම් උදර පෙදෙසට විවිධ මෝස්තර ඇති ඇඳුම් අඳින්න එපා. එමෙන්ම විශාල බඳ පටි පැලඳීමෙන් ද වැළකී සිටින්න. එමගින් ඔබේ සිරුරේ මැද කොටසට වැඩි අවධානයක් යොමු වීම නිසා සිරුරේ අසමබරතාව මනාව කැපී පෙනේ.

ඔබට ඍ හැඩයේ කරක් සහිත බ්ලවුස් විලාසිතා ගැළපෙන අතර විවිධ හැඩයට කැපුම් යොදා උඩට ඇඳුම් ඇඳීමෙන් සිරුරේ යටි කොටසේ කුඩා බව අවම කර පෙන්විය හැකියි.

සුන්දර දෙපා යුගලක් හිමි නිසා කොට කලිසම් මෙන්ම කොට සායවල් ද ඔබට සුදුසුයි. නමුත් ඔබ කිසි විටෙකත් ස්කිනි, ජින්ස්, ලෙගින්ස් වැනි ඇඟටම ඇළුණු කලිසම් තෝරා ගන්න එපා. එමඟින් ඔබේ දෙපා සිහින් වී පෙනීම නිසා සිරුරේ යටි කොටසෙහි කුඩා බව කැපී පෙනීමට හැකිය. පිටුපසට සාක්කු යොදා කලිසම් ඇඳීමෙන් මෙය මඟහරවා ගත හැකියි.

සපත්තු පැලඳීමේ දී බූට් වැනි කකුල් වැසෙන සපත්තුවලට වඩා කකුල් නිරාවරණය වූ අඩි උස සපත්තු ඔබට සුදුසුයි.

රූපලාවණ්‍ය විශේෂඥයන් පවසන ආකාරයට ඇපල් හැඩති සිරුරේ පපු පෙදෙස ඉණ සහ උකුලේ ප්‍රමාණයේ අනුපාතය වනුයේ 4:4:3 යි.

පෙයාස් හැඩය

ඔබට හිමි පෙයාස් හැඩයේ සිරුරක් නම් ඔබගේ සිරුරේ උඩ කොටසට සාපේක්ෂව යටි කොටස විශාල වේ. එනම්, ඔබේ උකුළ හා පිටුපස පෙදෙස උරහිස්වලට වඩා විශාල වේ. එමෙන්ම සාපේක්ෂව ගත් කළ කුඩා පපු පෙදෙසක් පවතී.

ඔබට ඍ හැඩය හෝ උ හැඩයේ කරවල් සහිත බ්ලවුස් ගැළපෙන අතර උරහිස් රහිත බ්ලවුස් විලාසිතා පවා ගැළපේ. එමෙන්ම විශාල අත් සහිත බ්ලවුස් ද ඔබට ගැළපේ.

ඔබගේ සිරුරේ උඩු කොටස කුඩා නිසා ඔබට කරට බෝ එකක් යෙදූ, කර වටා විශාල මෝස්තර සහිත බ්ලවුස් වුව ගැළපේ.

පුළුල් උකුළ පෙදෙසක් හිමි නිසා තද වර්ණයෙන් යුතු කලිසම් හා සායවල් ඇඳීමට උනන්දු වන්න. මන්ද ළා වර්ණවලින් ඔබගේ උකුළේ විශාල බව තවත් විශාල කර පෙන්වයි. එසේම ඔබට ඉහළින් ඉණ පිහිටි කලිසම් හා සායවල් මනාව ගැළපේ.

පෙන්සිල් කට්, පිෂ්ටේල් හැඩැති සායවල් නොගැළපෙන අතර උකුල පෙදෙසට මෝස්තර පිරුණු ඇඳුම් ද ඔබට නොගැළපේ.

ඔබ නිතරම අඩි උස පාවහන් පැළඳීමට උනන්දු වන්න. එමඟින් සිරුරේ යටි කොටසේ මහත අඩුකර පෙන්වයි.

රූපලාවණ්‍ය විශේෂඥයන් පවසන ආකාරයට පෙයාස් හැඩති සිරුරේ පපු පෙදෙස, මුහුණ සහ උකුළේ ප්‍රමාණයේ අනුපාතය වනුයේ 3:2:4 වේ.

