තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 පෙබරවාරි 28, අඟහරුවාදා 10:48

මංගල රථය සරසා ගන්න වැඩි මුදලක් වියදම් කරන්නෙ කුමටද? විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
මංගල දිනය ලස්සන කරගන්න අපට කොතරම් වගකීම් කරට ගන්න සිදුවෙනවාද? විවාහ උත්සවය ගැන කතා කරනකොට අපේ මතකයට මුලින්ම එන්නෙ ගැළපෙන උත්සව ශාලාවක් සොයාගන්න එක.

 

ඊළඟට හොඳ රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් තෝරාගන්න වෙහෙසෙනවා. ඉන්පසුව ආරාධනා පත්‍ර, මංගල කේක් මේ වගේ අත්‍යාවශ්‍ය දේවල් කරගන්න ඇති නිසා අනෙකුත් දේවල් ඔබට අමතක වෙලා යනවා.

ඒ අමතකවීම නිසා ඔබේ පසුම්බියෙන් අනවශ්‍ය මුදලක් වැය කරන්නට සිදුවන එක දෙයක් තමයි ඔබේ මංගල රථය. විවාහ මංගල්‍යයකදී මංගල රථය සැරසීමත් සැරසිලි අතර එක් අංගයක්. නමුත් කාර්යබහුල නිසා බොහෝ දෙනකුට මෙය මඟහැරී යනවා. අවසානයේ සිදුවන්නේ වැඩි මුදලක් ගෙවා වටිනාකමින් අඩු ක්‍රමවත් බවකින් තොර මංගල රථයක් සරසගන්න. ඔබ තුළ හොඳ සැලැස්මක් තියෙනවා නම් මංගල සිහිනය වගේම ඒ සිහිනයත් ඉතා අඩු මුදලකට කරගන්න පුළුවන්. නමුත් මේ ගැන හිතන්නෙ හරිම අඩු පිරිසක්.

ඔබේ මංගල දිනයට දින දෙක තුනකට කලින් මරදාන ඩීන්ස් රෝඩ් එකට ඔබට එන්නට හැකිනම් ඔබේ මංගල රථය හරිම අඩු මුදලකින් උපරිම ලස්සනට කරගැනීමේ අවස්ථාව තිබෙනවා. නෙට් සමඟ ස්වාභාවික මල් යොදා ගනිමින් මංගල රථය සරසගන්න ඔබ සූදානම් වෙනවානම් ඒ සඳහා ඔබට වැයවෙන්නේ රුපියල් දෙදාස් පන්සීයක් වැනි මුදලක්. නෙට් වෙනුවට ඔබ රිබන් භාවිත කරනවානම් රුපියල් එක්දහස් පන්සීයකට පමණ මෙය කරගත හැකියි.

බොනට් එක උඩ සම්පූර්ණයෙන් මල්වලින් සරසාගන්න ඔබට අවශ්‍ය නම් වැයවෙන්නෙ රුපියල් අටදාහක් පමණ මුදලක්. සතියකට කලින් ඔබට ඇණවුම ලබාදෙන්නට හැකිනම් ඔබේ මංගල රථය හරිම ලස්සනට සරසගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මනාලියන්ගේ මල් කලඹ සහ කොණ්ඩයට ගසන මල් සැරසිලි රුපියල් හයදහසේ සිට ලබාගැනීමේ අවස්ථාවත් ඔබට හිමියි.

ඒ විතරක් නෙමෙයි ඔබට නිර්මාණශීලී හැකියාවක් තිබේ නම් මංගල රථය සරසගන්න යන මුදලෙන් හරි අඩක්ම ඉතිරි කරගන්නත් පුළුවන්. එහිදී වැයවෙන්නේ ෆ්‍රෙෂ්ෆෝම් කොටසකටයි. මල්වලට සහ නෙට් සඳහා යන මුදලට පමණයි. මේ සැරසිල්ල කරන්න නිර්මාණශීලි අයකුගේ උදව් ගන්න පුළුවන්නම් වටිනාකමත් ඉහළයි. මේ සඳහා ඔබේ රූපලාවණ්‍ය ශිල්පිනියගෙන් උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න. නැතිනම් ඔබ තෝරාගත් තීම් එකට ගැළපෙන ආකාරයටම වාහනය සරසා ගන්නටත් අවස්ථාව ලැබෙනවා.

මේ ආකාරයට අරපිරිමැස්මෙන් යුතුව මංගල රථය සරසා ගන්න වගේම අවශ්‍ය කළමනා ගන්නත් මරදානේ ඩීන්ස් පාර ප්‍රදේශයෙන් වගේම පිටකොටුව බංගසාල වීදියෙනුත් පුළුවන්.

 

ස්තූතිය - ටී. ජී. බිශාන්

විජයගිරි ෆ්ලෝරා

077-0857000

2418 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 පෙබරවාරි 28, අඟහරුවාදා 10:50
මේ යටතේ එන අනෙකුත් ලිපි: « 3000Cars මංගල රථයට මල් මල් සැරසිලි »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න