තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 08, අඟහරුවාදා 13:56

මංගල ගමනට කේක් එකක හැඩ විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
සොඳුරු විවාහයක පැතුම් හද උතුරා ගලද්දී මල් මංගල්ලෙට සූදානම් වෙනවා. ලස්සන මනමාලියක්, ලස්සන පෝරුවක්, ලස්සන මල් සැරසිලි, ලස්සන උත්සවයක්........... හිතන්න ජාති ගොඩයි.

 

ඒ අතරට ලස්සන කේක් එකකුත් එනවා. ම්..... මොනවගේ කේක් එකක් ද ගැළපෙන්නේ? මොන විදිහට ද කේක් එක සැලසුම් කරන්නේ? වර්ණ කොයි විදිහට ගැළපිලා තියෙන්න ඕනෙද? මෙහෙම හිතන හුඟ දෙනෙක් ලස්සන කේක් එකක් තෝරාගන්න විවිධ සඟරා පෙරළනවා. අන්තර්ජාලයේ සැරිසරනවා. කාන්තා පත්තර පිටු අතර දවස ගෙවනවා. ඒත් අපේ ආදරණීය තරුණී පාඨකයන්ට නම් ඒ සඳහා මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ අපි ඔබේ සිතැඟියාවන්ටම ගැළපෙන ලස්සනම ලස්සන වෙඩිං කේක් නිර්මාණ පිළිබඳ නිරන්තර ඔබව දැනුවත් කරන නිසයි.

බලන්කෝ, මේ කේක් නිර්මාණ පෙළ දෙස. එකකට එකක් වෙනස් මේ නිර්මාණ මේ දිනවල වැඩි ඉල්ලුමක් සහිත නැවුම් මෝස්තරයි. මෙම කේක් නිර්මාණවල තට්ටු ප්‍රමාණය ඔබට අවශ්‍ය ලෙස අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය ලෙස වර්ණ ගළපා ගන්නත් පුළුවන්. රන්වන් පැහැයෙන් ඇති නිර්මාණය ලාම්පුවක හැඩයටයි සකසා තිබෙන්නේ. මෙහි දැක්වෙන ලෙස විවිධ මල් භාවිත කළ හැකියි. එහිදී මල්වල වර්ණ ඔබේ තේමාවට අනුව ගළපාගන්න. සොබා දහමට සමීප වීමට මෙහි දැක්වෙන ලෙස මල් අතරට කොළ ඉති එක්කර ගන්නත් පුළුවන්. කේක් එකේ පසුබිම අයිසිං කරනවා වෙනුවට පින්තාරු මෝස්තරයකින් හැඩකර ගන්නටත් හැකියි. එහෙනම් මේ කේක් නිර්මාණ අතර ඔබ සොයන මෝස්තරයත් තිබේ දැයි බලන්න. නැත්නම් මේ මෝස්තරවලට ඔබේ සිත ඇදී ගියා ද?

 

1928 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 08, අඟහරුවාදා 13:58
මේ යටතේ එන අනෙකුත් ලිපි: « මල් මංගල්ලෙට නේක්ඩ් කේක්
අදහස් එක් කිරීමට ලොග් වෙන්න