කොටු හැඩය

ඔබට කොටු හැඩයේ සිරුරක් හිමි නම් ඔබගේ සිරුරේ නිශ්චිත ඉණ පෙදෙසක් දක්නට නොමැති අතර උරහිස් හා උකුළ එකම ප්‍රමාණයක් ගනී. එනිසාම මුළු ශරීරයම ගත් කල පෙට්ටියක් ආකාරයෙන් දිස්වේ.

උරහිස් රහිත හෝ උරහිස් විවෘත වූ ඇඳුම් ගැළපෙන අතර කරට බෝ එකක් හෝ කොලර් එකක් යෙදූ බ්ලවුස් ගැළපේ. නමුත් කොටු හැඩයේ කර සහිත බ්ලවුස් ඔබට නොගැළපේ.

උකුළ පෙදෙසින් රැලි සහිත වූ කලිසම් සහ සායවල් ගැළපෙන අතර එමඟින් සිරුරේ යටි කොටස, උඩු කොටසට වඩා විශාල කර පෙන්විය හැකිය.

එසේම උකුළ තෙක් විහිදුණු උඩු කබා ඇඳීමෙන් ඉණ පෙදෙසේ ඇති අවලස්සන බව අඩුකර ගත හැකිය.

ඉණ පෙදෙස වෙන්කර පෙන්වීමට බෙල්ට් සහිත ඇඳුම්වලින් සැරසීමට පුළුවනි.

එමෙන්ම ඔබට බූට්කට් මෝස්තරය සහිත කලිසම් තෝරා ගැනීමට හැකි අතර පිටුපස සාක්කු සහිත කලිසම් ද ඔබට සුදුසුයි.

පාවහන් පැලඳීමේදී ඉදිරිපස රවුම් හෝ ඕවල් හැඩති පාවහන් පැලඳීමට සැලකිලිමත් විය යුතුය.

රූපලාවණ්‍ය විශේෂඥයන් පවසන ආකාරයට කොටු හැඩයේ සිරුරේ පපු පෙදෙස, ඉණ සහ උකුලේ ප්‍රමාණයේ අනුපාතය වනුයේ 3:3:3 වේ.

වැලි ඔරලෝසු හැඩය

ඔබට ඇත්තේ වැලි ඔරලෝසු හැඩති සිරුරක් නම් ඔබට සිහින් ඉණ පෙදෙසක් හිමි අතර පපු පෙදෙස හා උකුළ එකම ප්‍රමාණයෙන් පවතී. එනිසාම සිරුරේ උඩු කොටස හා යටි කොටස මනාව ගැළපෙන අතර ඔබට සුන්දර සිරුරක් හිමිය.

ඇඳුම් තෝරා ගැනීමේදී සිරුරේ හැඩය මනාව කැපී පෙනෙන ලෙස ඇඳුම් තෝරාගත හැකිය.

ස්විට් හාට් ඍ හැඩැති කර සහිත උඩු ඇඳුම් ඔබට ගැළපේ. නමුත් හයිනෙක් කර සහිත ඇඳුම් ඔබට ගැළපෙන්නේ නැත. එසේම කරට බෝ එකක් හෝ කරට විශාල රැලි යෙදූ ඇඳුම් ද ඔබට නොගැළපේ.

සිහින් ඉණ පෙදෙසක් හිමි නිසා එය කැපී පෙනෙන ලෙස බඳ පටි පැළඳීමට හැකියි.

ඒ ලයින් හැඩති, පෙන්සිල් කට් හැඩති දණහිස තෙක් දිගු වු සායවල් ඔබට සුදුසුයි.

එසේම බූට් කට් සහ සිරුරේ හැඩයටම පවතින කලිසම් ඔබට සුදුසු නමුත් ඉණ බොහෝ සෙයින් පහතින් පිහිටන කලිසම් ඔබට නොගැළපේ.

රූපලාවණ්‍ය විශේෂඥයන් පවසන ආකාරයට වැලි ඔරලෝසු හැඩති සිරුරේ පපු පෙදෙස ඉණ සහ උකුලේ ප්‍රමාණයේ අනුපාතය වනුයේ 4:2:4 වේ.

366 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 18, සඳුදා 13:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න