තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

විලාසිතා සිරස්තල

2018 නොවැම්බර් 05, සඳුදා 16:27

අනවශ්‍ය රෝම ඉවත් කිරීම අවබෝධයෙන් කළ යුතුයි විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය ගැන කතා කිරීමේදී අනවශ්‍ය රෝම ඉවත් කිරීම වැදගත් අංගයකි. ඒ නිසාම NVQ හදාරන සිසුවියන් මෙය අනිවාර්යයෙන්ම අධ්‍යයනය කළ යුතු විෂයයක් බවට ද පත් වෙලා.

 

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම විලාසිතාවක් පමණක්ම නොවේ. එය ශරීරයේ ඇතැම් ආරක්ෂකමය කරුණක් ලෙසද කළ යුතු ම දෙයකි. ක්‍රි. පූ. 300 සිටම ඈත අතීතයේ දී ඊජිප්තු වැසියන් රෝම ඉවත් කළ බවට ද ඉතිහාසය කරුණු සපයයි.

එමෙන්ම ඇහි බැම සහ මුහුණේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම ලස්සනට වගේම මුහුණෙහි සම මෘදුව තබා ගැනීමටත් හේතුවක් වනවා. ඒ නිසාම ලස්සන ගැන උනන්දුවන සෑම කෙනකුම අනවශ්‍ය රෝම ඉවත් කිරීම හෙවත් ත්‍රෙඩිං කිරීම ගැන අවබෝධයක් ලබා තිබීම වැදගත්.

මෑත කාලයේ බටහිර රටවල මෙන්ම අරාබි රටවල ඇතුළු ආසියාතික රටවල ද කාන්තාවන් ත්‍රෙඩින් කිරීම දෛනික ජීවිතයේදී රුව ලස්සන කර ගැනීමට යොදා ගන්නා සාමාන්‍ය උපක්‍රමයක් බවට පත් කරගෙන තිබේ. ඒ නිසා රූපලාවණ්‍ය ආයතනවලට මේ සේවය ලබා ගැනීමට වැඩි පිරිසක් පැමිණෙනවා.

ත්‍රෙඩිං කිරීම නිවැරැදිව හැදෑරීමට පෙර කෙස් ගසක ව්‍යූහය, කෙස් ගසක පැවැත්ම ආයු කාලය ඇතුළු කෙස් ගසේ මූලික සිද්ධාන්තයන් පිළිබඳ අධ්‍යයනයක් ලබා තිබීම වැදගත්. එහිදී කෙස් ගසේ ඇනජන් අවස්ථාව, කැටජන් අවස්ථාව සහ ටෙලජන් අවස්ථාව අධ්‍යයනය කිරීමෙන් ත්‍රෙඩින්ං කිරීමේ කර්යය පහසුවෙන් කිරීමට හැකියාව ලැබේ.

සේවාව කිරීමට පෙර සූදානම්වීම අතිශයින්ම වැදගත්. සෑම සේවාවක්ම පෙර සූදානමක් සහිතව ආරක්ෂාකාරී ලෙස සිදු කිරීමෙන් ඔබ ලබා දෙන්නා වූ සේවාව ඉතා පහසුවෙන් සාර්ථකව ඉටු කිරීමට අවකාශය ලැබෙනවා.

තෙඩින් කිරීමේදී සේවා ලාභියා පමණක් නොව ඔබේ ආරක්ෂාව පිළිබඳව ද වැඩි අවධානයක් දැක්වීම තුළින් ඇති වන්නා වු අවදානම් තත්ත්වයන් මඟහරවා ගත හැකියි. ඒ නිසා පිරිසුදු අත්වැසුම් භාවිත කරන්න. අත්වැසුම් පිරිසුදු වියළි තත්ත්වයේ තිබිය යුතුයි. පුයර නොදැමූ අත් වැසුම් පාවිච්චි කිරීමයි වඩාත් සුදුසු. නැතිනම් අසාත්මිකතා ඇතිවිය හැකියි.

 

ත්‍රෙඩිං සේවය ලබා දීමේදී හොඳින් ආලෝකය තිබෙන ස්ථානයක් තෝරා ගන්න. එමෙන්ම හොඳ වාතාශ්‍රයක් තිබිය යුතුයි. සේවාලාභියාගේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි සේවාව ලබා දෙන්න. ශරීරයේ ඇතැම් ස්ථානයන් ද මේ අයුරින් ත්‍රෙඩින් කරන නිසා එවැනි අවස්ථාවන්හි දී සේවාව ලබා දෙන ස්ථානය ආවරණය වී තිබිය යුතුයි.

ඕනෑම ත්‍රෙඩිං සත්කාරයක් කිරීමට ප්‍රථම සමේ සංවේදිතා පරීක්ෂාවක් සිදුකරන්න. එමෙන්ම පෙරදී ද මේ සේවාව ලබා ගැනීමේදී අසාත්මිකතා ඇතිව තිබේද යන්න සේවා ලාභියා රූපලාවණ්‍ය ශිල්පිනියව දැනුවත් කිරීම සේවාලාභියාට වැදගත් වනු ඇත.

සිදු නොකරන අවස්ථා

සමෙහි දිලීර ආසාදන, වෛරස් ආසාදන, බැක්ටීරියා ආසාදන, දද, කුෂ්ඨ, ඉදිමීම් වැනි අවස්ථාවන්වලදී මේ සත්කාරය ලබාදීම සුදුසු නොවේ. කැපුම්, සීරීම්, ඉලිප්පීම් සහ තුවාල සහිත සමක් නම් සත්කාරය සීමා කරන්න.

