තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

විලාසිතා සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 13:13

තත්ත්වයට අනුව බෑග් එක තෝරා ගන්න Bag Point වෙත පියනගමු ද? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
කාලය ඉගිලී යන වේගයෙන්ම විලාසිතා බිහිවෙනවා. ඒවා ජනප්‍රිය වෙන්න ගත වෙන්නෙත් නිමේෂයකි. විලාසිතා ගැන කතා කරද්දී කාන්තා ඔබ ගැනත් කතා නොකරම බැහැ. විලාසිතා හා අසීමිත සම්බන්ධතාවයක් කාන්තා ඔබට තිබෙන බව ඉතිං අමුතුවෙන් කිවයුත්තක් නොවෙයිනේ?

 

ඉතිං මේ දිනවල බෑග්වල අලුත්ම ට්‍රෙන්ඩ් එක මොකක්ද...?

අපි මේ ගැන සොයා වෙළෙඳපොළේ සවාරියක් ගියා. ඇත්තටම 'බැක් පැක්' බෑග් එකට හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. පංති යන දියණිවරුන්ගේ සුන්දරත්වයට අලුත් ආකර්ෂණයක් එකතු කරන්න කියාපුම මෝස්තරයක්. ඒත් එක්කම මෙය ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම එක සේ ගළපා ගත හැකියි. විවිධ වර්ගයේ මෝස්තර හා විවිධ වර්ණවලින් තිබෙන නිසා ලොකු කුඩා කවුරුත් කැමැතියි. ලැප්ටොප් එක වගේම අනෙකුත් පොත් පත් සියලු දේ පහසුවන්ම රඳවාගෙන යා හැකි නිසා ඉල්ලුමත් බොහෝමයිලු.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන, පාසල් යන, අමතර පංති යන දරුවන්ට වගේම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටත් මෙය මහත් ප්‍රයෝජනවත්.

මේ බැක් පැක් එකට ඉහළ ඉල්ලුමක් තිබියදී කාන්තා අත් බෑගයන් ද තවමත් ජනප්‍රියයි. තම වෘත්තියට අනුව එකිනෙකට වෙනස් අත් බෑගයන් ද තෝරා ගත හැකියි. ඒ සඳහා ඔබට මනා අවබෝධයක් තිබිය යුතුයි. නැතිනම් ඔබ සමාජයේ විහිළුවට ලක්වෙන්නත් ඉඩ තියෙනවා.

කාලයෙන් කාලයට එන රැල්ල අනුව බෑග් නිර්මාණය කරන අමුද්‍රව්‍ය වෙනස් වීමක් සිදුවෙයි. ඒ අනුව හෑන්ඩ්ලූම්, රෙක්සින්, පී.වී.සී. ප්‍රින්ටඩ්වලින්, ලෙදර්වලින් බෑග් නිර්මාණය වේ. අත් බෑගයක් ඔබට ක්ෂණිකව විවෘත කිරීමටත් වසා ගැනීමටත් පහසු විය යුතුය.දැන් ඔබට ඕනෑම වර්ණයකින් යුත් අත් බෑගයක් ගෙන යා හැකියි. එයත් කාන්තා අත් බෑගයන්හි නවතම ටෙ‍්‍රන්ඩ් එකයි. ඔබේ සාරියට, පාවහන් යුගලට වගේම නිය ආලේපන සඳහාත් එලෙසින් බෑගයේ වර්ණ ගළපා ගත හැකියි.

මේ කුමන එකක් ඔබ තෝරා ගත්තත් බෑගය පිරිසුදුව තබා ගන්නටත් ඔබ දැන සිටිය යුතුයි.

බෑග් තේරීමත් කලාවක්. ඉතිං කාන්තා ඔබට ඒ කලාව අපූරුවට පිහිටා තිබෙන බව නම් සිකුරුයි.

 

තරුණී පාඨක ඔබේ පාසල් වියේ පසුවන දුවට පුතාට අගනා පාසල් බෑගයන් 10 ක් ලබා දීමට පිට කොටුවේ Bag Point ආයතනය සූදානම්. ඒ සඳහා ඔබ කළ යුත්තේ 0777670794 දුරකථන අංකයට දරුවාගේ නම, පාසල, ලිපිනය SMS කිරීමයි. දිනුම් ඇදීමකින් එම වටිනා බෑගය ඔබේ නිවෙසට එවනු ලැබේ.

970 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 13:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න