තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 ජූලි 06, සිකුරාදා 15:25

මංගල උළෙල නිවැරදිව වීඩියෝ ගත කරමු

Written by 
අගයන්න
(0 මනාප)
විවාහයට සූදානම් වන යුවලක් තම මංගල දිනය ඉතා සාර්ථකව නියමාකාරයෙන් පෙළගස්වා ගැනීමට දරන්නේ අපමණ වෙහෙසකි. මංගල දිනයදා ඔවුන් උත්සහ දරන්නේ ඉතා ආකර්ෂණීයව හා සුරූපීව තම ඥාතීන් හිත මිතුරන් ඉදිරියේ පෙනී සිටීමටය. ඔවුන් නිතරම ඒ සඳහා “Wedding Plan” එකක් සාදා ගනී. විවාහයට දින නියමවීමත් සමඟම ඔවුන් මුලින්ම සිදුකරන්නේ තම මංගල උත්සවය පැවැත්වීමට සුදුසු ස්ථානයක් තීරණය කිරීමයි.

වර්තමානය වන විට බොහෝ මංගල උත්සව, උත්සව ශාලාවන් වල පැවැත්වීමේ නැඹුරුවක් පවතියි. එනිසා ඔවුන් තමන්ගේ සමාජ තත්ත්වයන්ට අනුකුලව සුදුසු උත්සව ශාලාවක් තෝරා ගනියි. ඔවුන් තමන්ගේ මංගල උත්සවය ආවරණය කිරීමට සුදුසු ඡායාරූප ශිල්පියා දෙවනුව තෝරා ගනියි.

උත්සවය ආවරණය කිරීම සඳහා සුදුසු වීඩියෝගතකරණ ශිල්පියකු තෝරා ගැනීම සිදුවේ. තමාගේ මංගල උත්සවයේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඡායාරූපවලට අමතරව චංචලරූප මාධ්‍යයෙන් නැරඹිය හැක්කේ වීඩියෝ පටයකින් (DVD) පමණි.

ඔබගේ මංගල දිනය ආවරණය කරන වීඩියෝ ශිල්පියා කෙබඳු කෙනෙකුදැයි ඔබ හොඳින් හඳුනාගත යුතුය. ඔබ මුලින්ම කළ යුත්තේ ඔබ තෝරාගත් “Videographer” සමඟ මංගල දිනය පිළිබඳ කථාබහ කිරීමයි. ඔහු මෙතෙක් නිර්මාණය කර ඇති වීඩියෝ දර්ශන නැරඹිය යුතුයි. එම දර්ශන වල ඇතුළත් කලාත්මක නිර්මාණ, නිර්මාණයන් පෙළ ගස්වා ඇති ආකාරය, භාවිත කර ඇති තාක්ෂණය ගැන ඔබ විමසා සෑහීමකට පත් විය හැක.

“වීඩියෝගතකරණය තාක්ෂණයේ දියුණුවත් සමග වේගවත්ව දියුණුවී පවතී. DV තාක්ෂණයේ කැමරාවලින් පසුව HDතාක්ෂණය දක්වා ද, HD තාක්ෂණය හරහා තමාගේ උත්සවය ආවරණය කර ගැනීමට වර්තමානයේ මනාල මනාලියන් පෙළඹී ඇත. HDතාක්ෂණය තුළින් වීඩියෝගත කිරීමේදී අඩු ආලෝක තත්වයන් යටතේ පවා පටිගත කිරීම් ඉතා පැහැදිළිව ලබා ගත හැකියි.

අධික විදුලි ධාරාවන් ඔස්සේ පටිගතකිරීම් වලදී මනාල යුවලට දැනෙන අපහසුව ඉන් වළකා ගැනීමට හැක. පටිගත කළ ඉතා සුපැහැදිලි දර්ශන “HD” කැමරාවලින් ලබා ගත හැකියි. මීට අමතරව “DVD” එකක් වෙනුවට “Blue Ray” තැටියක් පවා ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි ලබා දෙන්නට පුළුවන්.

මීට අමතරව වීඩියෝගතකරණ ශිල්පියා මංගල උත්සවයන් පිළිබඳ විශේෂයෙන් චාරිත්‍ර පිළිබඳ මනා අවබෝධයකින් යුත් අයෙක් විය යුතුයි. ඔහු මනාල යුවල සමඟ මෙන්ම උත්සවයට සහභාගි වන අන් අය සමගත් සුහදශීලීව කටයුතු කරන අයෙක් විය යුතුයි.

වීඩියෝ කරන ශිල්පියා තමා කරන නිර්මාණය කෙබඳු එකක් දැයි මුලින්ම හඳුනාගත යුතුය. මංගල යුවල මංගල දිනයේ සැරසී සිටින ඇඳුම් ගැන සිතා තම නිර්මාණය ඉදිරිපත් කළ යුතුය. උදාහරණයක් ලෙස කිවහොත් මනාල යුවල මංගල දිනයේ සැරසී සිටින්නේ උඩරට මනාලියක් සහ උඩරට නිලමේ ඇඳුමකින් නම් ඔහු ලබා ගන්නා විවිධ වීඩියෝදර්ශන එම ඇඳුම්වලට තිබෙන ගෞරවයට හානි නොවන සේ ලබාගත යුතු වෙනවා. එමෙන්ම වීඩියෝ කරණ ශිල්පියා සැම විටම ස්වභාවික හැසිරීම් රටා තම නිර්මාණයට ඇතුළත් කිරීමට උත්සහගත යුතුය.

මීට අමතරව උත්සවය පුරා මනාල යුවලත් සමඟ සුහද කථාබහ තුළින් උත්සවයේ මීළඟ අංගය කුමක්දැයි විමසා බලා නැකැත් වේලාවන් පිළිබඳ අවබෝධයකින් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා.

අවසාන වශයෙන් වීඩියෝගතකරණ ශිල්පියා මනාළ යුවල බලාපොරොත්තුවන කලට වේලාවට අවසාන වීඩියෝ නිර්මාණය ලබාදීමට වග බලාගැනීමට කටයුතු කළ යුතුය.

උපදෙස් : සම්පත් කුලරත්න.
සම්පත් වීඩියෝ ක්‍රියේෂන්ස් , වාද්දුව 

12307 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 08:23
මේ යටතේ එන අනෙකුත් ලිපි: වෙඩින් වීඩියෝ දැනගෙන කරමු »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න