දැන් තෙ‍්‍රඩිං සත්කාරය සඳහා සේවා ට්‍රොලිය සූදානම් කර ගන්න. කොටු හෝ රවුම් ලෙස සකස් කළ කපු පුළුන්, කපු නූල්, ජීවාණුහරණය කළ ටුවිසර් එකක්, මැග්නිෆයින් ලාම්පුවක්, ත්‍රෙඩිං හෝ වැක්ස් කිරීමට පෙර ගල්වන පිරිසුදු කිරීමේ ලෝෂන්, ජීවාණුහරණය කළ කතුරක්, ෂුමින් ජෙල්, ඇහිබැම බුරුසුවක්, කතුර සහ ටුවිසරය බහා තැබීමට විසබීජනාශක සහිත බඳුනක් සූදානම් කර ගන්න.

සම සහ රෝම පරීක්ෂාව

සේවාව සැපයීමට පහසු අයුරින් සේවා ලාභියාව සේවා පුටුව මත ඉඳ ගැනීම සලස්වන්න. ඔබ ත්‍රෙඩිං කරන්නේ ඇහි බැම හෝ මුහුණෙ නම් එම ස්ථානයෙහි පිරිසුදුකාරක ගල්වන්න. දැන් එම ස්ථානයෙහි සමෙහි ස්වභාවය සහ රෝම වර්ධනය පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන්න. එමෙන්ම රෝම ප්‍රතිවිරුද්ධතා පරීක්ෂාව කරන්න.

මේකප් යොදා ඇත්නම් ඒවා හොඳින් ඉවත්කර ත්‍රෙඩිං කිරීම අරඹන්න. ඇහිබැම සැකසීමේ ක්‍රම කිහිපයකි.

එනම්,

1. biggin point
2. end point
3. high point
4. nose side


මෙම ක්‍රම හොඳින් අධ්‍යයනය කරන්න. ඇහිබැම සැකසීමේදී ටුවිසරය භාවිත කරන්න. ඒ සමඟම කපු නූල ද භාවිත කළ හැකියි.

කපු නූල දඟර කවා ගැනීම සඳහා විවිධ ක්‍රම යොදා ගන්නට පුළුවන්. සෙන්ටිමීටර් 60 ක් පමණ දිග නූල් කැබැල්ලක් ගන්න. මෙය බොහෝ දුරට ඔබේ අතේ දිගට සමානයි. එහි දෙකොන එක් කර ගැටයක් දමා තොණ්ඩුවක් ආකාරයට සාදා ගන්න. ඉන්පසු එය මැදින් කිහිප වරක් අඹරවා අංක 8 තිරස් ලෙස පෙරලූ විට එන ලකුණ හැඩයට ගැටයක් ගසාගන්න.

ඉන්පසුව එක් අතක දඹරඟිල්ල හා මහපට ඇඟිල්ල එක් සිදුරකට දමන්න. අනෙක් අතෙහි දඹරඟිල්ල හා මහපට ඇඟිල්ල අනෙක් සිදුරට දමන්න. එලෙස ඇඟිලි ප්‍රසාරණය සහ හැකිළීම මඟින් සිදුරු විශාල සහ කුඩා වීමෙන් රෝම ඉවත් වීම සිදුවේ. එසේ රෝම ඉවත් කිරීම කරනු ලබන්නේ රෝම වැවෙන දිශාවට නොව ප්‍රතිවිරුද්ධ දිශාවටය.

මෙලෙස ඇහි බැම සකස් කිරීමේදී හැඩ කිහිපයක් අනුව සකස් කළ හැකියි.

Soft Angled
Rounded
'S' shaped
Hard Angled
Flat
මේ හැඩයන් එක් එක් මුහුණට ගැළපෙන ලෙස කළ යුතුයි. සේවාදායකයාගේ මුහුණට වඩාත් ගැළපෙන්නේ කුමන හැඩය ද යන්න ඔබ හොඳින් වටහා ගන්න. මේ ආකාරයට ටභතත ටචජඥ ලෙස මුළු මුහුණෙහිම වුවද රෝම ඉවත් කළ හැකියි.ත්‍රෙඩින් කිරීමේ දී නහයේ දුර, ෆේස් ලයින් එකට සමානව සිටින සේ රෝම ගලවා ගැනීමට අමතක නොකරන්න. ඒ ආකාරයට උඩුතොල, නිකට සහ කම්මුල්වලට මැග්නිෆයිල් ලාම්පුව ආධාරයෙන් ත්‍රෙඩිං කළ හැකිය. ත්‍රෙඩිං කර අවසන් වූ පසු එම ස්ථානයේ ටෝනර් හෝ අයිස් වතුර ගල්වන්න.

පසු සත්කාර සඳහා සේවාලාභියාට උපදෙස් ලබා දෙන්න. ත්‍රෙඩිං කිරීමෙන් පසු සම සංවේදි වන නිසා UV කිරණට නිරාවරණය වීමෙන් වළකින්න. ත්‍රෙඩින් කළ ස්ථානයෙහි රෝම කූප විවර වූ නිසා ඒ හරහා ඉක්මනින් කුණු දූවිලි ඇතුළුවීමෙන් පැල්ලම් ඇති විය හැකියි. ඒ නිසා ටෝනර් භාවිතය ඉතා වැදගත්.

මේ උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙන් සේවාලාභියාව තෘප්තිමත් වන මනා සේවයක් ලබා දීමට ඔබට හැකි වනු ඇත.

NVQ පාඩම් මාලාව පිළිබඳ ගැටලු ඇත්නම් 011-2429592 අංකයට අමතන්න.

 

උපදෙස්

Chamalie Kaldera Hair Design & Beauty Academy

මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන් හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

338 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 16:28
අදහස් එක් කිරීමට ලොග් වෙන්න